Chapter 01

234 32 18
                                    

Jungkook's pov.

6 years ago at Jungkook's basement




"තමුසෙ..හහ්..තමුසෙ නිසා මං විඳෙව්ව තරම දන්නවද?විඳවපං!!....විඳවපං!!"

"ම...මට යන්න..දෙන්න...කුකී..චෙබාල්!"

"කුකී?!දැන් තමුසෙ කුකී කියලද කිවුවේ?තමුසෙ තමයි ඒ අහිංසක කුකීව මරා ගත්තේ දැන් කුකී කෙනෙක් නෑ."

"ම්..හ්..ජ..ජංග්කුක්..මට සමාවෙන්න!!"

ඇඟ කිලිපොලා යන වියුරු හිනාවක් පිටකරපු ජංග්කුක් කෙල්ලගෙ කොන්ඩෙන් ඇඳලා අරන් කම්මුලට ගැහුවෙ හිතක් පපුවක් නැති මනුස්සයෙක් විදියට!

මනුස්සයෙක්?නෑ...මනුස්සයෙක් වගේ වෙස්වලා ගෙන ඉන්න ගුම්හියෝ කෙනෙක්!

වෛරය නිසා වියරු වැටිලා ඉන්න රාක්ෂයෙක්...ජංග්කුක්ට ඕනෙ පලි ගන්න..! ඒත් මේ පලි ගැනීම කිසිම වැඩක් නැති පලි ගැනීමක් නම්? අවසානයේ කොච්චර පසු තැවෙන්න වේවිද? මේකත් ඒ වගේ...මේ කරපු දේ නිසා ජංග්කුක් විඳවන තරම දන්නේ එයාගෙ නොවුනත් එයාගෙම වගේ ලඟින් ඉන්න හියුන්ලා!

"සමාවෙන්න...ජංග්කුක්....ක්හැ..ක්හැ..ම..මට...ඕන වුනේ...ඔ..ඔයාව බේර ගන්න ඒ....ඒකයි...ඔයාව...දාලා..ගියේ....!!!"

"තමුසෙ මගේ අනුකම්පාව ගන්න දැන් බොරුත් කියනවද ජරා ගෑනි..දන්නවද මං විඳෙවුව තරම!!?"

ලඟ තිබුන ජීවය එකතු කරන තමන්ගෙ මැනික් ගල අර ගතිපු   ජංග්කුක් වෛරය පිරුනු ඇස් වලින් බලා ඉඳියෙ පණ අදින කෙල්ල දිහා.

"කුකී...ඒ...මනිස්සුන්ගෙන්..ප..පරිස්සම් වෙන්න....ඔ..ඔයාව..මරනවා...කියපු නිසයි...මං..ඔ..ක්හැ...ඔයාව දාලා..ගියේ....ස...සරංහෙයෝ...කුකී!"

කෙල්ලගෙ අවසන් හුස්ම වාතලයට මුහු වෙලා ආත්මය මැනික් ගලට ඇදිලා ගියේ කෙල්ලගෙ කුකීට පසුතැවීම කියන ගින්න ඉතුරු කරලා!

(present)

"න්....නෑ...එපා....ස...සමාවෙන්න...යුවී...ආපහු එන්න..!!"

"කුක්...නැගිටින්න...wake up!!"

"Hyung! යුවී..එ..එයා!"

"Sh....sh....kook it's okay!!it's just a dream! "

ආපහු ඒ හීනේ!

ඔවු ජංග්කුක් හැමදාම වගේ පසුතැවෙනවා....හීනෙන් පවා!
දැනිලා තියෙනවද තමන්ට පණ වගේ ආදරේ කරන කෙනෙක් තමන්ව දාලා ගියාම දැනෙන වේදනාව!!ඒකත් තමන් අතින්ම එයාව මරලා දැම්ම දැනෙන වේදනාව! ජංග්කුක් ඉන්නෙ දැන් කිසිම හැඟීමක් දැනීමක් නැති කෙනෙක් විදියට,හිනා වෙන්නෙ ,කතා කරන්නෙ හරිම අඩුවෙන්..

