වයර් සහ බැලුන්

73 20 6
                                    

ඇති හැකි උන්එක වරකින්බැලුන් වයර් යොදා සැණෙන්

Oups ! Cette image n'est pas conforme à nos directives de contenu. Afin de continuer la publication, veuillez la retirer ou mettre en ligne une autre image.

ඇති හැකි උන්
එක වරකින්
බැලුන් වයර්
යොදා සැණෙන්

රැක ගති උන්
දිවිය තුටින්
දෝරෙ ගලන
මුදල් මතින්

බැලුන් වයර්
නැතිව සොවින්
තව කොටසක්
හෙලති සුසුම්

කතිර ගසන
විට මවාපු
සුර පුරයම
කොහෙද ඉතින්

A/n පාදක වූ සිද්ධිය ,
"අදත් ඔපරේෂන් එක කරන්න වෙන්නෙ නෑ තාත්තගේ."
"කරුමෙ තමයි"
"කරුමෙ නෙවෙයි, ඔයාලා මෙච්චර කාලයක් ගහපු කතිරවල වැරැද්ද, මේ පහසුකම් සපයන්න තිබුණ සල්ලිවලට මොකද වුණේ?"
"දැන් ඉතින් මොනා කරන්නද, අපි ඉතින් කොහොමත් තව ටික කාලෙකින් මැරිලා යනවනේ"
"එතකොට දැන් මේ රටේ ඉන්න පොඩි දරුවෝ??"
රූපයේ තියෙන්නේ ලක්ෂ හය හතක් වටිනා ශල්‍ය උපකරණ. මේවා හැම රෝහලේම නෑ. ඉතින් තියෙන ටික කැඩෙන කල් සුද්ද කර කර නැවත පාවිච්චි කරනවා. මේ ඒවා එහෙම සෝදන්න දාලා තියෙන අවස්තාවක්

සේයාවක රැඳි පදවැල් 📷📸📷📷🔎🔍Où les histoires vivent. Découvrez maintenant