සතියකට පසු.......
ක්ලෙයා ඒ ගෙදර ඉන්නෙ තනියෙන්...එයාගේ අයියා මම එන්න කලින් දවසෙ ගිහින්.... අපි දෙන්නා ගොඩක් විනෝද උනා...මම මගේ අලුත් වැඩ ටික පටන් ගත්තා....
අද ක්ලෙයා එයාගේ අයියා හම්බෙන යනවා...මටත් ඉන්ටව් එකක් තිබ්බ නිසා අපි දෙන්නා උදෙන්ම ඒ වැඩ වලට ගියා...
මම ගියේ ටැක්සි එකක...ඩයිවර් සද්ද නැතුව ටැක්සිය එලවද්දි මම ෆයිල් මිටිය තුරුල් කරන් නියපොත්ත කකා හිටියේ නොඉවසිල්ලෙන්...ඒ එක්කම මම ගිය වාහනේ හරස් කරලා කැබ් එකක් නැවැත්තුවා...ඩයිවර් එයාලා එක්ක කතා කරන්න ගිය නිසා මම කන්නාඩි දෙක හදා ගෙන ෆයිල් ටික ආය කියවන්න ගත්තා...මේ මගේ පලවෙනි පාර...මම ආස නෑ වරදක් වෙනවට...
ඩයිවර් ආය වාහනේට නැග්ගා...මම එයා දිහා නොබලම ෆයිල් ටික කියවන්න ගත්තා...
"මිස් ඩිස්නි..."
ඩ්‍රයිවර් මට කතා කලා....මොකක්...එයා මගේ නම දන්නේ නෑ...ඒ කටහඩත් මට හුරුයි...ෆයිල් ටික බෑග් එකට ඔබලා මම බැලුවේ ඩ්‍රයිවර් දිහා...
"ජෝර්ජ් අන්කල්...."
එ...එතන හිටියේ...ඩ්‍රයිවර් නෙමේ...ජෝර්ජ්..මගෙ කුඩම්මාගේ මහත්තයා....මම කාර් එකේ දොර අරින්න ගියත් ඒක ලොක් කරලා තිබ්බා...
"ඔයාට පැනලා යන්න බෑ ලිට්ල් ප්‍රින්සස්...දැන් කෙලින්ම ගෙදර ..."
මම දොර ඇර ගන්න දගලද්දි ජෝර්ජ් අන්කල් වාහනේ ගෙනිච්චා...එතකොටයි මම දැක්කේ...කලු පාට කාර් ගොඩක් මාව වට කරලා....ඒත් මම උත්සහය අත ඇරියේ නෑ....මගේ සාක්කුවේ තිබ්බ පොඩි පිහි තුඩෙන් ඇනලා ඇනලා මම දොර අගුල ඇර ගත්තා....ඒත් ජෝර්ජ් අන්කල් දිගටම යනවා...මම දොර ඇරියා කියලා එයා දැක්කා...
"උබට යන්න බෑ..."
ජෝර්ජ් අන්කල් කෑ ගහද්දි මම කාර් එකෙන් එලියට පැන්නා....
රෝල් වෙලා ගිහින් මාව වැටුනේ පදුරක් අස්සට...ගලක වැදිලා මගේ කකුලෙන් වගේම ඔලුවෙන් ලොකු කැක්කුමක් ආවත් ජෝර්ජ් අන්කලුයි ඒ එක්ක ආව අනික් වාහනයි බ්‍රේක් ගහනවා දැක්ක නිසා වේදනාව යකාට ගියාවේ කියලා මම දිව්වා...මගේ බෑග් එක....ඒක...ඒක පාර මැද්දේ.... 😢දෙවනි පාරටත් මගේ හීනෙ බොද වෙනවා වගේ දැනෙද්දි මම දිව්වා....නැති උන බෑග් එක හොයා ගන්නත් මම ජීවත් වෙලා ඉන්න ඕන...
මට දුවගෙන යන්න තරම් හයියක් තිබ්බේ නෑ...ඒත් මම උත්සහ කලා...කකුලේ වලලුකරෙන් ලොකු වේදනාවක් එද්දි මම ඒක යටපත් කරන් දිව්වා...
"ඉක්මන්ට...එන්න..."
කොහෙන්ද ආපු මනුස්සයෙක් මගේ අතින් ඇදන් දුවන්න ගත්තා...ඒත් ...මම එයාගේ පස්සෙ ගියේ නෑ..මෙයත් ජෝර්ජ් අන්කල්ගේ කෙනෙක් නම්...එයා මගේ අත අල්ලන් දුවද්දි මම මගේ හොදම ආයුදේ පාවිච්චි කරා...
වෙන මොනාද...දත්...ඒ කොල්ලාගේ අත හපලා දාලා මම එයාට විරුද්ද පැත්තට දිව්වා...
මම දිව්වා..
පොඩි දුරක්ද...ලොකු දුරක්ද දන්නෙ නෑ....
stelage කොල්ලා තමා brandon ..
කතාව ටික ටික කම්මැලි වෙනවද..
අනේ මන්දා...
ඒත් සතුටක් ලබාගන්න නම්..ඒ වගේම වේදනාවකටත් මූන දෙන්න වෙනවා...
අද ප්‍රස්නේ.... හෑන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන් ලියපු ගොඩා...ක් ප්‍රසිද්ද කාටුන් එක මොකක්ද...
YOU ARE READING
Disney ✔️✔️
Short Storyඅනිත් අය ඉංජිනේරුවෝ , විද්‍යාඥයන් වෙන්න හීන දකිද්දි මගේ හීනේ උනේ වෙනම දෙයක්.... මම කොහොම හරි මගේ හීනෙට යනවා...මොන බාදක ආවත්.. එයා තමා මට හීනයක් දුන්නේ...වෝල්ටර් ඩිස්නි...නැත්තම් වෝල්ට් ඩිස්නි...එයා දීපූ හීනයට මම කොහොම හරි යනවා....එයා නතර කරපු තැනින්...