07 Curse✨

213 59 43
                                    

"මේ හිස් මුඩු බිමෙහි සැරිසැරීමට තරම් මනස විකෘති වී ඇති නුඹ කවුරුන්ද?" ඒ තැනැත්තා ගැඹුරු තද හඬකින් විමසීය.

"මටත් ඇත්තේ ඒ ගැටලුවමයි. නුඹ කවුරුන්ද?" ජිමින් විමසා සිටියේය.

"මම..."

________________________

"මම... එයින් කුමක්ද නුඹට ඇති පලය?" එක්වරම කොහෙන්දෝ අසිපතක් ඇද එය ජිමින්ගේ ගෙල මත තැබූ කාල වර්ණ ඇඳුමෙන් සැරසුණු තැනැත්තා කීවේය. "මා හට නුඹේ ආගිය තොරතුරුවලින් පලක් නැහැ. එනිසා නුඹත් මගෙන් කිසිත් නොඅසා සිටියොත් අගෙයි."

ජිමින් කෙළ පොදක් ගිල්ලේය. කවුරුන්ද සිතුවේ ඔහු නම ඇසූ පමණින් ආවේගවන තැනැත්තෙක් බව? බියවී සිටියත් ජිමින්ට තම බිය පිටතට පෙන්වීමට ඇවැසි නොවීය. නමුත්, සැබැවින්ම, ඔහු කුමකටද බිය වන්නේ?

"හහ්! නුඹ බොහොම ආවේගශීලී තැනැත්තෙක් වගෙයි. මා විමසුවේ නාමය පමණයි.කුමක්ද එහි ඇති වරද?" ජිමින් ඇසුවේ තව සුළු මොහොතකින් තම ගෙල හරහා යාමට වුවද හැකි ඒ දෙපැත්ත කැපෙන මුවහත් කඩු තලය දෙස බලාගෙනය. මුත්, ඔහු අහම්බෙන් ඒ අසිපතෙහි විශේෂත්වයක් දුටුවේය. එම අසිපතේ එක් පැත්තක් සාමාන්‍ය ලෝහයෙන් සාදා තිබූ අතර අනෙක් පසසාදා තිබුණේ දිව්‍යමය ලෝකඩවලිනි. ජිමින්ට එම ලෝහයේ දිව්‍යමය ශක්තිය දැනිණි. මඳක් සිටින්න! දිව්‍යමය ලෝකඩ? ඒ කියන්නේ- ඒ කියන්නේ-

"සිටිනු! නුඹට දේව පාර්ශ්වයක් සමඟ කුමක් හෝ සබඳතාවක් තිබේද? නැත්නම් කෙසේද මේ දිව්‍යමය ලෝකඩ අසිප- ආහ්!" ජිමින් විමසමින් සිටි පැනය පසෙක තබා එක්වරම කෑ ගැසුවේ එම අසිපතේ දිව්‍යමය ලෝකඩ තලය ඔහුගේ ගෙල අසල මඳක් සිදුරු කරද්දීය. කාල වර්ණයෙන් සැරසුණු තැනැත්තා තම අසිපත ජිමින්ගේ ගෙලට තබා තව තවත් තද කළේය.

"ආහ්! නුඹ අඥානයා, නවතනු! නුඹේ ඔය අසිපතින් මා නැසීමට නුඹට නොහැකියි." ජිමින් කීවේ වේදනාවෙනි. තම ගෙලේ පහළ කොටස මඳින් මඳ කැපී යනු ඔහුට දැනුණි.

"කවුරුන්ද නුඹ? කෙසේද දේව පාර්ශ්වයක් ගැන අසන්නේ? නුඹ කෙසේද දේව පාර්ශවයක් ගැන අසන්නේ? නුඹ කෙසේද එවැන්නක් අනුමාන කරන්නේවත්? හහ්! මෙලෙස පාළු මාවතක ඔහේ ඇවිද යන තරුණයෙක් කෙසේද දෙවියන් ගැන දන්නේ?" කළු හැඳගත් තැනැත්තා ඇසුවේය.

Curse Or Bless?║ᵇᵗˢ ᶠᵃⁿᶠⁱᶜᵗⁱᵒⁿ (ᶠᵃⁿᵗᵃˢʸ)║Opowieści tętniące życiem. Odkryj je teraz