ජිම් කාර් එක එලවද්දි මම ජනේලෙට හේත්තු වෙලා මම ආපු ගමන මතක් කරා....අඩියෙන් අඩිය මම ටික ටික ආපු විදිහ....මට දැනුනේ සතුටක්ද සැනසීමක්ද ඒ මැද හැගීමක්ද දන්නෙ නෑ....මොනා උනත් ඒ හැගීමට මම ආසයි...
මට නොදැනිම මම නිදි දෙව් දුවගෙ තුරුලට ගියා...
"අදා....අදා....මොතද කරම්නේ..."
ඒ අර චූටි කොල්ලා...එයා අද ඉන්නේ එක කෙල්ලෙක් එක්ක...අජා කියන කෙනා එක්ක..
"ඇදම්....මේ බලල්ලකෝ...."
අජා ලස්සන රෝස මලක් ඇඩම්(ඇදම්) ට පෙන්නුවා...
"සා....අදා...උයා කැමති නැද්ද මගෙ බියුති වෙන්න..."
"ඒත් උයා බීස්ත් නෙමේනේ.."
"මේම හිතියට මම බීස්ත් කෙනෙක් හොදේ..."
ඇඩම් ගොරවගෙන අජාගේ ඇගට පැන්නා...දෙන්නම බිම....
"ඇදම් මගෙ කොන්ඩෙ කන්න එපා..
කුති අලේ..."ඇඩම් කෙල්ලට බිම පෙරලන් කුචි කවනවා...
"අකිරා...අකීරා...."
මම ඇහැරුනේ ජිම්ගේ කෑ ගැහිල්ලට..
මේ යෝදයට මගෙ නම මතක නෑනේ..."මම ආන්යා..........."
"හී....මම බාබි කියලම කියන්නම්...බහින්නකෝ..."
මම ජිම්ටත් ඔරවන් කාර් එකෙන් බැහැලා වට පිට බැලුවේ ජිම් මාව මේ තරම් උවමනාවෙන් උස්සන් ආවේ කොහාටද බලන්න..
දෙයියනේ......
ඒ...
ඩයමන්ඩ් පැලස්.......
"ජි......ජිම්....."
"බාබි...මේ ආරංචිය ඇහුවම මට වඩා සතුටු වෙන්නේ ඔයාගේ අම්මායි තාත්තයි.."
ජිම් කිව්වේ අත් දෙක ජැකට් එකේ සාක්කුවට දා ගන්න ගමන්...
එයා නිහඩව හිටියේ මට යන්න කියන්න වගේ....මම ඉස්සරහට ගියා...නෑ...මාව යැව්නා...මටත් හොරෙන් මගේ ඇස් වලින් කදුලු කැට කඩන් වැටුනා...මම හිමීට ගියේ වත්ත කෙලවර තියන සොහොන් කොත් දෙක ගාවට...
John Smith & Lisa Dasantiya...
ඒ නම් දෙක මට පෙනුනේ බොද වෙලා.
YOU ARE READING
Disney ✔️✔️
Historia Cortaඅනිත් අය ඉංජිනේරුවෝ , විද්‍යාඥයන් වෙන්න හීන දකිද්දි මගේ හීනේ උනේ වෙනම දෙයක්.... මම කොහොම හරි මගේ හීනෙට යනවා...මොන බාදක ආවත්.. එයා තමා මට හීනයක් දුන්නේ...වෝල්ටර් ඩිස්නි...නැත්තම් වෝල්ට් ඩිස්නි...එයා දීපූ හීනයට මම කොහොම හරි යනවා....එයා නතර කරපු තැනින්...