හැටට හැටේ hallway එක දිගේ ඈතට ඇදිලා යන නම්ජුන්ගෙ රූපෙ දිහා මොහොතක් බලාගෙන හිටපු කෙල්ල ඊලඟ මොහොතෙ කොල්ලා පස්සෙන් දුවන්න ගත්තෙ තවත් ඒ රූම් එක ඇතුලට වෙලා ඉන්න කම්මැලිකමට. ඉක්මන් අඩි වලින් ජූන්ට කිට්ටු කරලා කොල්ලගෙ පස්සෙන්ම living room එකට එනකල් ආපු සේමි ඊලඟට ඇතුල් වුනේ living room එකත් එක්කම දකුණු පැත්තෙන් තියෙන පුස්තකාල කාමරයකට.
බිත්ති වලටම සවි කරපු පොත් වලින් පිරුණ උස පොත් රාක්කත් මුලු කාමරයම ආලෝකමත් කරමින් සිවිලිමේ එල්ලෙමින් තිබුණ විශාල විසිතුරු පහනත් පොත් කියවන්න වෙන් කරලා තිබුන සෝෆා එකත් සමන්විත නම්ජුන්ගෙ library room එකට කෙල්ල ඇතුල් වුනේ පුදුමෙන් library එක වටේටම ඇස් යව යවා බලන ගමන්මයි.
"ගිහින් කැමති පොතක් තෝරගන්නවා..." කෙල්ලට ඉස්සරහින් හිටපු නම්ජුන් කිව්වෙ කාමරය කොනක තිබුන සෝෆා එකෙන් වාඩි වෙන ගමන්.
ජූන්ගෙ අවසරයෙන් මුලු රූම් එක පුරාම ඇවිද ඇවිද රාක්ක වල පොත් ඇද ඇද පැය භාගෙකටත් වැඩි කාලයක් පොත් තෝරපු සේමි අන්තිමට කොල්ලා වාඩි වෙලා හිටපු සෝෆා එක ලඟට ආවෙ එක පොතක් වෙනුවට පොත් තොගයක්ම උස්සගෙන. ගෙනාපු පොත් ටික සෝෆා එක ඉස්සරහා තියෙන coffee table එක උඩින් තියන ගමන් උඩින්ම තිබුන පොත අරන් සෝෆා එක උඩින් කෙල්ල වාඩි වෙද්දි ජූන් කලේ කෙල්ල ගෙනාපු පොත් එකින් එක අතට අරන් බලපු එක.
"Fictions......" කොල්ලා උපහාසාත්මකව කියද්දි සේමිනම් කොල්ලගෙ වචන සතේකට වත් ගනන් නොගෙන තමන් ගත්ත පොත කියවන්න ගත්තා.
"යූන් සේමි...." කියවන්න අරන් මහලොකු වෙලාවක් ගතවෙලා නොතිබුනත් මේ වෙනකොටත් කතාව ඇතුලට මුල් බැහැගෙනම පොත කියවමින් හිටපු කෙල්ල ගැස්සුනේ තමන්ගෙ පිටිපස්සෙන් ඇහුන ටේ හ්යොංගෙ කටහඬට.
"මෙතන මොකක්ද කරන්නේ....? හ්යොං... ඇයි මෙයාව මෙහෙට ගෙනාවෙ....? " සේමි දිහාත් නම්ජුන් දිහාත් මාරුවෙන් මාරුවට බලන ගමන් ටේ ඇහුවෙ තමන්ගෙ සහෝදරයා වුනත් මේ වෙලාවේ ජූන්ව විශ්වාස කරන්න අමාරු නිසා.
"පේන්නෙ නැද්ද...? මෙයා පොතක් කියවනවා.... වෙන මොකටවත් නෙවෙයි මෙතනට ගෙනාවෙ. ඕකටම තමයි...." ඇඟට පතට නොදැනී ටේට උත්තර දුන්න ජුන් සෝෆා එකෙන් නැගිටලා සේමි ඉස්සරහින් හිටගත්තෙ කෙල්ල දිහා බලන ගමන්.
YOU ARE READING
𝓔𝓜𝓟𝓣𝓨 ||Sinhala Fanfiction
Fanfictionමෙතන ගැහෙන එක නතර වුනාම වත් ඔයා මට ආදරේ කරයිද ඔප්පා? ඔයා අඬයිද එදාට.....? මට අතුරුදහන් වෙන්න ඕන... මේ හැම දේකින්ම.... එතකොටවත් ඔයාට මාව ඕන වෙයිද....? 🥀🍂