Chapter 25

258 78 11
                                    

හවස හය පහුවුන නිසා පාරේ තිබුන traffic එක නිසා යුන්ගි ගේ ඉවසීමේ සීමාව තවත් ඉක්මවලා තිබුනේ......
කා එක ආයෙමත් පිටිපස්සට අරන් අතුරු පාරවල් වලින් දාලා කොල්ලා ගියේ කේන් එන්න කියපු අතෑරලා දාපු බිල්ඩින් එකට....

-"වාව් වාව් තමුසේ ඇත්තටම බයගුල්ලෙක් නෙමේ සුගා"
ගොඩනැගිල්ල ඇතුලට එද්දී යුන්ගිට ඇහුණ අත්පුඩි ගහන සද්දෙත් එක්ක මතු වුනේ කේන්.....

-"ඇයි උබ එහෙම කරේ කේන්....උබට මරනවා නම් මාව මරලා දාන්න තිබුනා"
රතු උන ඇසුත් නහර ඉලිප්පුණු අත්වලිනුත් යුන්ගිගේ තරහ කොයිවගේද කියලා දකින ඕනම කෙනෙක්ට තේරුණා.....

-" මන් ඔය මහත්තයව මරන්න තමා යන්නේ ඒ උනාට මට ආස හිතුනා තමුසෙගේ පොඩි උන් අඩද්දී තමුන්ට තරහ යනවා බලන්න"

-"උබ පිටිපස්සෙන් අනින එකෙක් නේ....මොනා උනත් උබට වඩා කෙල්ලෙක් උන ලෝරාට කොන්ද පණ තියෙනවා ඉස්සරහින් ඇවිත් පිහියෙන් අනින්න..."
යුන්ගිගේ වචන වලට කේන්ට තරහ ගියත් ඒක පාලනය කරගෙනම කේන් හිනාඋනා.....

-"ලෝරා ඇයි උබෙන් පලිගන්න හැදුවේ කියලා මගෙන් අහන්නේ නැද්ද"

-"අහන්න ඕන නෑ උබ වගේ කොන්ද පණ නැති එකෙක්ව මන් මැරුවා කියලා හිතාගෙන වෙන්න ඇති ඒකිට මගෙන් පලිගන්න ඕන උනේ......"

-"මන් උබට කැමතියි සුගා.....හැමදේම කලින්ම දන්නවා වගේනේද...."
කේන් මොනා කියුවත් යුන්ගි කරේ හිනාඋන එක විතරයි......
මෙතනම මරලා දාන්න තරම් තරහ හිතුනත් යුන්ගි ඉවසුවා කුකීට උන පොරොන්දුව නිසා.....

-"ආහ් උබ වැඩි කතාවට කැමති නෑ නේද...එහෙනම් අපි දැන්ම මේ කතාව ඉවර කරලා දාමු....."

-"මාත් ඒකට කැමතියි"
හැන්ගිලා හිටපු Panthers යුන්ගි දිහාට දුවගෙන එද්දී එක එකාගේ බෙල්ල කඩලා දාපු යුන්ගි බලන් හිටියේ කොච්චර ශාප් උනත් තමන්ගේ එකපාරකින් මරන්න පුලුවන් උන Panthers දිහා.....

-"මන් හිතුවට වඩා උබ දක්ෂයි සුගා.....මන් හිතන්නේ අපි දෙන්නා ටිකක් කතා කරමු"

-"මොනාද කියන්න තියෙන්නේ"

-"උබේ ඔම්මා එයාව මරලා දාන්න මට ගොඩක් වෙලා ගියා සුගා...කෑල්ලෙන් කෑල්ල කපලා දාන්න ඒක වෙනම ආතල් එකක්...."

||DEAR_MAFIA||Completed Where stories live. Discover now