Disney 9

423 90 26
                                    

අලුත් දවසක්...
අලුත් ජීවිතයක්....

නාගෙන හිමිට ටීවී එක ගාවට ඇවිත් සෝපා එකට පැන්නෙ කාලෙකින් ටීවී බැලුවෙ නිසා...
ඒ එක්කම මට මතක් උනේ කුඩම්මා කඩලා දාපු මගෙ පෝන් එකේ තිබ්බ දේවල්...මම කොයි තරම් අමාරුවෙන්ද ඒවා හැදුවෙ..කුඩම්මට එක විනාඩියයි ඒවා විනාශ කරන්න ගියෙ...මම ඇඩුවා කියලා මට ආය ඒවා ලැබෙන්නෙ නෑ...මම ට්‍රයි කරනවා..ආය මුල ඉදන් පටන් ගන්නවා...

කල්පනා ලෝකේ හිටිය මම ගැස්සුනේ ටීවී එකේ නිවුස් වලට කිව්ව දෙයින්..

ඩ්‍රීම්ස් කම්පැනියේ අනාගත හිමිකාරිය ආන්‍යා ඩිස්නි අතුරුදන් වෙයි..
මෙය කප්පන් ගැනීම සදහා කල පැහැර ගැනීමක් බව සැක යැයි ඇගේ භාරකාරිය පවසයි...
ඇයව සොයා දෙන්නෙක්ට දසදහසක මුදලක් දෙන බව ඇගේ භාරකාරිය වැඩි දුරටත් සදහන් කරයි..

නම - ආන්‍යා ඩිස්නි
වයස- විසි එකයි
උස - සෙන්ටිමීටර් එකසිය පනස් හයයි
මද්‍ය්ම ප්‍රමානයේ සිරුර
පැහැපත් සම
රවුම් කන්නාඩි යුගලක් දමා සිටියි
හිස කෙස් දුරුබු පැහැතිය..

"අහ්..කප්පන් ගන්න ..කාට කියන්නද මේවා.... දහදහක්...කුඩම්මා මාව හොයන්නෙ මොකටද...ම්ම්ම්.."

ඒ ගැන මොලේ වෙහෙසෙද්දි මට එකපාර මතක් උනේ ක්ලෙයා...එයාව කොහොම හරි හම්බෙන්න ඕන..ඒත්..මම තවත් මේ රටේ ඉන්නෙ නැ...කුඩම්මා මාව හොයා ගනීවී...ආය..රටෙන් බැරිනම් මම වෙන නගරෙකට හරි යන්න ඕන...ඔක්කොම අලුතින් පටන් ගන්න ඕන....

ගේ අනික් පැත්ත පෙරලලවත් මට පෝන් එකක් හොයාගන්න බැරි උනා..අවසානේ මම තීරනේ කලා කන්න බඩු ටිකකුයි පෝන් එකකුයි ගන්න එලියට යන්න...යන්න තැනක්වත් තාම හිතලා නැති එකේ කන්න බඩු ටිකක් එපැයි...
ඒත්..මම එලියට යන්නෙ කොහොමද...මගේ ෆොටෝස් ටීවී එකෙන් පෙන්නද්දි...ආඅ....

මම කෙලින්ම ගියෙ කන්නාඩිය ඉස්සරහට...ටිකක් වෙනස් වෙමු...එතකොට හරි...
කතුර අරන් මූනම අදුරු කරන් මූනට වැටිලා තියන දුබුරු පාට රැල් කෙස් ගස් ටික හිමීට කැපුවා...ලොකු වෙනසක් නෑ...ඒත් කුඩම්මා මාව දන්නේ තැම්පත් කෙල්ලෙක් විදිහට...මම එහෙම නෑ...

මූන වැහෙන්න තිබ්බ කොන්ඩ රැල් ටික කපලා අයින් කරලා කොන්ඩෙත් ටිකක් කොටට කැපුවා...කන්නාඩි දෙක ගලෝලා අයින් කරන්න හිතුනා...ඒත් ඒකට තව කල් තියනවා...ඇහැ කහනවටයැ මේවා දාන් ඉන්නෙ..හේතුවක් ඇතුවනේ...

දැන් මම අලුත්...මම ගොඩක් ලස්සනයි..මට හිතුනා..

(🙂💞cover එකේ ඉන්න කෙල්ල වගේ කියලා හිතම්න..)

අම්මලාගේ කාමරේට මම ගියෙ බෑග් එකක්වත් හොයා ගන්න...
මම නිකමට අල්මාරිය ඇරියා...

ඒකේ තනිකරම තිබ්බෙ සිහිවටන...අම්මාගෙයි තාත්තාගෙයි ආදරයෙ සිහිවටන....

ඒ අතර මගේ හිතට තදින්ම කිදා බැහැපු දෙයක් තිබ්බා...
මගේ නම දාන්න මූලික උන කතාව...anastasia.
ඒකේ වගේම සංගීත පෙට්ටියක් අල්මාරියෙත් තිබ්බා....

මම නිකම ඇද ලග මේසෙ තිබ්බ යතුර ඒකේ යතුරු හිලට දැම්මා...

ඒ එක්කම සින්දුව ඇහෙන්න ගත්තා..

Dancing bears....painted wings..
thing i almot remember..
and a song someone sings.
once upon a december...

(anasitasia:one upon a december)

(සුලගක් හැමුවා..මද සුවදක් සමගින්
ගීයක් ගැයුවා තවමත් මතකයි මට නම්..
රග දෙන වලසුන් ලස්සන සමනල්ලුන්..
ගීයක් ගැයුවා එක් දෙසැම්බරයක)

(Anastasia :sinhala song once upon a december ).




ඒ එක්කම අල්මාරියේ උඩම තට්ටුවේ තිබිලා කොලයක් බිමට වැටුනා.
සංගීත පෙට්ටිය ආය අල්මාරියෙන් දාලා මම පහලට නැවුනේ ඒ කොලය ගන්න...ඒක පොටෝ එකක්..

යන්න තැනක් ගැන හිතාගන්න බැරුව හිටිය මට ඒක දැක්කම යන්න තැනක් ලැබුනා...ඒ පොටෝ එකේ ලස්සන අත් අකුරින් ලියලා තිබ්බේ....

ඔයා ඔයාම වෙන්න..








🙂👏 ටිකක් පරක්කුයි නේද..

ඉස්කෝලේ අලේ..

පුලුවන් වෙලාවට අප්ඩේට් දෙන්නම්..

කලින් ප්‍රස්නෙට උත්තරේ ඇලෙක්සා සහ ලියානා.

ඒ කතාව යාලුකම , විශ්වාසය , පොරොන්දු සහ සංගීතය එක්ක දිවෙන කතාවක්...

අද ප්‍රස්නේ...

Tikki + Adrien =

😁 කවුද.....

මේක ගොඩාරියක් ලේසි ප්‍රස්නයක් නේද මගේ හිතවත් රීඩර්ස් ස්නෝ බේබිලා 😁😁😁

ආන්‍යාට හම්බුනේ මොන වගෙ පොටෝ එකකක්ද මන්දා

Disney ✔️✔️Where stories live. Discover now