Chapter 10

97 15 6
                                    


"මේකිව ඇහැරවනවා."

"දේ බොස්." ටේට තවත් මොනවත් කියන්න ඉඩ නොදුන්න නම්ජුන් රූම් එකෙන් එලියෙ හිටගෙන හිටපු ගාඩ් කෙනෙක් පැත්තට හැරිලා කියද්දි ඒ ගාඩ් ඇතුලට ආවෙ ජූන්ගෙ අණට අවනත වෙලා.

"හ්යොං මොකක්ද මේ කරන්න හදන්නේ....?" රූම් එක ඇතුලට ආපු ගාඩ් කෙල්ලව ඇහැරවද්දි ටේ නම්ජුන් පැත්තට හැරිලා ප්‍රශ්න කරන්න ගත්තා.

"මේ දේවල් වලින් ඈතට වෙලා ඉන්න ටේ. මම සේමිව ගෙනාවෙ මගේ වැඩකට මිසක් තමුන්ගෙ පාලුවට නෙවෙයි." ටේගෙ ප්‍රශ්නෙට සන්සුන්ව උත්තර දුන්න නම්ජුන් ආයෙත් තමන්ගෙ අවධානය කෙල්ලගෙ පැත්තට දුන්නා.

"ඉක්මනට ඕක ඇඳගන්නවා." කෙල්ල ඇහැරුන ගමන් මෙච්චර වෙලා තමන්ගෙ අතේ තිබුන බෑග් එක සේමිගෙ ඇඳ උඩට විසි කරපු ජූන් ටේ වාඩිවෙලා හිටපු couch එකෙන් වාඩි වුනේ ගාඩ්ට එලියට යන්න කියලා සන් කරන ගමන්.

සේමිටත් කලින් ඉක්මන් වුන ටේ බෑග් එක ඇදලා බලද්දි කොල්ලට දැකගන්න ලැබුනෙ ඇඳුමක්....

"මේ මොන විකාරයක්ද? සේමිට මොකටද මෙහෙම ඇඳුමක්?" බෑග් එක ඇතුලෙ තිබුන ඇඳුම එලියට අරන් දිගඇරලා බලපු ටේ හ්යොංට කෑගැස්සුනේ ඉබේටමයි. තාමත් නිදිමතේ ඈනුමක් අරින ගමන් හිටපු කෙල්ල ටේගෙ කෑගැහිල්ලට ගැස්සිලා කොල්ලගෙ අතේ තිබුන ඇඳුම දිහා බලද්දියි කෙල්ලගෙ ඇසුත් උඩ ගියෙ.

කොල්ලගෙ අතේ තිබුනෙ හීනි straps තියෙන දනිස්ස ලඟටවත් දිග ඇතියි කියලා වත් හිතන්න බැරි තරමෙ කලු පාට dress එකක්.

"ටේ.... මං එක වතාවක් කිව්වා මේවගෙන් ඈත් වෙලා ඉන්න කියලා." තද ස්වරයකින් ටේට කතා කරන ගමන් couch එකෙන් නැගිටලා ටේ හ්යොං ලඟට ආපු ජූන් කොල්ලා අතේ තිබුන ඇඳුම උදුරලා අරගෙන කෙල්ලගෙ ඇඟට විසික් කලා.

"බල බල ඉන්නෙ නැතුව ඕක ඉක්මනට ඇඳගන්නවා." නම්ජුන්ගෙ කටහඬට ගැස්සුන කෙල්ල මොකුත් නොකියම ඇඳුමත් අරගෙන bathroom එක පැත්තට යද්දි ටේ ආයෙත් නම්ජුන්ගෙ පැත්තට හැරුනෙ තාමත් කොල්ලා කෙල්ලට මොකක්ද කරන්න යන්නෙ කියලා කිව්වෙ නැති නිසා.

"හ්යොං... මට කියන්න ඔයා සේමිට මොකක්ද කරන්න යන්නෙ කියලා..."

"මම එයාව එලියට එක්කන් යනවා."

You've reached the end of published parts.

⏰ Last updated: Aug 24, 2023 ⏰

Add this story to your Library to get notified about new parts!

𝓔𝓜𝓟𝓣𝓨 ||Sinhala FanfictionWhere stories live. Discover now