"කටු"ක ඔන්කෝල්

26 5 5
                                    

නාද දෙයි දුරකතන
නිමක් නැත ඇමතුම්
වෝඩ් ETU ද
Admission සමඟින්

නිමා කර ශල්‍ය වැඩ
හෙලා මම සුසුමන්
වාට්ටුව වෙත ගියේ
හැකි තරම් වේගෙන්

A side නම් දෙකයි
B side හයකුයි
බබාලම හරි ගොඩක්
වාට්ටුව පිරිලයි

එකින් එක ගෙන බලා
X ray ද පෙන්නලා
ලේ ගන්න පුරවලා
මව්වරුන් සනසලා

ඩොක්ටර් මේ පහළවෙන්
කෙනෙක් ලාමා යයි
කාඩ් එක ලියන්නට
දැන්ම එනවා දැයි??

තවත් රෙෆරල් බලා
ඉතින් මම එන්නම්
ඇවිත් බොන්නට කහට
ලැබේ නම් සතුටුයි

ඉතින් රෑ අට වෙද්දි
පහළවෙන් තේ එකක්
සමග බිස්කට් කද්දි
දැක්කෙ මම මේකත්

රසායන විද්‍යාව
ප්‍රශ්න බහුවරණත්
තිබෙන ඒ කොළය නම්
ප්‍රශ්න පත්තරයක්

මේ තරම් දෙයක් මම
කෙලෙස හිස දැරුවාද
පුදුමයක් දැනුනි මට
කාලයත් මා ගැනත්

අම්මා දුන්  කිරි තේක
හිස් කරන් මගෙ තැනක
නිදිවරන් පාඩම්
කළේ මෙතැනට එන්න

එහෙත් හරි පුදුමයි
කිරි තේත් අකැපයි
නින්ද නම් දුරමයි
ජීවිතේ වෙහෙසයි....

A/n හදිසියේ ඊයෙ ගත්ත ෆොටෝ එකකට ලියන්න හිතුනෙ...
05/04/2023

05/04/2023

¡Ay! Esta imagen no sigue nuestras pautas de contenido. Para continuar la publicación, intente quitarla o subir otra.
Has llegado al final de las partes publicadas.

⏰ Última actualización: Apr 05, 2023 ⏰

¡Añade esta historia a tu biblioteca para recibir notificaciones sobre nuevas partes!

සේයාවක රැඳි පදවැල් 📷📸📷📷🔎🔍Donde viven las historias. Descúbrelo ahora