'ආදරෙයි ආදරෙයි කිය කිය පොඩි එකෙක් වගේ ඔයාගෙ පස්සෙන් එන්න මට වෙලාවක් නෑ....... .......ටිකක් හරි නිදහසේ ඉන්න හදපුවාම ඔයත් මෙතන විකාර කියවන්න ගන්නවා....... ........කියන කියන වෙලාවට තමුන්ව හුරතල් කරන්න මට වෙලාවක් නෑ........ .......මටත් වැඩ තියෙනවා.......'
"අ-අනී... ඔප්පා.... එහෙම කියන්න.... එ-පා.... ඔ-ඔප්පා.... චේ-බල්... සරං-හේ.... ම්ම්හ්... "
ඔලුවෙන් දැනුන දරාගන්න බැරි වේදනාවත් එක්ක සේමි හෙමීට ඇස් ඇරියත් අවට තිබුන අඳුර නිසා වටපිටාවට ඇස් දෙක හුරු කරගන්න සේමිට ටිකක් වෙලා ගියා.
තමන් ඉන්නෙ ගෙදර නෙවෙයි කියලා තේරුන කෙල්ලට කලින් දවසේ සිද්ධ වුන දේවල් මතක් කරගන්න තවත් ටිකක් වෙලා ගියා.'කොහෙද මේ...?' ඉන්නෙ කොහෙද කියලා දැනගන්න සේමි වටේටම ඇස් යැවුවත් තමන් ඉන්න තැනට ටිකක් නුදුරින් තිබුන මලානික එලියක් විහිදවපු බල්බ් එකකුත් තමන්ගෙ වටේට හිටපු හැඩි දැඩි පිරිමි තුන් දෙනෙකුත් බිමින් තිබුණ ලී පොළොවත් ඇරෙන්න කෙල්ලට දැකගන්න පුළුවන් වුනේ වටේටම තිබුණ අන්ධකාරය විතරයි.
'පේන විදිහට.... Basement එකක් වගේ...'
"ආහ්..."
"උඹට මම කිව්වේ ඌව ඉවරයක් කරලා දාලා එන්න කියලා මිසක් පාර මැද්දෙ මැරෙන්න දාලා එන්න කියලා නෙවෙයි. තොපිට මං ගෙවන්නෙ මෙහෙම බාගෙට වැඩ කරන්නද යකෝ.... ගහපන් මුට.."
"ආ-හ්... චේ-බ-ල්... ජොසො-හම්-නි-දා... ආහ්..."
අඳුර තුලින් මුලු බේස්මන්ට් එක පුරාම පැතිරුණු මේ හඬවල් නිසා කෙල්ල ටිකක් කලබල වෙලා තමන්ව වාඩි කරවලා තිබුණ පුටුවෙන් නැගිටින්න හැදුවත් එවෙලෙයි සේමිට තේරුනේ තමන්ව පුටුවට තියලා ගැටගහලයි තියෙන්නෙ කියලා.
YOU ARE READING
𝓔𝓜𝓟𝓣𝓨 ||Sinhala Fanfiction
Fanfictionමෙතන ගැහෙන එක නතර වුනාම වත් ඔයා මට ආදරේ කරයිද ඔප්පා? ඔයා අඬයිද එදාට.....? මට අතුරුදහන් වෙන්න ඕන... මේ හැම දේකින්ම.... එතකොටවත් ඔයාට මාව ඕන වෙයිද....? 🥀🍂