Chapter 6

140 28 11
                                    

"අරස්සෝ... අරස්සෝ.... කියන්නම්. මුලින්ම මාව අතාරිනවා."

නම්ජුන් එහෙම කියනවත් එක්කම සේමි තමන්ගෙ අත් ජූන්ගෙ කොලර් වලින් ලිහිල් කරද්දි කොල්ලත් කෙල්ලගෙ අත් ගසලා දාලා තමන්ගෙ පොඩි වුන ඇඳුමත් හද හද ඇඳ ලඟම තිබුන couch එකෙන් වාඩි වුනේ සේමිත් කොල්ලව අනුකරණය කරමින් ඇඳෙන් වාඩිවෙද්දි.

"මුලින්ම ඔය බෙහෙත් ටික බීලා ඉන්නවා....." නම්ජුන් කියද්දි මේ වතාවෙ නම් සේමි කිසිම විරුද්ධත්වයක් නැතුව සන්සුන්ව සයිඩ් ටේබල් එක උඩ තිබුන කොල්ලා පෙන්නපු බෙහෙත් ටික අරන් බිවුවා.

සේමිගෙ මේ අමුතු හැසිරීම නිසා මුලින්ම කොල්ලා ව්‍යාකූල වුනත් ජූන් දැනගෙන හිටියා මේ වෙලාවෙ කරන්න ඕන මොනවද එපා මොනවද කියලා.... හේතුව මොකක්ද කියලා නොදන්නවා වුනත් කොල්ලට තේරුම් ගන්න පුළුවන් වුණා ඒ වෙලාවෙ කෙල්ල හිටපු තත්වෙ. නම්ජුන් වෙනුවට මෙතන වෙන කෙනෙක් හිටියනම් හෝ ඒ වෙලාවේ කරන්නෙ මොනවද කියලා කොල්ලා නොදැන හිටිය නම් තත්වය මීට වඩා දරුණු වෙන්න පුළුවන් බවත් ජූන් දැනගෙන හිටියා.

අන්තිම බෙහෙත් පෙත්තත් උගුරට දාගෙන වතුර උගුරක් බීපු කෙල්ල ජූන් දිහා බලාගෙනම අතේ තිබුණ වතුර වීදුරුව සයිඩ් ටේබල් එක උඩින් තිබ්බා.

"ඊයෙ රෑ මං බේස්මන්ට් එකට එනකොට තමුසෙ බිම වැටිලා හිටියා සිහිය නැතුව. මං හිතුවෙ තමුසෙ suicide කරන්න ට්‍රයි කරලා කියලා...."

ඔව්..... ඇත්තටම ඒ වෙලාවේ නම්ජුන්ට හිතුනෙ සේමි තමන්ගෙ ජීවිතේ නැති කරගන්න උත්සාහ කරපු නිසා සිහි නැතිව වැටිලා ඉන්නවා කියලා. තමන් හිර කරලා තිබුන ගොඩක් මිනිස්සු කොල්ලගෙ වද හිංසා දරාගන්න බැරුව කිහිපවතාවක්ම මේ විදිහට ජීවිත නැති කරගෙන තිබුන නිසා ජූන් හිතුවෙ කෙල්ලත් ඒ තීරණේම අරන් කියලා. ඊට අමතරව සේමි හැමවෙලේම කියපු දෙයක් තමයි තමන්ව මරලා දාන්න කියලා...... කෙල්ලට ඕනි වුනේ ජීවත් වෙනවා වෙනුවට නම්ජුන් අතින් මැරෙන්න..... මේ හේතු නිසා කොල්ලගෙ ඔලුවට ආපු මුල්ම දේ තමයි සේමි suicide කරගන්න ට්‍රයි කරන්න ඇතියි කියන දේ.

"ඒ වෙලාවෙයි මං තමුසෙවත් අරගෙන උඩට එන ගමන් ඩොක්ටට කතා කලේ."  නම්ජුන් කියලා ඉවර වෙනවත් එක්කම ඇහිබැමකුත් උස්සලා සේමි කොල්ලා දිහා බැලුවේ තමන් අහපු ප්‍රශ්නෙට උත්තරේ මේක නොවන නිසා.

𝓔𝓜𝓟𝓣𝓨 ||Sinhala FanfictionWhere stories live. Discover now