20 Bless ✨

196 53 26
                                    

"ඩෛඩලස්? නමුත් කවුරුන්ද?" ජිමින් ඇසුවේය.

"ඔහු පුරාණ ග්‍රීක ගෘහ නිර්මාණ ශිල්පියෙක්. ඇතීනාගේ පුත්‍රයෙක්." ජින් පැහැදිලි කළේය.

"ග්‍රීක?" එවර ජන්ග්කුක්ක් ඇසුවේ ඔහුට කිසිත් නොවැටහුණු නිසාවෙනි.

"ආහ්! එය අනාගතය ජන්ග්කුක්. තවමත් සිදුව නැහැ." නම්ජූන් ජන්ග්කුක්ගේ පටලැවිල්ල ලිහා දැමීමට උත්සාහ කරමින් පැහැදිලි කලේය.

"නමුත්, ඔබ ඔය කියනාකාරයට ඔහු අනාගතයෙන් නම්," යූන්ගි විමසුවේය. "ඔහු ගේ නිර්මාණයක් කෙසේද මෙහි ඇත්තේ?" සැබැවින්ම එය ගැටලුවක් විය. කෙසේද තවමත් උපතවත් ලබා නැති අයෙකුගේ ශ්‍රේෂ්ඨ නිර්මාණයක් මෙහි ඇත්තේ? එයත් මේ බැබිලෝනියාවේ?

"නිවැරදියි. එය මඳක් පැටලිලි සහගතයි.නමුත්, දෙවැන්නනම් පැහැදිලියි. වංගගිරියේ දොරටුවක් ලොව ඔිනෑම තැනක තිබිය හැකියි. එය ඒ තරමටම පැතිරී තිබෙනවා සහ නොනැවතී වර්ධනය වෙනවා. මා අසා ඇති ආකාරයටනම් එහි ද්වාරයක් දෙවියන්ගේ උද්‍යානයේ පවා තිබෙනවාලු." නම්ජූන් නැවත විස්තර කිරීමට වූයේය.

"හොඳයි එසේනම්, දැන් මේ වංගගිරියෙන් අපට කුමක්ද කළ හැක්කේ? ගැලවීමේ මාර්ගය මෙහිද?" හෝසොක් විමසුවේය.‍

"විය හැකියි. වංගගිරිය අපට සැතපුම් මිලියන ගණනක දුරක් වුවත් ඉතා අඩු කාලයකින් ගමන් කළ හැකියි. නමුත් ගැටලුව වන්නේ අප මතුවෙන ස්ථානය අප නිශ්චිතවම නොදන්නා එකයි. අපට මීදුම හරහා පහසුවෙන් දැකිය හැකිනම් වංගගිරියේ ගමන් කිරීම අපහසුවක් නොවෙයි." නම්ජූන් පැහැදිලි කරන්නට විය.

"හොඳයි එසේනම්, මෙතැන මීදුම හරහා දැකිය හැකි අය සිටිනවනේ? මා සිතනවා ජිමින්ට ඒ හැකියාව ඇතියි කියා? ඔබ දෙවි කෙනෙක්නේ? නොවෙද ජිමින්?" ජින් ජිමින් දෙසට හැරී විමසුවේය.

"මා හට එය පිළිබඳ විශ්වාසයක් නැහැ. මා ශාපලද්දෙක්. එනම් ඔලිම්පස්වලින් පවා පිටුවහල් කරන ලද්දෙක්. ඉතින් මාගේ ඇතැම් බලයන් නිවැරදිව ක්‍රියාත්මක වන්නේ නැහැ. ඒ බව පෙර සිදුවීම්වලින්ම ඔබලාට හොඳින් පැහැදිලි වූවානේ?" ජිමින් පවසා සිටියේ කණස්සලු සහගත ස්වරයකිනි.

Curse Or Bless?║ᵇᵗˢ ᶠᵃⁿᶠⁱᶜᵗⁱᵒⁿ (ᶠᵃⁿᵗᵃˢʸ)║Where stories live. Discover now