Chapter 5

567 185 9
                                    


"ජන්ග්කුක්..ජන්ග්කුකා...උඹ කොහෙද??"ජිමින් මුළු ගේ පුරාම ජන්ග්කුක්ව හොය හොය ඇවිද්දා..ඒත් නිහඬ බවින් පිරුණ ගෙදර කිසිම ප්‍රතිචාරයක් දුන්නෙ නෑ..

ජන්ග්කුක්ගෙ කාමරේ බැලුවත් කාමරේ පුරා පිරිලා තිබ්බ බියර් කෑන් ඇරෙන්න වෙන දෙයක් තිබුණෙම නැති තරම්..

ජිමින් ‌පාළුවෙන් ඉතිරිලා තියෙන ගෙදර හැමතැනම ඇවිද්දා..

අන්තිමට කොල්ලා නතර වුණේ..

බාගෙට ඇරලා දාපු කාමරේක දොරක් ඉස්සරහා..ඒකත් වියළි කැස්සකින් දීපු පොඩි ඉඟියක් නිසා..

ජිමින් වේදනාකාරී විදිහට බර සුසුමක් හෙලුවෙ ඒ කාමරය ජන්ග්කුක්ව ගිනි තියලා දානවා කියලා කොල්ලා දන්න නිසා..

ජිමින් හිමීට කාමරේ ඇතුළට ගියා..

කොල්ලා දැක්කෙ බිත්තියට පිට හේත්තු කරගෙන බිම වාඩිවෙලා කාමරේ දිහා හිස් බැල්මෙන් බලාගෙන ඉන්න ජන්ග්කුක්ව..ජිමින් සද්ද නැතුවම ගිහින් ජන්ග්කුක් ගාවින් වාඩි වුණා..

කොල්ලා ඔළුව උස්සලා බැලුවෙ කාමරේ දිහා..රෝස පාට ගාපු කාමරේ තැනින් තැන සැරසිලි එල්ලලා ජිමින්,ජන්ග්කුක්,යේබින් තුන්දෙනාම නිර්මාණය කරේ අලුත් සාමාජිකයා වෙනුවෙන්..ඒත් ඒ හැමදේම අද මතකයක් විතරක්ම වෙලා..

නිහඬයි..

ජන්ග්කුක් ජිමින් දෙන්නමත්..ජන්ග්කුක්ගෙ හිතත් නිහඬයි..

"ඔයා හදන්නෙ මේ කාලකණ්ණියා නිසා ඔයාගෙත් ජීවිතේ විනාස කරගන්නද හියොන්?"අන්තිමට ජන්ග්කුක් යන්තමට නිහඬබව බින්දා..

"මොනාද ජන්ග්කුක් මේ කියවන්නෙ උඹ??"ජිමින් කොල්ලගෙ කර වටේ අතක් දැම්මා..

ජන්ග්කුක් කට කොනකින් හිනාවුණේ තමන්ටම අපහාස කරගන්න විලාසයෙන්..

"ඔයාට එහෙම නෑ කියන්න බෑනෙ හියොන්..වයිෆුයි..දරුවයි දෙන්නම නැති වුණ මම කාලකණ්ණියෙක් නොවෙන්නෙ කොහොමද..??"ජන්ග්කුක් කැඩෙන කටහඬකින් කියද්දි ජිමින් කොල්ලව තුරුළු කරගත්තෙ ඒකට උත්තර නොදී..

ජිමින්ට දෙන්න උත්තරයක් තිබුණෙ නෑ..කොල්ලා මොන උත්තරයක් දුන්නත් ජන්ග්කුක් ඒක පිළිගන්නෙ නැතිබව කොල්ලා දැනගෙන හිටියා..සමහර විට ඒකෙන් තවත් ජන්ග්කුක්ගෙ හිත බිඳෙන්න පුළුවන් කියලා ‌ජිමින් තේරුම් ගත්තා..

ඒ වුණත් ජිමින් ඕනෙ වුණේ ජන්ග්කුක්ව ආයෙත් හිටපු තත්වෙට ගේන්න..

බැරි බව දැන දැනම ජිමින් උත්සහා කළේ ඒ නිසා වෙන්න ඇති..

ඒත් මේ වෙද්දිත් ජන්ග්කුක් තමන්ටම රිද්දගැනීමේ ප්‍රතිඵලයක් විදිහට කොල්ලා කෙමෙන් කෙමෙන් තමන් තුළින්ම මිය යමින් ඉන්න බව ජිමින්ට තේරුම් ගියෙ නෑ..

Hyung | PJM x JJK | CompletedWhere stories live. Discover now