✰ 𝐏𝐚𝐫𝐭 31 ✰

112 24 6
                                    

✯✯✯✯  𝐃𝐫𝐞𝐞𝐦 𝐏𝐫𝐢𝐧𝐜𝐞𝐬𝐬 ✯✯✯✯

   🥀සිහින කුමරිය  සොයා  යන ආදර ගමන...........🥀

☆☆✩ තිස්එක්  වෙනි දිගහැරුම ☆☆☆

....................................................................................

Past  Three  Months....🗓️
.
.
.
.
.

....................................................................................... 

.
.
.
.
Roha....................❤️

කාලය හරි  වේගයෙන්  ගෙවිලා  ගියා. මාස තුනක්.  සති  තුනක් වගේ  දැනෙන්නේ.  ඒ  තරම්  වේගෙන්  මේ කාලේ  ගෙවිලා.  වාද විදාර , රණ්ඩු ,ආදරය, සෙනෙහස මැදින්  මේ කාලය  හරි  ලස්සන  මතක  ගොඩක්  එක්ක  හරි  ඉක්මනට  ගෙවිලා ගිහින්.අපේ  බැදීම  තව  තවත්  ශක්තිමත්  වෙලා.   එක්කෙනෙක්ට  එක්කෙනෙක්  නැතුවම  බැරි තරම්.  ඒ  තරම්   අපි  ළං වෙලා.  එකම  පවුලක් වෙලා  ඔප්පලා  උන්නිලා.  සෝහාම්  කුකී  මේ  හැමෝම  එක්ක   ආදරණික  මතක  ගොඩක්. මන්  දැනුයි  ජීවිතේ  විදින්නේ. ඒත් මගේ  හැම  ප්‍රශ්නයකටම  තවම  උත්තර ලැබුනේ නෑ. ඒ හැමදේම  ඉක්මනට  විසදගෙන , හිතේ  සතුටුන්   හැමෝම  එක්ක කාලය  ගත කරන්නයි මට  හැමදාම  ඕනී උනේ.

මගේ   ජීවිතේ  ඔප්පට  පස්සේ  වැඩියෙන්ම  ළං උනේ  මගේ  පණටික. ටේ  ඔප්පා. මාව  තේරුම් ගන්න පුලුවන්  එකම  කෙනා.  මගේ  හැමදේම  දන්න කෙනා , මගේ මුලු ලෝකෙම . ජිවිතේට  සතුට ගෙනාපු  සුරදූතයා . දුකෙන්  ඉන්න  හැම  මොහොතකම  ඒ  උනුහුමට  තුරුලු  කරන් මාව  සනසන්න  පුලුවන්  උන  එකම කෙනා. මගේ   මුලු  ලෝකයම  වෙල.  හීනෙකින්වත්  ප්‍රාර්ථනා   නොකරපු    ආදරේ. හීනාක් නොවී  සැබෑවුනු සැබෑ  ආදරේ.  අද වෙද්දී  අපි  දුර  හමනක්  යන්න   පටන්  අරන් . එයා මගේ  හයිය වෙලා. අපේ  ගමනේ  බාදක  ඇති  ඒ  හැමදේම  මගහැරන්  ඉස්සරහට  යන්න  අපි  අපිට  පොරොන්දු  උනා.   කාලයත්  එක්ක  ඒ  ගමන්  අපේ  පාරේ යන්න  අපට  පුලුවන්  උනා.

ඒ  වගේම ටේ  ඔප්පාට  කලින්  මට හම්බුන මගේ  ලෝකේ . මගේ  ජිවිතේ  ,මගේ  හැමදේම , අද  මන් ජීවත්  වෙලා  ඉන්නවනම්  ඒ  එයා නිසා.  ඒ  ආදරේ නිසා.  මගේ  ඔප්පා.   ඒත් මට තවමත්  මන්  හොයන  මගේම  ඔප්පා,  එයාගෙන්  හම්බුනේ නෑ.  එයා ඇයි  එයාවම මගේන්  හංගන්නේ. ඇයි  එහෙම  කරන්නේ . හේතුව  ඒත් මන්  දන්නේ නෑ.  ටේ  ඔප්පා  කියන  විදිහටනම්  ඒ මගේ  හොදටලු.  මොකද්ද මට   තියෙන  හොදේ. මේ  දේවල් නිසා මාව රිද්දනවා මට ගොඩක්  රිදෙනවා.  තවත් නම් බෑ....🥺

✯✯✯....𝐃𝐫𝐞𝐚𝐦  𝐏𝐫𝐢𝐧𝐜𝐞𝐬𝐬....✯✯✯[ Completed ]Where stories live. Discover now