21 Bless✨

201 54 93
                                    

"ආශිර්වාදයක්?! මේ අපට? නමුත් කාගේද?" වියවුල්ව සිටි ජන්ග්කුක් ඇසුවේය.

"නැහැ, මා දන්නෙත් නැහැ. නමුත්, ඔවුන් කියන්නේ ආල‌ෝකය හඹා යන්නට කියායි. සිතනවාද ඔවුන් විශ්වාසවන්ත බව?" ජින් ඇසුවේ නම්ජූන් දෙසට හැරෙමිනි.

"කිමද මා දෙස බලන්නේ? මා බහුශ්‍රැත නොවේ..." නම්ජූන් නෝක්කාඩුවෙන් මෙන් කීවේය.

"නිවැරදියි. නමුත් ඔබනේ මෙහි සිටින ඥානවන්තයා. අනෙක් අතට අපේ නායකයා. ඉතින් අපි සැවොම සහයෝගයෙන් මෙයට විසඳුමක් සොයමු." ජින් නම්ජූන්ට සිනහවක් පාමින් කියා සිටියේය.

"අම්,මා සතුව යම් අදහසක් තිබෙනවා. එය පවසන්නද?" මෙතෙක් නිහඬව පසෙකට වී සිටි ජිමින් ඇසුවේය.

"හොඳයි. පවසන්න ජිමින්."

"මෙසේයි, මා සිතනාකාරයට ඔවුන් කියුවේ මධ්‍ය මාර්ගය ගැන විය හැකියි නොවෙද? ඒ මාර්ගයයි ආලෝකය දක්වන්නේ. එසේම මා සිතනවා ඔවුන් විශ්වාස කළ හැකියි කියා. කිමද මට දැනුණා ඒ සුළඟෙහි තිබුණු පිරිසිදු ශක්තිය. අපට හානි කිරීමට අවැසි අයෙකුගෙන් එවන් බලයක් පිට විය නොහැකියි. ඔවුන්ගේ සිත් අපිරිසිදුයි. එනිසා අපිරිසිදු ශක්තියක් පමණයි මුදාහැරෙන්නේ. නමුත් මේ සිදුවීම එයට වඩා වෙනස්. ඔබලාට දැනුණේ නැතිද එහි බලය? ඒ වදන්වල පවා සීතල මුසු වුණු උණුසුම් බවක් තිබුණේ. ඒ සීතල සෞම්‍යයි වගේ ඒ උණුසුම ආධ්‍යාත්මය ප්‍රබෝධවත් කරනවා. එමෙන්ම ඔවුන් වෙතින් අපට ආශිර්වාදත් ලැබී තිබෙනවා. මා සිතන්නේ අපි ඔවුන්ව විහ්වාස කළ යුතුයි කියායි. අප වෙනත් මඟක ගියහොත් නිසැකයෙන්ම විනාශය උරුම වේවි. මාගේ තේරීම මැද මාවතයි. සූර්-ය සලකුණ සහිත මාවත" ජිමින් අවසන් වැකිය ගිලගනිමින් මෙන් කියා දැමුවේය.

ඔහුට සැබැවින්ම ඒ ආශිර්වාදාත්මක බලයෙහි ශක්තිය දැනිණි. එය සැබැවින්ම ඔහු කුඩා කල තම පියාගේ ඇකයෙහි සිටිද්දී දැනුණු උණුසුමටත්, ආර්ටෙමිස් දෙවඟන කුඩා කළ ඔහුව සුරතල් කරද්දී දැනුණු ඒ සෞම්‍ය බවටත් බෙහෙවින් සමාන විය. සැබැවින්ම පෙර තමා ළදරු වියේදී ආර්ටෙමිස් දෙවඟන ඔහුව සුරතල් කළ බව ඔහුට අමතකව ගොස් තිබුණා වුවත් එය නැවත ඔහුට එක්වරම සිහි වූ ආකාරය පුදුම සහගතය. තම නැන්දණියත් තම මෑණියන් තරමටම ඔහුට සෙනෙහස දැක්වූ බව ඔහුට අමතකව ගොස් තිබිණි. ඔහු එදා ඔලිම්පස්වලින් පිටව ආ දිනයේ ඇය කඳුළු පිරි දෙනෙතින් ඔහු දෙස බලා සිටිනවා ජිමින්ගේ නෙතග යන්තමින් ගැටුණා වුවත් ඔහු ඒ මොහොතේ සිටි කෝපයේ තරමට ඔහුට තවත් කිසිවෙකු අවැසි නොවීය. නමුත්, තම ආදරණීය නැන්දණිය ඔහු කෙසේ අමතක කළේද?

Curse Or Bless?║ᵇᵗˢ ᶠᵃⁿᶠⁱᶜᵗⁱᵒⁿ (ᶠᵃⁿᵗᵃˢʸ)║Où les histoires vivent. Découvrez maintenant