Disney 14 Disneyland 2

390 78 21
                                    

අවට තියන දේවල් බලන් මම හිමීට ඇවිදන් ගියේ ඩිස්නි ලන්තේ මැද තියන මගේ මේ පිස්සු මෝඩ හීනෙට වගකියන්න ඕන කෙනා ලගට...

ඔව්...ඒ වෝල්ට් ඩිස්නි..
එයාගේ ප්‍රතිමාවක්...
එයා ඇත්තටම හිටියා නම් මම එයා ගාවට එන්නේ මීට කලින්...මට ගොඩක් කල් ඉදන් ඕන වෙලා තිබ්බා...ඩිස්නිව හම්බෙන්න...ඒත් මම ඉපදෙන්නත් කලින් එයා ලෝකෙන් ගිහින්..

"ඩිස්නි...ඔව්..මම ඔයාට කතා කරන්නෙ...ඔයා දන්නවද...ඔයා නිසා මට ලැබුනු දේවල්...මගේ අම්මායි තාත්තායි හම්බුනෙත් මෙතනදි...තාත්තාගේ ජැකට් එකේ ශිපර් එකේ අම්මාගේ කොන්ඩෙ පැටලිලා තිබිලා...අම්මා මෙතන මම වගේ ඔයා එක්ක කතා කර කර ඉදලා තියෙන්නේ....
ඊට පස්සෙ එයාලා රන්ඩු වෙලා..සමාව ඉල්ලලා...ඒ දෙන්නම ඇවිත් තියෙන්නෙ තනියෙන්..ඊට පස්සෙ ඒ දෙන්නා ගොඩක් විනෝද වෙලා...
මම ඉපදෙද්දිම මගේ අම්මා නැති උනත් එයා මට තියලා ගිය ආදරෙ අසීමිතයි...තාත්තා එයාලාගේ අතීතේ කියද්දි මම ඒක අහන් හිටියෙ ගොඩක් ආසාවෙන්...

ඔයා කවදාවත් හිතන්නෙ නැතුව ඇති..ඔයාගේ කතා වලින් අනිත් අය ගන්න ආදර්ශ ගැන...ඔයා දන්නවද..මගේ කුඩම්මා මොනා කරත් මම සින්ඩරැල්ලා වගේ ඉවසුවා...ඒත් මගේ හිත ගොඩක් දැගලිවා..රපුන්සල්ට වගේ පිටත ලෝකය බලන්න හිතුනා....මම ආවා....ඔයා දන්නවද...මගේ හීනේ දවසක ඔයා වගේ වෙන්න...මම දැන් කිසි දෙයක් නැති කෙල්ලෙක්....ඒත් මම උත්සහ කරනවා....ඔයා වගේ...ඔයා ණයකාරයෙක් උනා...මුඩුක්කුවක හිටියා...ඒත් ඔයා උත්සහය අත ඇරියේ නෑ...ඉතින් මටත් පුලුවන්....

දවසක මම මගේ අම්මාගෙයි තාත්තාගෙයි හීනෙත් හැබෑ කරනවා...හාහ්...ඔයා හිතන්නෙ මගේ දෙමව්පියෝ කැමති උනේ මම කාටුන් නිශ්පාදකවරියක් වෙන එකට කියලද...නෑ නෑ....එයාලාට ඕන උනේ මම මගේ හීනෙට යන එක...ඉතින්..ඔයා මට හීනයක් දුන්නා...ම...මගේ...අම්මායි...තාත්තායි..කොහෙ..හරි ඉදන්..බ...බලන් ඇති...ඔ...ඔ..."

ඉතුරු ටික කියාගන්න බැරුව මම වෙව්ලුවා...මටත් හොරෙන් මගේ ඇස් අඩන්න පටන් අරන්...

"ඔව්...වෝල්ට් ඩිස්නිත් ඔයා එයාගේ ජීවිතෙන් ඉගනගෙන දුර ගමනක් යන හැටි බලන් ඇති...."












👻👻👻 බූහ්...හාහ්...හාහ්..හා..

කවුද ඒ අවසානෙට ආවේ...

ගොඩ කාලෙකින් නේත...

🙂 අද පුරස්නේ...ලේසි එකක් හොදේ...

සත්‍ය ආදරය ඇතිවෙන්නෙ කපල් එකක් අතර විතරක් නෙමේ...
තමන්ව රවට්ටපු පෙම්වතා...ඔයාලාගේ බාසාවෙන් Ex ගේ දුවට සාප කරපු කෙනෙක්..
ඒ දුවට තමන්ගෙ දුවට වගේ ආදරේ කරනවා...

දුශ්ටයා දුශ්ටයෙක් නොවුන කතාවක්...එක අතකට දුස්ටයා තමා එයාගේ ex ..

ඒ කතාව මොකක්ද..

🙂❤️ ලන්කාවේ ඩිස්නිලන්තයක් හදමු කියන අය මේ කොනට එන්නකෝ...













🙂👋 හඩා වැලපෙමි...
🙂👋 නෙලා ගනු බැරි...
🙂👋 ඩිස්නිලන්ත සිහිනේඒඒඑ

Disney ✔️✔️Where stories live. Discover now