"ඔයා....?"
නම්ජුන් සේමි දෙන්නා ඉස්සරහා හිටගෙන හිටියෙ වෙන කවුරුත් නෙවෙයි සේමිගෙ ඩිපාට්මන්ට් එකේම ඉගෙන ගන්න ටේ හ්යොං.
"යූන් සේමි.... ඔයා..... මොකක්ද මෙහෙ කරන්නෙ....? හ්යොං... මොකක්ද මෙතන වෙන්නේ......? ඇයි මගෙත් එක්ක ඉගෙන ගන්න කෙනෙක් මෙහෙ ඉන්නෙ?" මුලින්ම සේමි දිහා බලාගෙන කතා කරපු ටේ තියුණු පෙනුමක් මූනෙ රඳවගෙන නම්ජුන් පැත්තට හැරෙද්දි ජූන් කලේ තමන් සේමි දිහාට දික් කරගෙන හිටපු ගන් එක ඉක්මනටම පිටිපස්සට කරලා හංගගත්ත එක.
"ටේ.... ඇයි මෙහෙ ආවෙ...?" තමන්ට යොමු වුණ ප්‍රශ්න වලට ප්‍රශ්නෙකින්ම උත්තර දුන්න නම්ජුන් උත්සාහ කලේ කොල්ලව මගඅරින්නයි.
"හ්යොං.... ප්‍රශ්නෙ මගඅරින්න එපා.... මෙයා මොකක්ද මෙහෙ කරන්නෙ....?" ජූන්ගෙ ප්‍රශ්නෙට කේන්ති ගිය ටේ මේ වතාවෙ කොල්ලාගෙන් ප්‍රශ්න කලේ කෙල්ලගෙ දිහාට ඇඟිල්ලත් දික් කරගෙනම.
'හ්යොං...? ඇයි ටේ මේ මනුස්සයට එහෙම කතා කරන්නේ...? අනික මෙයා මොකක්ද මෙහෙ කරන්නෙ.....?' මේ අතරෙ සේමිත් මෙතන සිද්ධ වෙන දේවල් තේරුම් ගන්න බැරුව අහස පොළව ගැට ගහන්න වගේ කල්පනා කරනවා.
"නම්ජුනා....." ටේ හ්යොං ගැන කල්පනාවෙ හිටපු සේමි හරි සිහියට ආවෙ එදා බේස්මන්ට් එකේදි ඇහුන කටහඬ අද ටේගෙ පිටිපස්සෙන් ඇහෙද්දි.
කටහඬ ආපු දිහාට ඇස් යවපු කෙල්ල උනන්දුවෙන් ඒ පැත්ත බැලුවෙ මොන තරම් මතක් කලත් කටහඬේ අයිතිකාරයාව සේමිට මතක් නොවුන නිසා.
'ම්වෝ....? මෙයා.....' living room එක පැත්තෙ ඉඳන් නම්ජුන් දිහාට එන ඒ රූපෙ අඳුනගන්න කෙල්ලට මහලොකු වෙලාවක් ගියේ නෑ. යුනිවසිටි එකෙන් පිටදි ටේ හ්යොනුත් එක්ක කිහිප වතාවක්ම සේමි මෙයාව දැකලා තිබුනා. ගොඩක් වෙලාවට ටේව යුනි එකට ගෙනත් දාන්නත් ලෙක්චර්ස් ඉවර වුනාම ටේව යුනි එකෙන් ගන්නත් මෙයා ඇවිත් තියෙනවා මීට කලින් කෙල්ල දැකලා තිබුනා.
"යුංගි හ්යොං..... වෙලාවට ආවෙ. ටේව උඩට එක්කන් යන්න." ඒ ආපු කෙනාට නම්ජුන් ඒ විදිහට ආමන්ත්‍රණය කරද්දි යුංගි ටේ හ්යොංව බලෙන්ම උඩ තට්ටුවට අරන් ගියෙ කොල්ලගෙ විරෝධය මැද්දෙමයි.
YOU ARE READING
𝓔𝓜𝓟𝓣𝓨 ||Sinhala Fanfiction
Fanfictionමෙතන ගැහෙන එක නතර වුනාම වත් ඔයා මට ආදරේ කරයිද ඔප්පා? ඔයා අඬයිද එදාට.....? මට අතුරුදහන් වෙන්න ඕන... මේ හැම දේකින්ම.... එතකොටවත් ඔයාට මාව ඕන වෙයිද....? 🥀🍂