-"හිමීට අඩිය තියන්න මෙලී"
හොස්පිට්ල් එකෙන් ගෙදරට ආව කෙල්ලව යුන්ගි කා එකෙන් බැස්සුවෙත් හරි පරිස්සමට......
ආයේ කවදාවත් මෙලීව අතෑරගන්නේ නෑ කියන පොරොන්දුවත් තමන්ටම දීගෙන යුන්ගි මෙලී එක්ක ඇතුලට යද්දී ටේ දුවගෙන ඇවිත් මෙලීගේ කරවටේ අත දාගත්තේ යුන්ගිවත් තල්ලු කරලා....-"ටේහ්යොන්!!"
-"වේහ් වේහ් හ්යොන් මන් මගේ නූනාව පරිස්සමට බලාගන්න දන්නවා හුම්"
පෙට්ටි හීනාවත් දාගෙන මෙලීව උඩ කාමරේකට හරිම පරිස්සමට ටේ එක්ක ගියා....-"හ්යොන් මේ ඔයාගේ නූනා නෙමේ මගේ නූනා!!"
-"අනේ මේ හාවෝ මෙලී දැන් මගේ නූනා ඔයා ආපු අතක් බලාගෙන යන්න"
ටේයි කුකීයි මෙලී වෙනුවෙන් රණ්ඩු වෙද්දී මේ හැමදේම දිහා මෙලී බලන් හිටියේ ඇස්වල කදුලු පුරවගෙන....-"මගේ පොඩි එවුන් දෙන්නා....ඔය දෙන්නයි අනිත් තුන්දෙනෙයි මගේ මල්ලිලා තමයි...ඒ නිසා රණ්ඩු වෙන්න එපා.."
මෙලී ටේකුක්ව ආදරෙන් වැලදගනිද්දී මේ හැමදේම දිහා එක්කෙනෙක් බලන් හිටියේ පුපුර පුපුර......-"ඔය පොඩි මහත්තුරු දෙන්නා මගෙන් ගුටි නොකා පහලට ගියොත් හොදයී දැන්....."
යුන්ගි ගේ තරවටු කටහඩට ටේකුක් දෙන්නා රවන ගමන්ම පහලට බැස්සේ යුන්ගිට හිතින් දෙහි කපන ගමන්....-"පව් යුන්ගියා පොඩී දෙන්නා....."
-"ඕකුන් දෙන්නගේ පොඩි මමනේ දන්නේ...."
මෙලී ඒකට හිනාවෙලා යුන්ගිගේ කොන්ඩේ අවුල් කරද්දී කොල්ලා නොරිදෙන්න මෙලීව තුරුල් කරගත්තා......-"ඔයාට ඉරිසියයි නේද බේබි..."
-"ඔව් ඉරිසියයි තමයි..මන් කැමති දේවල් වෙන අයට අයිතිවෙනවට මම කැමති නෑ....."
-"ඒත්...."
-"ශ්...ඔයා මගේ විතරයි ප්රින්සස්..."
යුන්ගි ඒ තත්පරේම මෙලීගේ තොල් වලට බරවුනේ කාලයක් තිස්සේ බලන් හිටපු ආදරේ හදවතින්ම විදින්න...-" මට කරන්න වැඩක් තියෙනවා ප්රින්සස්..ඔයාට මොනාහරි ඕන උනොත් ජීන් හ්යොන්ගෙන් ඉල්ලගන්න ඒ නැතත් ජූනුයි ටේත් ඉන්නවා පහල..."
-"ඔයත් පරිස්සමින් ගිහින් ඉක්මනට එන්න..."
ආයෙමත් මෙලීගේ නලල සිපගෙන යුන්ගි රූම් එකෙන් එලියට ආවේ ආයෙත් සැරයක් මෙලී දිහා හැරිලා බලන ගමන්.....
.
.
.
-"යුන්ගි අර වෙඩින් ෆොටෝ එක..ඒක කුඩු වෙලා....."
ජීන් අහද්දී යුන්ගි බෙල්ල අතගෑවේ හදිසියට කරන ගොන්වැඩ මතක් වෙලයි....
![](https://img.wattpad.com/cover/288593246-288-k429342.jpg)
YOU ARE READING
||DEAR_MAFIA||Completed
FanfictionA broken heart is all that's left I'm still fixing all the cracks Lost a couple of pieces when I carried it, carried it, carried it home I'm afraid of all I am My mind feels like a foreign land Silence ringing inside my head Please, carry me, carry...