Anya pov...
"අජා....."
ඒ හඩත් එක්කම වටෙම කලුවර උනා..
මම හිටියෙ බස් ස්ටේශන් එකක...එතන කෙල්ලෙක් ඉදන් හිටියා....ඇහ්...ඒත් මම....එතකොට මට දා හතයි...තාත්තා අසුබ ආරන්චිය කිව්වට පහුවදා..මම ඒ බස් ස්ටේශන් එකේ හොදටම ඇඩුවා....ඒත් එක්කම වැස්සක් පටන් ගත්තා...
"අම්මාත් මාව දාලා ගියා...ඇයි තාත්තේ ඔයත් යන්න හදන්නේ...මම මහ කාලකන්නි කෙල්ලෙක්..."
අවුරුදු විසි දෙකෙ මම බලන් හිටියා අවුරුදු දා හතේ මම අඩන හැටි....ඒ වචන...මම මම ගැන කොයි තරම් අවතක්සේරුවෙක්ද හිටියේ....
එතකොටම ඇහුනේ කුඩේකට වතුර වැටෙන සද්දයක්...අවුරුදු දා හතේ මම ඔලුව උස්සලා බැලුවා....ඒ කොල්ලෙක්...කුඩයකුත් අරන්...
එයා මා ගාව වාඩි උනා..."මට ඔයා කිව්ව දේ ඇහුනා....කවදාවත් එහෙම හිතන්න එපා...ඔයාගේ තාත්තා ගොඩක් දුක් වෙයි..."
ඒ කොල්ලා මගේ හිත හැදුවා...ගොඩක් දේවල් කිව්වා...එයා අන්තිමට මට කුඩේ දීලා කැප් එකක් දා ගත්තා...
"අපි ආය හම්බෙයි....බා...බි..."
එකපාරම මාව ලොකු වලකට වැටුනා...
"ජිම්....."
මගේ කෑ ගැසීම කාටවත් ඇහුනේ නෑ...එකපාර ලොකු වතුර වලකින් මාව ගොඩ ආවා...ඒ එක්කම මම ඇස් ඇරියා...
මාව ලණුවලින් පුටුවකට තියලා ගැට ගහලා....මම වට පිට බැලුවේ මේ කොහෙද බලන්න...මේ...මගේ රූම් එක...
"කුමාරිහාමි නැගිටලා වගේ....."
ලා අදුරු කාමරෙට ආපු කෙනාව මට අදුරගන්න අමාරු උනෙ නෑ ජෝර්ජ් අන්කල්....
"මට යන්න දෙනවා....තමුන්ලාට දැන් මගෙන් වැඩක් නෑනේ...."
"හහ්...බලන්නකෝ බේබි මෙයා කියන ඒවා..."
ජෝර්ජ් පැත්තකින් ඉන්න එලීනාගේ ඉන වටේ අත දා ගත්තා....මෙතන ඉන්නෙ මම ජෝර්ජ් අන්කල් කුඩම්මා සහ ටිශා.....තව උස මහත මිනිස්සු තුන් දෙනෙක්....මට මොනා වෙන්න යනවද කියන්න මම දන්නෙ නෑ...
"හහ්..උබේ මහ එකා ඩ්‍රීම්ස් කම්පැනි එකම ලියලා තියෙන්නෙ උබට....ඩ්‍රියනා කම්පැනි එක විතරයි ටිශාගේ නමට ලියලා තියෙන්නේ..."
YOU ARE READING
Disney ✔️✔️
Short Storyඅනිත් අය ඉංජිනේරුවෝ , විද්‍යාඥයන් වෙන්න හීන දකිද්දි මගේ හීනේ උනේ වෙනම දෙයක්.... මම කොහොම හරි මගේ හීනෙට යනවා...මොන බාදක ආවත්.. එයා තමා මට හීනයක් දුන්නේ...වෝල්ටර් ඩිස්නි...නැත්තම් වෝල්ට් ඩිස්නි...එයා දීපූ හීනයට මම කොහොම හරි යනවා....එයා නතර කරපු තැනින්...