:yoongi pov:"යුන්ගි....යුන්ගි"
පැය ගානකට පස්සේ දොරට ගහන සද්දෙත් එක්ක මන් දොර ගාවට ගියේ දෙකක් දීලා ආයෙත් යවන්න හිතාගෙන....
මන් දොර ඇරියා...මෙලී ඇදුම් මාරු කරගෙන.....මෙලීගේ මූනේ පැත්තක් ඉදිමිලා තියෙද්දී මගේ හිත ගැස්සුණේ නෑ කියුවොත් බොරු....."ම්..මේ..මන්..ආවේ..කන්න..කතා..කරන්න.ඔයාට...බඩගිනිත් ඇතිනේ"
මන් මුකුත් නොකියා හිටපු නිසා මෙලීම ගොතගගහ කතා කරද්දී එයා කෑමත් හදලද කියන ප්රශ්නේ මගේ ඔලුව පුරාම කැරකුනා....."තමුසේ හැදුව නම් තමුසේම කනවා....මන් යනවා"
ආයෙත් රූම් එක ඇතුලට ගිහින් කා කී එකත් අරගෙන ගෙදරින් මන් එලියට බැස්සේ මෙලීගේ මූන දිහාවත් නොබලා.....ගෙදරින් එලියට එන්න කලින් dinning table එක දිහා මන් බැලුවා...එයා කෑම ගොඩක් හදලා...මගෙන් ගුටි කාලත් ලැජ්ජ නැතූව ඇයි මේවගේ දේවල් කරන්නේ මෙලී?.....
මගේ කියලා යන්න තිබුන එකම තැනට පැය දෙකක ගමන පැයකින් ආවේ හදවතේ වදදෙන ප්රශ්නත් එක්ක........කා එක ස්ටාට් එකේම නවත්තලා තියලා ගාඩ් කෙනෙක්ට යතුර විසික් කරලා මන් ආවේ mansion එක ඇතුලට.......
"මනමාලයා ඇදුමක්වත් මාරු නොකර මොකද මේ පැත්තේ"
ලිවින්ග් රූම් එකට වෙලා ඇපල් ගෙඩියක් කකා හිටපු ජීමිනා එහෙම කියද්දී මාත් මන් දිහා බැලුවා තාමත් උදේ ඇදපු ඇදුම පිටින්මයි....."යුන්ගියා ඔය අතෙන් ලේ එනවා"
පිටිපස්සෙන් ඇහුන කටහඩට මන් ඒපැත්ත බලද්දී ජීන්හ්යොන් මන් දිහා බලන් හිටියේ පුදුමෙන් වගේ...හ්යොන් මාව ඇදගෙන ගිහින් සෝෆාවෙන් වාඩිකෙරෙව්වා...."හ්යොන් මොකද උනේ ඇයි මේ ලේ"
ජීමිනුත් අපි ගාවට දුවගෙන ඇවිත් අහද්දී හ්යොන් මගේ දකුනු අත පෙන්නුවේ මගේ ඇසුත් පුදුමෙන් ලොකු වෙද්දී......මගේ අත තුවාල උනේ කෝමද...
"ජීමිනා first aid box එක අරගෙන එනවා දුවලා ගිහින්"
ජීන් හ්යොන් ජීමින්ට කෑගහද්දී ජීමින් මෙඩිකල් රූම් එකට දිව්වේ ඉද්ද ගැහුවා වගේ...."මොකද මනුස්සයෝ වෙලා තියෙන්නේ....බඩේ තුවාලේ ටිකක් වේලීගෙන එද්දී අත තුවාල කරගෙන...කල්පනාවෙන් වැඩ කරන්න බැරිද ආහ්"
ජීන් හ්යොන් ඇස්වල කදුලු පුරවගෙන බනිද්දී මන් මතක් කරේ අත තුවාල උන විදිය.....
වීදුරුකටුවලට කැපෙන්න ඇති සමහර විට.....
YOU ARE READING
||DEAR_MAFIA||Completed
FanfictionA broken heart is all that's left I'm still fixing all the cracks Lost a couple of pieces when I carried it, carried it, carried it home I'm afraid of all I am My mind feels like a foreign land Silence ringing inside my head Please, carry me, carry...