වසර පහකට පසු.....
"ඒයි...කන්නාඩිපොලගී.."
මම බිම බලාගෙන යද්දි මගේ ඉස්සරහට පැන්න කෙනා නිසා මම නැවතුනා....ඒ ටිශා....අපි ඉන්නෙ කොලේජ් එකේ...බෝතල් අඩි කන්නාඩි දාන් හැමවෙලේම පොතකට මූන ඔබන් ඉන්න නිසා මට වැඩිය යාලුවෝ හිටියෙ නෑ...ටිශා නිතරම කලේ කොලේජ් එකේදි මාව පල් කරන එක....මටත් දැන් ඒවා පුරුදුයි...මේ අවුරුදු පහට මම කතා කලේ මගේ හීන එක්ක විතරයි..
"හහ්...මේ කන්නාඩිපොලගි තාම හීන ලෝකේලු නේ ජීවත් වෙන්නේ...පව් අසරන ජීවිත...."
ටිශාගේ යාලුවෙක් කියද්දි මම බිම බලාගෙනම හිටියා..
"ඔව් බං...මේකිගෙ අම්මාත් මැරිලා තියෙන්නේ ඔය කාටුන් පිස්සුව ඔලුවට ගහල.."
ඒක ඇහිලාවත් මම ඔලුව ඉස්සුවෙ නෑ...මොකටද...මගේ අම්මා මොන වගේ කෙනෙක්ද කියලා මම දන්නවා...අනිත් අයට ඒ ගැන විස්තර කරන්න ගිහින් වචන නාස්ති කරගන්න ඕන නෑ...ඒ මම දුර්වල නිසාද??? වෙන්න ඇති...මම දැනුවත්ව කාටවත් වදයක් වෙන විදිහට මම හැසිරිලා නෑ...මම හිටියත් නෑ වගේ ඉන්න කෙනෙක්..
"මොකද තමුසෙ ගොලුද..."
"ඒකි ගොලු නෑ බං....ඕකි අපිට බයයි.."
එයාලාගේ කතා නාහා මම හිමින් එයාලාව මග ඇරලා යද්දි එක පාරටම ටිශාගේ යාලුවෙක්ගෙ කකුල් මාට්ටුවක පැටලිලා මාව බිමට වැටුනේ පොත් ඔක්කොම සී සී කඩ විසි කරන ගමන්..
"හහ්...කන්නඩි දැම්මත් මේකි පොට්ටයි.."
බිම තියන පොත් දිහායි මා දිහායි නෝන්ඩියට බලපු ටිශා පොතකට පයින් ගහන් එයාගේ පිරිවර එක්ක එතනින් ගියේ කොරිඩෝවේ මම විතරක් තනි වෙද්දි....මට කිසි තනියක් නෑ...මේක මට හුරුයි....මම ඇදුම හදාගෙන සී සී කඩ තිබ්බ පොත් අහුලන්න ගත්තේ තොල් වලින් ලේ රහක් දැනෙද්දි....ඒත් මට ගානක් නෑ....ටිශාගෙනුයි කුඩම්මාගෙනුයි මට මීට වඩා ගුටි බැට හම්බෙලා තියනවා....මම පන්තියෙ වැඩිම ලකුනු ගත්තා කියලා පන්තිබාර මිස් කිව්ව දවසෙ...
"හැමදාම ඔහොම ඔලුව නමන් ඉන්නද හදන්නේ...."
මම පොත් ටික එකතු කරද්දි මම ඉස්සරහට දික් උන අතක තිබ්බේ මම චිත්‍රයක් ඇදපු කොලයක්...මගෙ පොතක තිබිලා වැටුන එකක්...මම එයාගේ මූන බලන්න ගියේ නෑ...කටහඩ නම් පිරිමි කෙනෙක්ගෙ....ඒත් කොලේජ් එකේ කොල්ලො මාව බයිට් එකට ගන්නවා ඇරෙන්න වෙන මුකුත් නෑ...මම නිහඩවම එයාගේ අතේ තිබ්බ කොලේ අරන් බිම බලාගෙනම හිටිය කෙනාව පහු කරා...
"ස්තූතියි....මම එයාට ඔලුව නවන් ඉන්නෙ එහෙම නොකලොත් මාත් එයාගෙ තත්වෙට වැටෙන නිසා..."
මොනා උනත් ආපු කෙනා මට උදවු කලානේ...ඒ නිසා එයාට ස්තූති කලේ මම ලොකුකම තියන කෙල්ලෙක් කියලා එයා වැරදියට තේරුම් ගනියි කියලා හිතුන නිසයි...මා ගැන කවුරු උනත් මම ආස නෑ මං ගැන එහෙම හිතනවට...
පොත් ටිකත් එකතු කරන් මම කොලේජ් එකෙන් එලියට ගියේ කොලේජ් ඉවර වෙන බෙල් එක වැදුන නිසා....ටිශාව එක්කක් යන්න බාප්පා (කුඩම්මා බැදපු කෙනා) වාහනයක් එවලා තිබ්බා..මම පුරුදු විදිහට බිම බලාගෙන ගෙදරට යනකල්ම පයින් ගියා....
ඔයාලා ආන්යා ගැන හිතන්නේ කොහොමද...
දුර්වලද...
ශක්තිමත්ද...
හැමෝටම ඔලුව පාත් කරන් ඉන්න නෝන්ජල් කෙල්ලෙක්ද...
ආන්යා ඉන්න තැන ඔයා ඉන්නවා කියලා හිතන්න...මම එතන හිටියා නම්...මම කවදාවත් ඔය විදිහට ඉන්නෙ නෑ...මට ඒ තරම් තරහා පාලනය කරන් ඔලුව නවන් ඉන්න බෑ...
CalypsoArellano1 & ChenuliSathkumara
🌝💞 නිවැරදි උත්තරෙ දුන්නා...පිලිතුර එරික්
ඔන්න කපල් එක ඒරියල් & එරික්...
කාටුන් එක the little mermaid
මේත් ඒරියල්ම තමා...
🤗 අද ප්රස්නය....කොනීලියස් කියන්නේ කාගේ කුමාරයද...
🙈🙊🙉
YOU ARE READING
Disney ✔️✔️
Short Storyඅනිත් අය ඉංජිනේරුවෝ , විද්‍යාඥයන් වෙන්න හීන දකිද්දි මගේ හීනේ උනේ වෙනම දෙයක්.... මම කොහොම හරි මගේ හීනෙට යනවා...මොන බාදක ආවත්.. එයා තමා මට හීනයක් දුන්නේ...වෝල්ටර් ඩිස්නි...නැත්තම් වෝල්ට් ඩිස්නි...එයා දීපූ හීනයට මම කොහොම හරි යනවා....එයා නතර කරපු තැනින්...