03 Curse✨

271 63 67
                                    

(👆ඔතනලු උත්සවේ තියෙන්නේ. එන්න අපිත් යමු😁)

_____________

"ඔබ පැමිණියාට සතුටුයි" ටේහයුන්ග් සිතුවේය.

______________

සියුස් දෙවියන් මණ්ඩපයට ඇතුල්විය. ඉන්පසුව හේරා දෙවඟනත් ඇතුල්විය. සියුස් දෙවියන් ඔවුන් දෙදෙනාට මඳ සිනාවකින් ආචාර කළ නමුත් හේරා දෙවඟනනම් ඍජුවම ඉදිරිය බලාගෙන ම ගොස් අර්ධ වක්‍රාකාර හැඩයට තිබූ ඔලිම්පියානු දේව මණ්ඩලයේ අසුන් පෙළේ තම අසුනේ අසුන් ගත්තාය.

ජිමින් ඇයට නොපෙනෙන්නට මඳක් රවා බැලුවා වුවත්, ටේහයුන්ග්ට ඒ පිළිබඳ කිසිදු හැඟීමක් නොවීය. දෙවඟන ඔහු ළමා වියේ පටන්ම මෙසේ සැලකීම මුලදී වේදනා ගෙන දුන්නත්, එය දැන් සාමාන්‍ය දෙයක් වී හමාරය. ටේහයුන්ග්ට ඒ පිළිබඳ කිසිදු සිතුවිල්ලක් පහළ නොවීම අරුමයක් නොවීය. ඉන්පසු අනිත් දෙවිවරුන් දසදෙනාද මන්දිරයට ඇතුල්විය. ඔවුන් සියල්ලෝම ඔවුනට මඳ සිනාවක් පළකරමින් ඉදිරියට ගියහ. ඇපලෝ දෙවියන්ද ජිමින්ට මඳහසක් පා ටේහයුන්ග්ට රවා ඉදිරියට ගියේය. අනිත් සියලුම දෙවිවරුන් ඔවුන්ට හොඳින් සලකන විට (ඒරිස් හැර) හේරා දෙවඟන හා ඇපොලෝ දෙවියන් පමණක් ඔහුට මෙසේ සලකන්නේ කිමදැයි ටේහයුන්ග්ට සිතාගත නොහැකි විය.

"හොඳයි, උත්කෘෂ්ටයි." ටේහයුන්ගේ සිතුවිලිවලට බාධා කරමින් මහ හඬින් පැන නැඟුනේ සියුස් දෙවියන් සභාව අමතන හඬයි. "සියලු දෙනා රැස්ව ඇති හෙයින්, දැන් චාරිත්‍රානුකූලව මෙම උත්සවය අරඹමු. අද දින...." සියුස් දෙවියන් පැවසුවේය. "මගේ ලාබාලතම දේව පුත්‍රයාගේ සහ දේව මුණුබුරාගේ පනස්වන ජන්ම දිනය. ඔබ සැම දන්නා පරිදි, පනස්වන ජන්ම දිනය දෙවි කෙනෙකුගේ ජීවිතයේ වැදගත් සන්ධිස්ථානයක්. එසේයි, ඔබ සැම දන්නා පරිදි, අද දින මොවුන් දෙදෙනාට තම හැකියාවන්ට අනුව තම දේව පදවියන් ලැබේවි." එතුමා කියන දේ සාවධානව අසා සිටි මිතුරන් දෙදෙනා ක්ෂණිකව හිස එසවූහ. කුමක්! දේව පදවි? අද දින? මෙහි?

"මේ මොහොතේ, ඔබලා සතුව ඇති දක්ෂතා පෙන්වා සිටීමට මා අණකරනවා! ටේහයුන්ග්? අරඹනු!" සියුස් දෙවියන් අසුනේ සුවපහසු ලෙස අසුන් ගනිමින් කීවේය.

Curse Or Bless?║ᵇᵗˢ ᶠᵃⁿᶠⁱᶜᵗⁱᵒⁿ (ᶠᵃⁿᵗᵃˢʸ)║Hikayelerin yaşadığı yer. Şimdi keşfedin