#Secret
Chapter 01
"හැරෙන්නකු මගෙ මෝචියෝ...."
"යනවකො යන්න. එන්නෙපා දැන්"
"මන් එයා දිහා බැලුවෙම නෑ අනේ. නෑ නෑම තමා. ඔයානෙ මගෙ මෝචියා.අනේ අනෙ මෝචියෝ.... යා සාශා ! කියන්නකො අනෙ මෙයාට...."
"සාශා මොනා කියන්නද!? මන් දැක්කනෙ ඒකි අර පත පස්චාත් බාගෙ වනද්දි සෙවල පෙරිච්ච හැටි"
"ඊයා... සෙවල...! අය්යො... නෑ.. මන් බැලුවෙ නැ අනෙ.ඇත්තමය් මන් බැලුවෙ ඒකි අතේ තිබ්බ බර්ගර් එක දිහා. ඒකෙ චීස් පෙත්ත එල්ලි එල්ලි තිබ්බෙ."
"අනේ සාශු කියන්නකො අප්පා මෙයාට"
"මමද වැරදි කියන්නකො සාශු ! ඔයත් දැක්කනෙ හොදටම"
මගෙ දකුණු කන පුරෝලා දාන තරම් චැක චැක ගාන්නෙ මගේ පාප මිත්තරි සොන්හි යයි එයාගෙ වෙන්ඩ හස්බන්ඩ් ජිමිනයි. මගෙයැයි වැරැද්ද. මොකෙක්ද එකියෙක්ගෙ පැද්දිල්ලකට ජිමිනා කෙල හැලුවා කියලා තමා ඔය සොන්හියට මල පැනලා තියෙන්නෙ.
තත්පරේට හිස්ට්‍රි සර්ට දික් කරන් හිටපු යස්සනි ටය්ප් එකේ මූනම උන් දෙන්නගෙ පැත්තට හරෝලා ආය ඉස්සරහා බලාගද්දිනම් දෙන්නගෙම කට වැහුනා.
ඒත් කන්කරච්චලේ ඉවරයක්නම් නෑ. ඒ වෙනුවට මගෙ පිටිපස්සෙ ඉන්න ටේහ්යුනා වම් පැත්තෙ කනට හොම්බ දික් කරන් පුස් පුස් ගගා පිඹිනවා.
"මොකද!"
බැරිම තැන ඒකටත් පිප්පුවා මම. ඇය් දෙය්යනෙ මේ ගුරා ඇස් දෙක ඉස්සරහා ඉද්දි මුන් මේ බෙරිහන් දිදි වද දෙන්නෙ.
"කූල්ඩව්ල් සාශුයා ... කූල්ඩව්න්...."
ටේහ්යුන් හය්යෙන් හුස්ම අරන් පූස් ගාලා පහලට දාන ගමන් එක අතක් කට ගාව ඉදලා පහලට අරන් ආවා.මේ යකා මගුලක් කියෝනවා.මට මේ පුශ්ප පැනලා ඉන්නෙ. මට දැන් මුන් තුන්දෙනාව කන්න තරන් බඩත්ගිනි.
ඒත් කොහෙද ඉන්ටෝල් එක දීලත් මොකක්ද එකක් කියලා මේ ගුරා අපිට යන්න දෙන්නෙ නැ. කියන්න තියන එක කියන්නෙත් නැ.
දඩස්💥 ඩෝන්💥 ඩෝන්💥
"හරි ලමය්.. කෝ අහන්න ලමය්... ලමාය්ය්ය්.."සර්කාරයා මේසෙටත් දඩබඩ ගාලා තඩිබාලා එයාගෙ කතාව පටන් ගත්තා.
YOU ARE READING
Secret ||KTH| (Completed)
FanfictionIt's a secret Babee😉🤫 Start Date:- 2021.08.01 Published Date:- 2021.08.06 Finished Date:- 2021.12.18