හැමතැනකම විසිවෙලා තිබුන වීදුරු කටු...බියර් කෑන්.....පින්තූර...ආලෝකයට ජනේලෙන් ඇතුලට එන්න බැරිවෙන්න වහගෙන තිබුන කලු ක(ර්)ටන් එක්ක ඒ කාමරේ අරගෙන තිබුනේ මූසල ස්වභාවයක්....තමන්ගේ ආදරණීය බිරිද තමන්ව දාලා ගිය වේදනාවත්,ඇයට තමන් සලකපු විදියත් ගැන යුන්ගිගේ හිතේ තිබුන තරහ, මූසල පෙනුමක් තිබුන කාමරෙන් ඕනවටත් වඩා හොදට පෙනුනා.....
තමන්ගේ ආදරණීය බිරිදගේ අවසන් කටයුතු වලටවත් සහභාගී වෙන්න කොල්ලට පුලුවන් කමක් තිබුනේ නෑ.....මෙලීගේ අප්පා අවසාන කටයුතු කරා කියලා දැනුන් දුන්න දවසේ යුන්ගි හිටියේ මළමිනියක් ගානට...
ඒක අදටත් වලංගුයි...
මෙලීව ඕන නෑ කියලා එදා ගලවලා විසිකරපු මගුල් මුද්ද දැන් කොල්ලගේ ඇගිල්ලක දිලිසෙනවා......
ඒත් ඒ මුද්දට ආයෙත් මෙලීව ගෙන්නන්න බෑ...
හිතක් පපුවක් නැති විදියට හැසිරුණත් යුන්ගි ආදරය ඉස්සරහ දුර්වලයෙක් උනා......
සතිදෙකක් ගෙවිලා ගියත් තමන් ඇවිදින්න ඕන කියන හැගීමවත් යුන්ගිට තිබුනේ නෑ....
බැන්ඩේජ් කරපු කකුල් එක්ක මෙලීගේ සුවද රැදුන මෙලීගේ කාමරේට වෙලා මේ සතිදෙකම යුන්ගි ගත කරන්න ඇති.....
කොට්ට මෙට්ට වලට,
කාමරේ බිත්තිවලට කතා කරන්න පුලුවන් උනානම් කියයි මහරෑ කෑගගහ යුන්ගි අඩපු විදිය.....ආදරෙන් ඉන්න ලැබුනේ දවසක් උනත්,හැමදවසකම මෙලීට රිද්දුවත් කොල්ලා මෙලීව දැක්ක දවසේ ඉදන්ම ආදරේ කරා....
මෙලී එක්ක ලස්සන ජීවිතයක් ගතකරන්න යුන්ගිත් හීන මවන්න ඇති....
ඒත් ඒ හැමදේම එක තත්පරේකින් විනාශ වෙලා ගියේ කොල්ලව පණපිටින් පුච්චන ගමන්.....
තමන්ගේ ඇස් ඉස්සරහම තමන්ගේ ආදරේ ලේ ගොඩක් මැද ඉද්දී කොහොම දැනෙන්න ඇත්ද ඒ හිතට....?
ඊටත් වඩා තමන්ට මෙලීව ආරක්ෂා කරන්න බැරිඋනා කියන හැගීම යුන්ගිව රිද්දවනවා ඇති......තමන්ගේත් මෙලීගෙත් වෙඩින් ෆොටෝ එක තදින් පපුවට තුරුල් කරගෙන යුන්ගි නිදි....
මෙලීගේ කියලා තිබුන එකම පින්තූරයත් තුරුල් කරගෙන කොල්ලා නිදි........"ම්...මෙලී"
නින්දෙනුත් කොල්ලා මුමුණන්නේ මෙලීගේ නම....
ඒහිත අසරණ වෙලා ඇති නේද මහගොඩක් හීනෙන් මුමුණන්න තරම්....."යුන්ගියා"
ජීන් රූම් එකට කෑම ප්ලේට් එකක් අරගෙන ඇවිත් ඒක නයිට් ස්ටෑන්ඩ් එක උඩ තියලා යුන්ගිට කතා කරේ වෙඩින් ෆොටෝ එක අයින් කරන්න උත්සහ කරන ගමන්......
![](https://img.wattpad.com/cover/288593246-288-k429342.jpg)
YOU ARE READING
||DEAR_MAFIA||Completed
FanfictionA broken heart is all that's left I'm still fixing all the cracks Lost a couple of pieces when I carried it, carried it, carried it home I'm afraid of all I am My mind feels like a foreign land Silence ringing inside my head Please, carry me, carry...