"මම හිතන්නෙ මේ මිස්ටර් කෙන්ච්...මම ජිම්....මේ තමා ඔයාලා ස්ටෙලා...."
මම ගොලුවා වගේ ඉද්දි ජිම් කතාව පටන් ගත්තා....එයා ඉන්න එක මට ලොකු හයියක්...
"ආ....මිස් ස්ටෙලා...ඔයා නම් ගොඩක් විශිශ්ටයි...ඇත්තටම තවමත් නිම නොවුන ඔයාගේ මේ අදහස නියමයි...ඔයා ඒකේ අවසානේ හිතුවද..."
"නෑ සර්...මම තාම ඒක ලියනවා..."
"ගොඩක් හොදයි...විශ්වාස කරන්න දරුවෝ ඔයාගෙ කතාවේ එක කොටසක් අපේ රටෙන් හතරෙන් තුනකට වඩා බලලා....ඔයා නම් විශිශ්ටයි..."
මිස්ටර් කෙන්ච්ගේ කතාවට මම ලාවට හිනා උනා....මම කොහොමද කියන්නේ...රටෙන් තුන් කාලක් ආසාවෙන් හිනා වෙවී බලන්නේ මගේ දුක්බර කතාව කියලා....
"මිස් ස්ටෙලා..මම කියන්නෙ මෙච්චරයි...ඔයා නම් සුපර්...ඔයා දන්නවද....මට වෙලාවකට හිතෙනවා ඔයා වෝල්ට් ඩිස්නිගේ නැවත ඉපදීමක්ද කියලා...."
"ස්තූතියි මිස්ටර් කෙන්ච්....ඒත් මම හිතන්නේ නෑ කවදාවත් මට ඒ උතුම් පුද්ගලයාට ලන් වෙන්නවත් පුලුවන් වෙයි කියලා...."
"එහෙම හිතන්න එපා දරුවෝ....කවදාවත් තමන්ව අවතක්සේරු කරන්න එපා...."
එතකොටම කාමරේ දොර ඇරන් ආවේ කලින් ආපු කෙල්ල...
එයා මිස්ටර් කෙන්ච්ට මොනාද මන්දා කිව්වා....ඊට පස්සෙ මිස්ටර් කෙන්ච් අපේ පැත්තට හැරුනා...
"මිස් ස්ටෙලාව හම්බෙන්න කෙනෙක් ඇවිත්....ආ..මිස් ස්කොට්...ගිහින් හම්බෙලා එන්න..."
මිස්ටර් කෙන්ච් එහෙම කිව්වම මම බැලුවේ ජිම් දිහා....එයාත් මා දිහා බලන් ඉන්නවා...මම එයාගෙන් ඇස් අහකට නොගෙනම ඔෆිස් රූම් එකේ දොර ගාවට ගියා....ජිම් මට යන්න කියලා ඉගි කරද්දි මම හිමීට එලියට ආවා....
මම එතනින් ටිකක් එහාට ඇවිත් බැලුවේ මට එන්න කිව්ව කෙනා කවුද කියලා...වට පිට බලද්දි මම දැක්කේ....
😁 බාල්දිය පෙරලන්නයි සූදානම..
YOU ARE READING
Disney ✔️✔️
Short Storyඅනිත් අය ඉංජිනේරුවෝ , විද්‍යාඥයන් වෙන්න හීන දකිද්දි මගේ හීනේ උනේ වෙනම දෙයක්.... මම කොහොම හරි මගේ හීනෙට යනවා...මොන බාදක ආවත්.. එයා තමා මට හීනයක් දුන්නේ...වෝල්ටර් ඩිස්නි...නැත්තම් වෝල්ට් ඩිස්නි...එයා දීපූ හීනයට මම කොහොම හරි යනවා....එයා නතර කරපු තැනින්...