"කැමත්ත අකමැත්ත කෙසේ වෙතත් මට එයාව දැකලා පුරුදුයි හ්යොන්"
ටේහ්යොන් කියද්දී යුන්ගි ටේ දිහා බැලුවේ ඒකේ තේරුම මොකක්ද වගේ බැල්මකින්..."මන් ගිහින් එන්නම් හ්යොන්...හෙට පරක්කු නොවී එන්න ඕන හොදද"
ටේහ්යොන් එහෙම කියාගෙන සෝෆාවෙන් නැගිටිද්දී යුන්ගිත් නැගිට්ටේ ටේට සමුදෙන්න...."හරි මන් පරක්කු නොවී එන්නම්...ඔයත් පරිස්සමට යන්න ටේටේ"
යුන්ගි ටේව බදාගෙන ඉවර උනාට පස්සේ ටේ අතත් වනාගෙන ගෙදරින් එලියට ගියේ මෙලීවයි යුන්ගිවයි තනිකරලා දාලා.....:Yoongi Pov:
ටේටේ ගිය ගමන් මන් නලල දෙපැත්ත ඇගිලිවලින් තදින් මිරිකගත්තේ ඉස්සෙල්ලා මන් හැසිරුණු විදිය මතක් වෙලා....
මන් දන්නවා මන් මෙලීට ආදරෙයි.....
ඒත් ටේ නිසා මන් මෙලීට රිද්දුවා....
මෙලී ඇයි ටේට ඒ විදියට සැලකුවේ එයා ටේ එක්ක හොදින් හිටියනම් මන් එයාට අත උස්සන්න කීයටවත් හිතන්නේ නෑ....
මෙලී දැන් මොනවා කරනවා ඇතිද කියලා හිත හිතම මන් පඩිපෙල නැග්ගේ තරමක චකිතයක් එක්ක..."මෙලී...මෙලී මේ දොර අරිනවා"
මන් මෙලීගේ රූම් එකේ දොරට තට්ටු නොකරම එයාට කතා කරත් අනිත් පැත්තෙන් කිසිම ප්රතිචාරයක් මට ලැබුනේ නෑ....."මෙලී..."
දොරට අත තියනවත් එක්කම දොර ඇරුණා...
එයා දොර ලොක් කරගෙන නෑ....
රූම් එක වටේම මන් බලද්දී හා පැටියෙක් වගේ ඇදට ගුලිවෙලා ඉන්න මෙලීව මගේ ඇස් වලට අහුඋනේ හරිම ඉක්මනට....
මන් හිමින් හිමින් එයා ගාවට ලන්උනා....
තාමත් ඒ කම්මුල් වල වේලුණු කදුලු පාරවල්....
කම්මුලේ එක පැත්තක තද රතුපාටට මගේ ඇගිලි සලකුණු වෙලා තියෙද්දී මට ඒකෙන් ගොඩක් රිදුනා....
මටත් නොදැනීම මගේ ඇගිලි ඒ රතු කම්මුලක් හරිම ආදරයෙන් ස්පර්ශ කරේ ඒ මූණේ තිබුන සිනිදු සම මගේ ඇගිලි අතර ඕනාවටත් වඩා දැනෙද්දී....."ම්ම්හ්.."
මෙලීගේ කටින් සිහින් කෙදිරියක් පිටවෙනවත් එක්කම එයා හිමීට ඇස් ඇරියා ඒත් තාමත් මගේ ඇගිලි ඒ මූණේ..."මිආනේ යුන්ගියා"
මෙලී ඉක්මනට ඇදෙන් ඉදගෙන ටිකක් පිටිපස්සට උනේ මගෙන් ඈත්වෙන්න වගේ....
එයාට දැනෙන්න ඇති එයා දකින්න ඇති මගේ ඇගිලි එයාගේ මූණ පුරා රටා මවනවා...
ඇයි එහෙනම් මගෙන් ඈත්වෙන්න හදන්නේ මෙලී....
ඔයා මට බයද....?
මට බය වෙන්න එපා මන් ඔයාට ආදරෙයි...
මන් ඔයාට නපුරු විදියට සලකද්දී ඔයා මට බය නොවී ඉන්නේ කොහොමද නේද මෙලී....?
![](https://img.wattpad.com/cover/288593246-288-k429342.jpg)
YOU ARE READING
||DEAR_MAFIA||Completed
FanfictionA broken heart is all that's left I'm still fixing all the cracks Lost a couple of pieces when I carried it, carried it, carried it home I'm afraid of all I am My mind feels like a foreign land Silence ringing inside my head Please, carry me, carry...