Special Chapter

510 98 35
                                        

Secret

Special Chapter

"සාශූ බබා...නැගිටින්න ලේට් වෙනවා"

"ෆයිව් මිනිට්ස් "

"ඔයා දැන් පැයකට කලිනුත් ඕකමයි කිව්වේ..කෝ කෝ නගිටින්න දැන් ඇති"

අදත් හිමිදිරි උදෑසන දහයට මන් ඇහැරුනේ ස්ටොබෙරියා විසිතිස් පාරක්ම ඇවිල්ලා බෙඩ් ශීට් එක ඇදපු නිසා.මේකත් එක්ක පවුල් කන්න බැහැ.පවුල නෙමෙ මේ මනුස්සයා මාවයි කන්නේ...

අහ්හ්හ්හ්හ් කියන්න අමතක වුනානේ..මායි ස්ටොබෙරියයි මැරි කලා..ම්ම් දැන් මාස නවයක් විතර වෙනවා.එ වගේම සොන්හී ජිමිනයිත් මැරි කලා..ඒ වෙඩිමයි අපෙ වෙඩිමයි දෙකම එකට ගත්තේ..දැන් ඒ සමයන් දෙක ඉන්නේ අපේ ගෙදෙට්ට ඉස්සරහා ගෙදර.උන් දෙන්නගෙන් බේරීල්ලක් නෑ අපිට මේ ආත්මෙත්.ගිය ආත්මෙත් එහෙමනේ..අපායෙදිත් එහෙම්මම තමා..හතර දෙනාම සූරයෝ වගේ ඉන්න තියෙන්නේ...

"වොශ් දාන් එන්න..කෑම කමු"

"උයන්නත් ඕනෙද දැන් මන්"

"එපා එපා සොන්හියා මොනාදෝ මන්දා සුකුරුත්තමක් හදලා යූටියුබ් එකෙන් බලන්..අන්න ජිමා ඇවිල්ලා අපිටත් දීලා ගියා"

"හත්තිකේ ඕවා කාලා මයේ දව්වා අද හම්බෙයිද දන්නේ නෑ.."

"මොනාද සාශා ඔය කියන කතා..ඔය කාලෙට කියන දේවල්ද..මගේ ප්‍රින්සස්..ඔයත් ඔම්මයි සුන්ග්මෝයි වගේ නම් හැදෙන්න එපා..ගුඩ් ගර්ල් කෙනෙක් වෙන්න ඔනේ තේරුනාද"

ස්ටොබෙරියා මගේ බඩට ලන් වෙලා එහෙම කියලා මටත් ඇහැක් ගහලා කාමරෙන් එලියට ගියා..මුට පිස්සු..

මාත් බඩත් එක අතකින් අල්ලන් අනික් අතින් ඇදට වාරු දීලා නැගිටලා වොශෲම් එකට බඩ ගෑවා..බඩ ගෑවා කිව්වට බඩ ගෑවමත් නෙමෙයි.ගියා...

.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

"ම්ම්ම් රහයි නේ"

"ජිමා වාසනාවන්තයා මේවගේ හදුනානොගත් කෑම ජාති කන්න"

"යහ්හ්හ් මෝඩයා"

"හා හා හිර කරගන්නෙ නැතුව කන්න "

ඇත්තටම සොන්හියා මොන මගුලක් හදලද මන්දා..නමක් දන්නෙත් නෑ..හැබැයි රහයි..මම කාලා ස්ටොබෙරියා ඩයිනින් ටේබල් එක අස් කරනකන් සෝෆා එකට ගිහින් ඩ්‍රාමා එකක් දාගත්තා බලන්න..

Secret ||KTH| (Completed)Where stories live. Discover now