Terisha's pov.
ම්....තවත් දවසක්!!අදත් වෙනදා වගේමයි..ඒත් ටිකක් විශේෂයි අදට මගේ ඔම්මා මාව දාලා ගිහිල්ලා අවුරුදු 15 යි..
මේ අවුරුදු 15 මං ජීවත් වුනේ මගේ අප්පා එක්ක..එයා අලුතෙන් කුඩම්මා කෙනෙක් ගෙනාවත් හරි මට වුනේ ගෙදර වැඩකාරකම් ටික කරන්න..
"නැගිටිනවා..මූසල කෙල්ලේ ඉක්මනට මේ උදේ කෑම ටික හදනවා..!!"
"දේ...ඔම්මා මං නැගිටලා ඉන්නේ.."
හ්ම්...හරි ටෙරීෂා ඔයාට කරන්න තියෙන්නෙ කෑම ටික හදලා,රෙදි ටික අස්කරලා,කොලේජ් ගිහින් එනගමන් කැෆේ එකේ වැඩත් ඉවර කරලා..සෙමෙට්‍රි එකටත් ගිහින් ඇවිත් රෑ කෑම හදලා..ප්‍රොජෙක්ට් එකේ වැඩ ටික ඉවර කරලා නිදා ගන්න..!
හම්මෝ ඔය ඔක්කොම කරන්නත් එපැයි!
"ඔම්මා I miss you eomma, miss you so much!! මාව මෙහෙම තනියෙන් දාලා යද්දි ඔයාට දුක හිතුනෙ නැද්ද ඔම්මා?"
කඳුලු!මං කඳුලු වලට වෛර කරනවා ,ඒත් මං වෛර කරන කඳුලු විතරමයි හැමදාම මගේ තනියට හිටියෙ.
හැමෝම මාව කොන් කරද්දි,කුඩම්මා මට ගහද්දි,අප්පා මට ගහද්දි,කුඩම්මාගෙ දුව මගේ ඔන්නි මට විහිලු කරලා ලැජ්ජ කරද්දි මගේ තනියට හිටියෙ මේ කඳුලු..
.
.
.
පහලට ගියපු කෙල්ල ඉක්මනට කෑම ටික මේසෙට ආරලා යන්න ගියේ ටෙරීෂාට මේසෙ ඉඳන් කන එක තහනම් කරලා තිබුන නිසා..කෙල්ල නොහිතපු විදියට හෝදන ගමන් තිබුන පිඟාන බඳිලා ගියේ තවත් වෙහෙසකර,වේදනාබර දවසක් ආරම්භ කරලා.."තෝ...බූරු අනාථ කෙල්ල!තොට පිඟානක්වත් හෝදගන්න බැරිද තාම?"
"අ..අනේ මට සමාවෙන්න ඔම්මා...!"
"බැල්ලි, වැරැද්ද කරලා තව සමාව ගන්නත් එනවද? ඉඳපන් ආයි වැරදි වෙන්නෙ නැතිවෙන්න මං වැඩේ කරන්න😏.!"
හීන් දිග ෆෝන් චාජරයක් ගතිපු කෙල්ලගෙ කුඩම්මා ඒකෙන් කෙල්ලට ගැහුවෙ ටෙරීෂා ගහන්න එපා කියලා අඬා වැටෙද්දිමයි..
"අනේ...අනේ..ඔ..ඔම්මා...එපා....එපා....රිදෙනවා...!!"
"හහ්...පලයං බැල්ලි...අද උඹට උදේ කෑම නෑ....දැන් පලයං මගේ තරහා තවත් අවුස්සන්නේ නැතුව..!"
YOU ARE READING
𝔼𝕧𝕚𝕝'𝕤 ℝ𝕖𝕧𝕖𝕟𝕘𝕖 ☠️
Fanfictionතමුසෙගෙ ඔය ජරා අත මගෙන් අහකට ගන්නවා!අමතක කරන්න එපා තමුසෙ රාක්ෂයෙක්!! මොකද හිතන්නෙ හැඟීමක් දැනීමක් නෑ වගේ ඉන්න රාක්ෂයෙක්ට ආදරේ දැනුනොත්? මනුස්ස කෙල්ලෙක්ට ගුම්හියෝ කෙනෙක්ට ආදරේ කරන්න පුළුවන් වෙයිද? කියවලාම බලමු නේද?🥀 Kim_J