28 Curse✨

178 45 19
                                    

(අද කොටස ටිකක් නෙවෙයි ගොඩක් කොටයි🤧🙂)
___________________

"ආහ්!" ඔවුන් සයදෙනාම වේදනාවෙන් කෑගසද්දී එහි සිටි සෙබළුන් එල්ල කළ ප්‍රමාණයෙන් තරමක් විශාල ඝන හිම පියලි ඔවුන්ගේ හස්තයන් ක්ෂණිකව විලංගු දැමුවේ ඔවුන්ව අසල තිබූ බිත්තියටද තදින් සිරකරමිනි.

____________________

"කුමක්ද- නුඹ මේ සිදුකරන්නේ? නුඹ- නුඹ-" හෝසොක් තවත් මේ සිදුවන දේවල් දෙස බලා සිටිය නොහැකි තැන කෑ ගසා ඇසුවේය. ඔහු මේ වන තුරුත් ඉවසා සිටියේ අවසානයේ සියල්ල යහපත් වේවියැයි සිතමිනි. නමුත් තවදුරටත් එසේ නොවන බව පෙනී ගියායින් පසු ඔහුට තවත් බලා සිටිය නොහැකි විය.

"නිහඬවනු! හෝසොක්! මා නොවෙයි, නුඹයි- නුඹයි මෙතැන ගැටුම් ඇති කරන්නේ!" වෙස්මුහුණ පැළඳ සිටි තැනැත්තා හෝසොක් දෙසට තම ඇඟිල්ල දිගු කරමින් කෑගසන්නට වූයේ හෝසොක්ගේ හඬ පරයමිනි.

"මා?" හෝසොක් මඳකට නිහඩ වී මුමුණන්නට විය.

"හහ්! නුඹ හැර වෙන කවුරුන්ද? නුඹ නොවේද සූර්ය සලකුණ සොයා මෙහි ආවේ? නුඹට එය නොවේද ඇවැසි? නමුත් මා එය රැගෙන ආ දිනයේ නුඹලාට දැනුම් දුන්නා නොවෙද එය නැවත සොයා එන්නාට දරුණු ඉරණමකට මුහුණ දෙන්නට සිදුවන බව? නුඹ එය නොදැනුවත්වද මෙහි පැමිණියේ? ආ?" එම තැනැත්තා නොනවත්වාම පැවසීමට විය.

"නමුත්, එහි සැබෑ උරුමය අපටයි! සූර්ය ලොවයි එය තිබිය යුත්තේ. අනෙක ඔබ විසින් වසර කිහිපයකට පෙර දූතයින් සමඟ තුටු පඬුරු එවා තිබූයේ සාම ගිවිසුමකුත් සමඟ නොවේද? අප සැවොම එයට එකඟ වූවානේ? නමුත්, දැන්? දැන් කුමක්ද මේ නුඹ සිදු කරන්නේ? පවසනු සොලේෂස්! පවසනු!" හෝසොක් ප්‍රථම වතාවට ඔහුගේ නාමය තම මුවින් පිට කරනා විට එම තැනැත්තා තිගැස්සී යනු සැවොම දුටුවහ. නාමය සම්බන්ධයෙන් එතරම්ම බිය විය යුත්තේ ඇයි දැයි කිසිවෙකුටත් සිතාගත නොහැකි විය.

"නිහඬවනු!" පෙරට වඩා මේ වතාවේදී ඔහුගේ හඬ මඳක් වෙව්ලන සුළු විය. "එහි උරුමය කාට වුවත්,දැන් එය අයිති කැනායිවරුන්ට පමණයි. හැරත්, මා කිසිවිටක සූර්ය සලකුණ නැවත ඔබලාට ලබා දෙන බැව් ගිවිසුමේ කොතැනකවත් සඳහන් කර තිබුණේ නැහැ! එමෙන්ම, දැන් මාගේ නාමය සොලේෂස් නොවෙයි! වැටහුණාද? නැවත ඒ නාමය මට කොහි හෝ සවනත වැකුණොත් ඒ තැනැත්තාගේ විනාශය බලාපොරොත්තු වන්න!" වෙස්මුහුණ පැළඳි තැනැත්තා සිංහාසන ශාලාවේ සිටි සියල්ලන්ම දෙස බලා ගිගිරුවේය.

Curse Or Bless?║ᵇᵗˢ ᶠᵃⁿᶠⁱᶜᵗⁱᵒⁿ (ᶠᵃⁿᵗᵃˢʸ)║Donde viven las historias. Descúbrelo ahora