Chapter 7

117 29 10
                                    

ගිය සැනින්ම අතේ shopping බෑග් එකකුත් අරගෙන ආපහු රූම් එකට ආපු ජූන් තමන් ගෙනාපු බෑග් එක සේමිගෙ පැත්තට දික් කරද්දි කෙල්ල ප්‍රශ්නාර්ථයකුත් මූනෙ රඳවගෙන කොල්ලා දිහා බැලුවේ කිසි දෙයක් තේරුම් ගන්න බැරුව.

"මේක ගන්නවා....."  කෙල්ලගෙ බැල්මට ඒ විදිහට උත්තර දුන්න නම්ජුන් බලෙන්ම බෑග් එක සේමිගෙ අත් අතරෙ රැඳෙව්වා.

ලොකු වුන ඇස් වලින් තමන් අතේ තියෙන බෑග් එක දිහා බලපු කෙල්ල ආයෙත් කොල්ලා දිහා බැලුවේ හරියට ඒ වෙලාවේ ජූන් තමන්ගෙ හිත කියවලා එතනට ආවා වගේ. මොකද කොල්ලා ගෙනාපු බෑග් එකේ තිබුනේ වෙන මොනවත් නෙවෙයි ඇඳුම් වගයක්

"වේ? මං හරිම වෙලාවට නේද ආවෙ? ගිහින් ඕක ඇඳගන්නවා..." සුපුරුදු සමච්චල් සහගත හිනාවත් එක්ක කොල්ලා සේමිගෙ මූනට එබිලා කියද්දි කෙල්ල ජූන් දීපු බෑග් එකත් අරගෙන එක පිම්මට බාත්රූම් එක ඇතුලට රිංග ගත්තා.

තවත් විනාඩි කිහිපයකින් සේමි  බාත්රූම් එකෙන් එළියට ආවේ ජූන් දුන්න ඇඳුමුත් ඇඳගෙන. දිග ට්‍රව්සර් එකකට කලු ටී ශර්ට් එකක් ඇඳලා තාමත් වතුර බේරෙන කොන්ඩෙ කඩලා දාලා හිටපු කෙල්ල හෙමින් සැරේ ඇවිත් තමන් අතේ තිබුණ බෑග් එක closet එකට දාලා වහද්දි මෙච්චර වෙලා සේමිට පිටුපාලා බැල්කනි එකත් රූම් එකත් වෙන් කරන වීදුරු දොර ඉස්සරහා හිටගෙන හිටපු ජූන් මේ පාරනම් කෙල්ල දිහා හැරිලා බැලුවේ කිසිම හැඟීමක් නැතුව.

"මේක කාලා බෙහෙත් ටික බොනවා. තමුසෙ වේල් දෙකක්ම බෙහෙත් බීලා නෑ." සයිඩ් ටේබල් එක උඩ තිබුන කෑම එකත් බෙහෙත් ටිකත් ඇස් වලින් පෙන්නන ගමන් නම්ජුන් කියද්දි සේමිත් ඒ දිහා බලලා ඉක්මනට ඇවිත් කෑම එකත් අරගෙන ඇඳෙන් වාඩි වුනේ මේ වෙද්දි කෙල්ලටත් හොඳටම බඩගිනි දැනිලා තිබුන නිසා.

ඉක්මනට කෑම එක කාලා ඉවර කරපු සේමි ඊලඟට බැලුවෙ තමන්ට බොන්න ඉතුරු වෙලා තියෙන බෙහෙත් පෙති ටික දිහා. හැබැයි ඒ සතුටුදායක බැල්මක් නම් නෙවෙයි. අකමැත්තෙන් වුනත් කෙල්ල බෙහෙත් පෙති ටික අරන් උගුරට දාගෙන ලොකු වතුර උගුරක් බිව්වා වුනත් අවාසනාවකට වගේ එක බෙහෙත් පෙත්තක් කෙල්ලගෙ කටේ ඉතුරු වුනේ සේමිගෙ මූනම අප්පිරියාවෙන් ඇකිලෙද්දි.

𝓔𝓜𝓟𝓣𝓨 ||Sinhala FanfictionWhere stories live. Discover now