ජන්ග්කුක් එකපාරම ඇස් ඇරියෙ වේගෙන්..කොල්ලා වටපිට බැලුවා..
සුදුපාට ලෝකයක්..හරියට වළාකුළු උඩ ඉන්නවා වගේ..ඒත් තනියම..
ජන්ග්කුක් ඔළුව හරව හරව බැලුවෙ කොල්ලා ඉන්නෙ කොහෙද කියලා හිතාගන්න බැරුව..
ජන්ග්කුක් ඉස්සරහට අඩිය තිබ්බා..කොල්ලාට දැනුනෙ ලොකු සැහැල්ලුවක්..
ඒත්..
කොල්ලා ඉස්සරහට තිබ්බ අඩිය හිටි තැනම නතර වුණේ කොල්ලාගෙ ඇස් ඉස්සරහම හිටිය කෙනා දැකලා..
"යේ..යේබිනා.."ජන්ග්කුක් කෙල්ල දිහා බලාගෙන හිටියෙ ඇස්වල කඳුළු පිරෙද්දි..
යේබින් හිටියා..කොල්ලාගෙ ඇස් ඉස්සරහම..පුංචි කෙල්ලෙක්ව අතින් වඩාගෙන..දෙන්නම සුදුපාට ගවුම් ඇඳලා..කොණ්ඩෙට සුදුපාට රෝස මල් රඳවලා..හරියට සුරංගනාවියො දෙන්නෙක් වගේ..
"ගොඩක් කාලෙකින් ජන්ග්කුක්.."යේබින් කියද්දි ජන්ග්කුක් යේබින්වයි කෙල්ලගෙ අතේ හිටිය පොඩි කෙල්ලවයි දෙන්නවම එකපාර පැනලා බදාගත්තෙ ඉකිගහන ගමන්..
"අනේ..යේබිනා..කොහෙද රත්තරනේ මාව දාලා ගියෙ??ආ..මාව පිස්සෙක් කරලා කොහෙද ඔයා යන්න ගියෙ??"ජන්ග්කුක් කියවගෙන ගියෙ නවත්තන්නෙම නැතුව..යේබින් මුකුත් නොකියා කොල්ලාට සවන් දුන්නා..
"මම පණ පිටින්ම මැරුණා යේබිනා..මැරි මැරී ජීවත් වුණා..ඒ තරම් වේදනාවක්..මට වචනයෙන් කියාගන්න බෑ යේබිනා.."
"මම දන්නවා ජන්ග්කුක්..මට තේරෙනවා.."ගොඩ වෙලාවකට පස්සෙ ජන්ග්කුක්ගෙ වේදනාවට සවන් දුන්නට පස්සෙ යේබින් කතා කළා..
ජන්ග්කුක් කෙල්ලව බදාගෙනමයි..පොඩ්ඩක්වත් ලිහිල් කළේ නෑ..කොල්ලා සෑහෙන කාලෙකින් ලැබුණ ඒ ආදරයට වහ වැටිලා වගෙයි හිටියෙ..
"මේ..මේ අපේ පැටියද යේබිනා??අපේ දරුවද??"ජන්ග්කුක් ඇහුවෙ යේබින්ගෙ අතේ හිටිය පොඩි කෙල්ලගෙ කම්මුල් අතගාන ගමන්..
"ඔව් ජන්ග්කුක්..මේ ඔයාගෙ පුංචි මල..ජන්ග්බින්.."ජන්ග්කුක් පොඩි කෙල්ලව වඩාගෙන වටයක් කැරකෙව්වෙ මුළු ලෝකෙම ලැබුණා වගේ..
යේබින් සන්සුන්ව දරුවව අතේ තියාගෙන හුරතල් කරන ජන්ග්කුක් දිහා බලාගෙන හිටියා..කෙල්ලගෙ දෙතොල් දෙපසට ඇදුණෙ පොඩි හිනාවකට..
යේබින් අඩියෙන් අඩිය ජන්ග්කුක් ගාවට ඇවිත් කොල්ලාගෙ කම්මුල් දෙකෙන් අල්ලගත්තා..
"ආයෙත් යන්න ජන්ග්කුක්.."කෙල්ල කිව්වෙ නිවුණ හඬකින්..
යේබින්ගෙ තොල් අතරින් පිටවුණ වචන එක්ක ජන්ග්කුක්ගෙ මූණෙ තිබ්බ හිනාව..ඒ සතුට..නැත්තටම නැතිවුණා..
"මොක්කද??බෑ යේබිනා..බෑ..මං ආයෙත් ඔය දෙන්නව දාලා කෙහොවත් යන්නෙ නෑ..ඔයාලා එක්කමයි ඉන්නෙ මම.."ජන්ග්කුක් කෙල්ලගෙ අතින් අල්ලගන්නකොට කෙල්ල ජන්ග්කුක්ගෙ ඇස්වලින් වැටුණ කඳුළු පිහිදැම්මා..
"කාටත් වඩා මටයි දුවටයි ඔයාව ඕනෙ ජන්ග්කුක්..ඒත්..ඔයා වෙනුවෙන් ශරීරයත් දීපු ජිමින් ඔප්පට මොකද වෙන්නෙ එතකොට??"
"හි..හියොන්??"
"ඒ කැපකිරීම අපතේ යවන්න ඔයාට අයිතියක් නෑ..ඒ නිසා..ආයෙත් යන්න.."
"යේබිනා.."
කෙල්ල ජන්ග්කුක්ගෙ අතේ හිටිය පොඩි පැටියව අරගෙන ඇඟිලි තුඩු වලින් ඉස්සිලා කොල්ලාගෙ නළලට හාදුවක් දුන්නා..යේබින් කෙල්ලගෙ අත තිබ්බෙ ජන්ග්කුක්ගෙ ගැස්මින් තොර වුණ හදවත උඩින්..
"මමයි ඔයාගෙ දුවයි දෙන්නම ජීවත් වෙන්නෙ මෙතන ජන්ග්කුක්..ඔයාගෙ හදවතේ..ඔයා..අපිව ජීවත් කරවන්න..මෙතනම..එතකොට අපි හැමදාම ඔයා එක්ක ඉන්නවා.."
යේබින් ආදරණීය කටහඬකින් කියද්දි ජන්ග්කුක් කෙල්ල දිහාම බලාගෙන හිටියා..
"යේබිනා..ඉන්න.."
"සරන්ග්හේ ජන්ග්කුක්..මමයි ජන්ග්බිනයි මුළු ලෝකෙටම වඩා ඔයාට ආදරෙයි.."
ජන්ග්කුක් අන්තිමට දැක්කෙ..යේබින්ගෙ ලස්සන ඇස්වල..ජන්ග්කුක් නමින්ම ඉපදිලා තිබ්බ ආදරේ මහිමය..
____________
පේන ලෝකයයි නොපෙනෙන ලෝකයයි එකට සම්බන්ධ කරලා ලියන එක මට පුරුද්දට ගිහින් වගේ..😬😬
YOU ARE READING
Hyung | PJM x JJK | Completed
Fanfiction"අනේ මට මැරෙන්න දෙන්න හියොන්..මට බෑ ජීවත් වෙන්න.." "මේ හියොන් උඹට මැරෙන්න දෙන්නෙ කොහොමද කියපන් ජන්ග්කුක්??"