"අකීරා....ආලියා....ආදිරා...අලීටා....කවුරු හරි කමක් නෑ....කෙල්ලේ නැගිටින්නෙ නැද්ද....අද ඉන්ටවිව් එක.....මේ කෙල්ල නම්....අරෝරාව නැගිට්ටන එක ලේසියි ඕයි...."
ජිම් උදේ පාන්දර ගීත ගායනා කරනවා..
"නැගිට්ටෝ....."
මම සොම්බියා වගේ මූන කට හෝදන් ඇවිත් කෑම මේසෙන් වාඩි උනා....
"ජිම්...ඇයි ඔයා මා එක්ක කන්නෙ නැත්තේ..."
"ම්ම්...එතකොට මගෙ මූන පේනවා.."
"මගෙ අම්මාගෙයි තාත්තාගෙයි ෆොටෝ එකක් ඔයාට කොහෙන්ද...මම ඊයේ දැක්කේ...."
"අද ඉන්ටවිව් එක නේද...ඉක්මන්ට කන්න...පරක්කු වෙනවා..."
ජිම් මගේ ප්‍රශ්නේ මග ඇරලා එතනින් ගියා....ජිම් ඇත්තටම කවුද...එයා මගේ අම්මාව තාත්තව විතරක් නෙමේ කුඩම්මාවයි ටිශාවයිත් හොදට දන්නවා...
මම කාලා මම ආසම ගවුම ඇද ගත්තා...පුන්චි පුන්චි මිකීගේ රූප වැටුනු ගවුමක්...මම ආසම එක..මේක මගේ අම්මාගේ....මම ඒ නිසා ඒ ගවුමට ගොඩක් ආසයි...ගවුමෙන් එන සුවදට මම ඔක්කොටම වඩා ආසයි...
මම පහලට යද්දි ජිම් ගෝනිබිල්ලා වගේ ඉන්නවා..."දැන් ඉදන් ඔයා ස්ටෙලා හොර්කන්....හරිනේ...මම ඔයා එනකල් එතෙන්ටම වෙලා ඉන්නවා...ඕකේ."
"හරී...."
┉┉┉┉┉┉┉┉┉┉┉┉┉┉┉┉┉┉
"අහ්...අර කෙල්ලව තාම හොයාගත්තේ නැද්ද..."
එලිනා කිව්වේ මේසෙව් උඩ තිබ්බ වතුර වීදුරුවට හයියෙන් පාරක් දීලා...එයා ආන්‍යාව හොයන්න ගොඩක් වෙහෙසෙනවා...
"අම්මෙ...අර අනාත හැතිරිව හම්බුනාද...මම ඕකිට යහතින් ඉන්න දෙන්නෙ නෑ..."
ටිශාත් තමන්ගේ අම්මාට එකතු වෙලා ආන්‍යාට බනින්න ගත්තා...
"ඒකි ගැන මම දන්න ඒවවල හැටියට ඒකිගේ හීනේ කාටුන් හදන එකනේ...එහෙනම් ඒකි මොකක් හරි ඉන්ටවිව් එකකට යන්න ඕන....අද ස්ටෙර්සෝ හෝල් එකේ ඉන්ටවිව් එකක් තියනවා...ඉන්න බලන්න..."
ජෝර්ජ් මූනෙ මහ අජූත හිනාවක් දාන් පෝන් එක කනේ තියා ගත්තා...
📞"හලෝ...."
"මේ ස්ටෙර්සෝ හෝල් එකෙන් නේද..."
📞"ඔව් මහත්තයා කියන්න..."
"මට දැනගන්න පුලුවන්ද ආන්‍යා කියලා කෙනෙක් රෙජිස්ටර් වෙලාද කියලා.."
📞"නෑ..."
"ඉට්ස් ඕකේ....කරදරයක් උනා නම් සොරි."
ජෝර්ජ් පෝන් එක හයියෙන් මේසේ උඩට දමා ගැහුවා...
