බේස්මන්ට් එකේ බිම මුල්ලක නින්ද ගිහින් හිටපු සේමි ඇහැරුනේ තමන් ලඟින්ම ඇහුන අඩි සද්දෙකට. කෙල්ල හෙමින් හෙමින් නැගිටිනකොට සේමිගෙ ඉස්සරහින් ඇවිත් හිටගත්තෙ වෙන කවුරුත් නෙවෙයි නම්ජුන්.
කෙල්ලගෙ උඩ ඉඳන් පහලටම ඇස් යවපු නම්ජුන්ගෙ මූනෙ ඇඳුනෙ සමච්චල් සහගත හිනාවක්.
"එහෙනම් තමුන් මං දීපු තෑගි වලට කැමතියි." තමන් එවපු ඇඳුම් සේමි ඇඳගෙන ඉන්න විදිහත් හිස් වෙලා තිබුන ප්ලේට් එකත් වතුර බෝතලෙත් දැකපු කොල්ලා කෙල්ලගෙ මූනට එබෙන ගමන් කියද්දි සේමි කලේ මොකුත් නොකියා ජූන්ටත් රවාගෙනම අහක බලාගත්ත එක.
ආයෙත් පාරක් සමච්චලේට හිනාවුන කොල්ලා ඊලඟට කලේ කෙල්ලගෙ කම්මුල් තමන්ගෙ අතකින් තද කරලා අල්ලගෙන බලෙන්ම සේමිගෙ මූන තමන්ගෙ පැත්තට හරවගත්ත එක.
"ඉතින් සේමි ශී.... අහන්නෙ නැද්ද මං තමුන්ගෙ නම්ජාච්න්ගුට යවපු තෑග්ග ගැන? ඌ ඒකට කැමති වුනාද නැද්ද කියලා දැනගන්න ඕන නැද්ද.....? ම්ම්....?" සේමිගෙ තොල් වල රස බලන අරමුණින් ජූන් කෙල්ලගෙ මූනට ලංවුනත් කෙල්ල තමන්ගෙ නිදහස් වෙලා තියෙන අත් වලින් නම්ජුන්ව තල්ලු කරද්දි කොල්ලගෙ ඉවසීමේ සීමාව පැන්නුවා.
"උඹ...... මට අත තියන්න....?" ඊළඟ මොහොතේ වේගෙන් ආපු නම්ජුන්ගෙ අතක් සේමිගෙ කම්මුලක වැදුනෙ ඒ පාරෙ සැරටම කෙල්ල බිමට වැටෙද්දි.
ඉක්මන් අඩි වලින් සේමි ලඟට ආපු නම්ජුන් ආවේගෙන් කෙල්ලගෙ බෙල්ලෙන් අල්ලලා නැගිට්ටෙව්වෙ කෙල්ල ජූන්ගෙන් ගැලවෙන්න දඟලන අතරෙ.
"නම්ජුනා....." ඒත් එකපාරටම අඳුර අතරින් ඇහුන කටහඬක් නිසා කොල්ලා නැවතුනා.
YOU ARE READING
𝓔𝓜𝓟𝓣𝓨 ||Sinhala Fanfiction
Fanfictionමෙතන ගැහෙන එක නතර වුනාම වත් ඔයා මට ආදරේ කරයිද ඔප්පා? ඔයා අඬයිද එදාට.....? මට අතුරුදහන් වෙන්න ඕන... මේ හැම දේකින්ම.... එතකොටවත් ඔයාට මාව ඕන වෙයිද....? 🥀🍂