Disney 18

370 81 12
                                    

ඒ එක්කම එතෙන්ට ආවේ හොදට ඇද ගත්ත මැදි වයසේ ගෑනු කෙනෙක්...
මට එයාව දැක්ක ගමන් හිතුනේ මේ ගෙදර පෙනුමට එයාව ගැලපෙන්නේ නෑ කියලයි ....

"තමුන්ට සිහිය ආවද..."

"ඔ...ඔව්...මේ කොහෙද..."

"ටිකක් ඇතුලට වෙන්න තියන ගමක්...කිව්වට අදුර ගන්න එකක් නෑ..."

"මම කොයි වෙලේද මෙහාට ආවේ.."

"මාස්ක් එකක් දාපු කොල්ලෙක් තමා ඔයාව හොදට බලා ගන්න කියලා තියලා ගියේ...එයා ඉක්මන්ට එන්නම් කිව්වා ඔයාව එක්ක යන්න.."

ඒ ගෑනු කෙනාගේ මූනට අමුතු හිනාවක් ආවා...මාස්ක් එකක් දාපු කොල්ලෙක්...කවුද ඒ...ර්..ර්...ර්..මේ මාස්ක්කාරයා කවුද...

"තමුන්ට මෙහෙ ඉන්නව නම් වැඩ කරන්න වෙනවා..."

මම ගැස්සිලා ඒ ගෑනු කෙනා දිහා බැලුවා...



සතියකට පසු......


මම දැන් වැඩ කාරියක්...අර දිරපු ගෙදර තමා මම ඉන්නේ....අර ගෑනු කෙනාගේ මන්දිරයක් වගේ ගෙදර ඔක්කොම වැඩ උනේ මගේ අතින්....මම ඒ ඔක්කොම කරා....මොකද එයා මට ඉන්න දුන්නානේ...
කවුරු අපිට කොහොම නපුරුකම් කරත් ඒ නපුරුකම් ඔක්කොම ඉවසන් හිටියොත් සතුටක් නොලැබී තියෙන්නෙම නෑ...දුකවත් සතුටවත් සදාකාලික්ද් නෑනේ...

මම පඩිපෙල හෝද හෝද ඉද්දි කවුරු හරි කෙනෙක් ජනේලෙන් එබුනා...ඊලගට ඇහුනේ ගෙදර කෙනා කා එක්ක හරි රන්ඩු වෙන සද්දේ...

"මම ඔයාට කිව්වෙ එයාව වැඩකාරකමට ගන්න කියලා නෙමේ..මම ඔයාට සල්ලිත් දුන්නා..."

පිරිමි කටහඩක්...

"ඒත් ඒ කෙල්ලව නිකම් තියා ගන්න බෑනේ..."

"අහ්....මගෙ වරද..."

ගෙදර අයිති කෙනා මොනාද කියවද්දි ඒ පිරිමි කෙනා කඩාගෙන බිදගෙන ගෙට ඇවිත් මගෙ අතකින් අල්ල ගත්තා...

"ඔ....ඔයා කවුද..."

"මෙහෙ එනවා..."

මම එයාගෙන් අත නිදහස් කරගන්න ගියත් ඒ ශක්තිමත් අත් වලින් මගෙ අත් ගලවගන්න මට බැරි උනා...ඒ අර මාස්ක්කාරයා...





ඉවර වෙන්න ලගයි
කම්පියුස් නේත...

උත්තරේ ඩොක්ටර් සියුස්..

අරෝරාගෙ කුමාරයා කවුද

Disney ✔️✔️Where stories live. Discover now