"ප# බැ## එදා මම උබව අල්ල ගන්නවා...අර කලු මාස්කාරයා හිටියේ නැත්තම්....ඒ ප## පැන්න නිසා මට උබව අල්ල ගන්න බැරි උනා..දැන් උබ හින්දා මට ඉන්න තැනත් නැති වෙන්න යන්නේ..."
"අර ලෝයර්කාරයා අද උදෙත් ආවා.."
එලීනා අත් දෙක බැදගෙන තරහින් පුටුවෙ ඉද ගත්තා...
"එලීනා...ඕකිව අපි ඉක්මන්ට අල්ල ගමු...මම ඒ වැඩේ නියම කට්ටියකට බාර දෙන්නම්කො.."
ජෝර්ජ් කුරිරු හිනාවකින් මූන සරසන් ෆෝන් එක අතට ගත්තා...
┉┉┉┉┉┉┉┉┉┉┉┉┉┉┉┉┉┉
"ජිම්....තැන්කීව්ව්ව්ව්ව්ව්ව්"
මම ඉන්ටවිව් එක ඉවර වෙලා එලියට ආපු ගමන් ජිම්ගේ බෙල්ල බදා ගත්තේ සතුටට....
"එහ්...ඒයී...අවුරෝරා...මගෙ බෙල්ල...හුම්ම ගල්ල බෑ යකෝව්..."
ජිම් මරන්න ගෙනියන බල්ලා වගේ කෑ ගහන හින්දා මම එයාගේ බෙල්ල අත ඇරලා එයාගේ අත් දෙකෙන් තදින් අල්ල ගත්තා...
"මොකද කෙල්ලේ ඔය තරම් සතුටින්..."
"මෝඩ බූරූ හරක් පැට්ටෝ....ඒකවත් තේරෙන්නෙ නැද්ද....එයාලා....එයාලා කිව්වා....කාලෙකට හම්බුන හොදම කතාව මගේ එක කියල..."
මම ඒක කිව්වේ වෙව්ල වෙව්ල...මට දරාගන්න බෑ මේ සතුට..
මම ඒක කියලා ඉවර වෙනවත් එක්කම ජිම් මාව වඩා ගත්තා...
"ඔයා ඒක කරා.....ඔයා ....ඔයා....ඔයාගේ හීනෙට යන්න පාර හදා ගත්තා..."
එයා මාව වඩාගෙන කැරකෙන්න ගත්තා...මට දැන් කැරකිල්ල වගේ..
"ජිමියෝ බිමින් තියන්නකෝ..."
"ඇයි බයද...ආහ්...."
"කැරකිල්ල වගේ අනේ...."
ජිම් මාව බිමින් තියලා ආය මාව බදාගෙන මගේ ඔලුව උඩින් නිකට තියාගත්තා....මට හිතුනා මටත් වඩා එයා සතුටින් ඉන්නේ කියලා....එයාගෙයි මගෙයි සම්බන්දේ මොකක්ද කියලා මට හරියට නොතේරුනත් සහෝදරයෙක් යාලුවෙක් නැති මට ජිම් ඒ හැම කෙනෙක්ගෙන්ම ලැබෙන්න ඕන ආදරේ මට දුන්නා...
"බාබි.....අපි අද ගමනක් යන්...මේ කතාව ඇහුවම මටත් වඩා සතුටු වෙන දෙන්නෙක් ඉන්නවා...."
"කවුද ජිම්...."
"කුමරියනි...කාර් එකට නගින්නකෝ..."
🤔 කාව හම්බෙන්නද යන්නේ????
YOU ARE READING
Disney ✔️✔️
Short Storyඅනිත් අය ඉංජිනේරුවෝ , විද්‍යාඥයන් වෙන්න හීන දකිද්දි මගේ හීනේ උනේ වෙනම දෙයක්.... මම කොහොම හරි මගේ හීනෙට යනවා...මොන බාදක ආවත්.. එයා තමා මට හීනයක් දුන්නේ...වෝල්ටර් ඩිස්නි...නැත්තම් වෝල්ට් ඩිස්නි...එයා දීපූ හීනයට මම කොහොම හරි යනවා....එයා නතර කරපු තැනින්...