මේ දේ නිසා තමන් ලඟ ඉන්න තමන්ට ආදරේ කරන අයට ගොඩක් රිදුනා වුනත් ජංග්කුක්ට ඕනෙ වුනේ තනි වෙන්න! කලින් යුවී එක්ක ගෙවපු ලස්සන ආදරණීය අතිත මතක අස්සෙ හිර වෙන්න...!

අද ජංග්කුක් cemetery එකට යන දවස.
ඔවු..ජංග්කුක්ගෙ අතින් මැරුන තමන්ගෙ ආදරේව හම්බුවෙන්න!

ලස්සනට වැවිලා තිබුන චෙරි බ්ලොසම් මල් යාය මැදින් ඇවිදන් ගියපු කොල්ලා නැවතුනේ ටිකක් ලොකුවට වැවිලා තිබුන ලස්සනට මල් පිරිලා තිබුන චෙරි බ්ලොසම් ගහක් ලඟ..

"යුවී...ම..මං ආවා!"

ඒ ගමන්ම වගේ සීතල සෞම්‍ය සුළඟක් ජංග්කුක්ගෙ ඇඟේ වැදීගෙන ගියේ හරියට එයාව සුලඟ පවා අඳුරනවා වගේ!

හීනි හිනාවක් කටට ගත්තු ජංග්කුක් ගිහින් ගහ යටින් වාඩිවෙලා කඳට පිට හේත්තු කර ගෙන හිමීට ඇස් පියා ගත්තේ හොඳ හුස්මක් උඩට ගන්න ගමන්මයි....

"යුවී...මට මහන්සියි...මට සමාව දෙන්න බැරිද තාම...මට පාලුයි යුවී...!!"

බිඳුනු කටහඬකින් හිමීට මුමුනපු ජංග්කුක්ගෙ ඇඟට චෙරි මල් කිහිපයක් වැටුනෙ හරියට යුවී එයාට සමාව දුන්න බව හඟවන්න වගේ.

"මං දන්නවා මගේ යුවීට මං එක්ක තරහ වෙලා ඉන්න බෑ කියලා.!"

විහිලුවක් ..ඒක හරියට විහිලුවක් වගේ...මැරුනු කෙනෙක් වෙනුවෙන් ගහක් එක්ක කතා කරන එක!
නෑ...ඒක එහෙම නෙමයි..බලන් ඉන්න කෙනෙක්ට ඒක විහිලුවක් වගේ පෙනුනත්...වේදනාව,පසුතැවීම කියන දේ දරාගෙන ඉන්න කෙනෙකුට ඒ දේ නිසා හිතට සැහැල්ලුවක් ලැබෙනවා නම්, හිත සුවපත් වෙනවනම්...ඒ දේ කොහොමද විහිලුවක් වෙන්නේ?

"යුවී....මං මෙතනින් ඉන්නම්..හරිද? මට පාලුයි..වෙනදා වගේ මගේ ඔලුව අත ගාන්න කෙනෙක් දැන් නෑ....මං..මං ගාවට ආපහු එන්න...චෙබාල්....මං ඔයාටයි ආදරේ යුවී....හැමදාමත්...ඉස්සරහටත්...ඔයා..ඔයා විතරයි යුවී.....!"

පැයක් ,දෙකක්...නෑ...පැය ගානක් ජංග්කුක් සීතලේම ගහ යටට වෙලා හිටියෙ හැම දේම අමතක කරලා දාලා වගේ...

"මේ.....මිස්ටර්.....!"
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
A:N
හිතුව තරම් හොඳට ලියා ගන්න බැරි වුනා.. ඒකට සොරි මුලින්ම🙂💔

Cover photo එක තරුෂි අක්කිගෙන් !කුමාවෝ අක්කියෝ!!💜

හැමතිස්සෙම මගේ හැම වැඩකට උදව් කරන මගේ සෝල්මේට් කැටේට කුමාවෝ!කුමාවෝ ගොඩාාක්!💜
Special thanks for NIMNA AKKI ❤& secret weapon 💜


කතාව ගැන Comment එකක් දාන් යන්න ☺💜

Vote කරන් යන්න 😘


බායි👋🏻
සරංහේ💜

STORY BY - Shashi2007
PUBLISHED BY - moochi_girl_04

 𝔼𝕧𝕚𝕝'𝕤 ℝ𝕖𝕧𝕖𝕟𝕘𝕖 ☠️Where stories live. Discover now