Chapter 23

229 70 7
                                    

කලු ෆුල්සූට් එක ඇදලා කොන්ඩෙත් අතින් හදන ගමන් යුන්ගි පහලට ආවේ කම්පැනි එකට යන්න ඕන නිසා.....

-"ටේහ්යොන් ජීමින් ඉක්මනට එනවලා පරක්කු වෙනවා"

-"කෑගහන්න එපා හ්යොන්....."
ටේමින් දෙන්නා mansion එකෙන් එලියට වෙලා කෑගහන යුන්ගි ගාවට එන ගමන් කියද්දී ඒ මුකුත් ගනන් නොගෙනම යුන්ගි ඉස්සරහ බලාගත්තේ ටේමින් දෙන්නාට රවලා.....

-"මනමාලියෙක් බලන්න යනවා කියලා හිතුවද තමුන්ලා ඔච්චර ලෑස්ති උනේ"

-"හ්යොන්ගේ කම්පැනි එකේ ලස්සන කෙල්ලෝ නැද්ද ඉතින්"
ටේ යුන්ගිගේ උරහිස උඩින් මූණ තියාගෙන ඇහුවේ යුන්ගිව පොඩ්ඩක් ශේප් කරගන්න කියලා හිතාගෙන........

-"ඇයි ශැඩෝස්ලා ඉන්නේ....ඒ එකෙක් එක්ක යාලුවෙනවකෝ.....ආහ් ශුකීත් හොදයි ටේ ඔයාට නම්"

-"ඇයි අර හාවාගෙන් ගුටි කන්නද ටේ ශුකීට බැල්ම දාලා......"
ජීමින් නෝක්කාඩුවට වගේ අහද්දී යුන්ගි ජීමින්ගේ පැත්තට හැරුණේ ඒ මොකක්ද ඒ වගේ බැල්මකින්......

-"මේකනේ හ්යොන් අපේ කුකීයා ශුකීට කැමතියි....මොනා උනත් මැචින් කපල් එකනේ "කුකීශුකී"...."
යුන්ගි ඔලුව වනලා ක්‍රිස්ට කතා කරද්දී කොල්ලා දුවගෙන ඇවිත් කා එකේ දොර ඇරියේ යුන්ගිට නගින්න......යුන්ගිත් එක්ක ජීමිනාත් කා එකට නැගලා බලන් හිටියේ ටේ එනකන්....

-"ඔයාලා යන්න හ්යොන්.....මන් මේ කෝල් එක ආන්සර් කරලා අනිත් කා එකේ එන්නම්.."
ටේ ෆෝන් එක පෙන්නලා කියද්දී යුන්ගි ඔලුව වනලා කා එකේ දොර වහගත්තට පස්සේ කා එක යන දිහා ටේ බලන් හිටියේ හැගීම් රහිතව......

-"කියනවා මොකක්ද වෙන්න ඕන..."
ගාඩ්න් එක පැත්තට යන ගමන් ටේ කතා කරේ කෝල් කරපු කෙනාට....
කාටවත් සැකයක් ඇති නොවෙන්න ටේ ගාඩ්ලගෙන් ඈතට ගියේ පුංචිමවත් වැරැද්දක් කරගන්න බැරි නිසා......

-"................."

-"හ්යොන් ජීමිනත් එක්ක කම්පැනි එකට ගියා එයාගේ කා එකේ.....ඇයි"

-"................"

-"ඉතින් මට කියන්නේ ඇයි බේරගන්න කියලා.....තමුසෙට ඕන සුගාව මරලා දාන්නනේ.....බොම්බේ අයින් කරොත් එයා ජීවත් වෙයි.."

||DEAR_MAFIA||Completed Where stories live. Discover now