"ම්....මෙ..ල්..ලී"
යුන්ගිට අඩි විස්සක් විතර ඈත ලේ ගොඩක් මැද වැටිලා හිටිය මෙලීව දැක්කම යුන්ගි ගේ කටින් වචනයක්වත් පිට උනේ නැති තරම්....
ඒත් තමන්ට ඇසෙන තරමට යුන්ගි මෙලීගේ නම මිමිණුවා......තමන්ගේ ආදරේ ලේ ගොඩක් මැද තමන්ගේ ඉස්සරහ ඉද්දී යුන්ගි කොහොම දරාගන්න ඇතිද....
ආදරේ කියලා දවසක් උනත් ආදරේ අඩුවෙන්නේ නෑනේ....
යුන්ගි ගොඩක් මෙලීට,මෙලීගේ අහින්සකකමට ආදරේ කරා......
ඒත් අද ඒ අහින්සක ආදරේම තමන්ගේ ඉස්සරහ ලේගොඩක් මැද....යූන්ගිට මෙලී ගාවට යන්න ඕන උන නිසා නැගිටින්න හැදුවත් යුන්ගිව එහෙමම ආයෙත් වැටුනේ හිරිවැටුන කකුල් දෙකත් එක්ක......
කවදාවත් අඩපු නැති යුන්ගි අද අඩනවා පාලු පාරක........"ඕහ් බලපන්කෝ යුන්ගි අඩනවා"
කන්ටේනර් එකෙන් බැහැලා ආව පිරිමි දෙන්නෙක් යකඩ පොලු දෙකක් අරගෙන යුන්ගි ලගට එන ගමන් කියුවේ හයියෙන් හිනාවෙන ගමන්...."ජ්..ජේවොන් උබ"
යුන්ගි තමන්ගේ ඉස්සරහ යකඩ පොල්ලක් අතේ තියාගෙන හිටපු මිනිහට කියද්දී ජේවොන් ඔලුව වැනුවේ ඒ තමන් කියලා කියන්න......."ආහ්..."
යුන්ගිගේ කකුල් දෙකටම යකඩ පොලු වලින් ගහද්දී යුන්ගි කෑගැහුවේ දැනුන වේදනාවට......
ලේ වලින් යුන්ගි ගේ කකුල් පෙගෙනකන්ම ජේවොනුයි අනිත් මිනිහයි යුන්ගිට ගැහුවා......"ඔයාව දැන්ම මරන්න බෑ සුගා ඔයා තව විදවන්න ඕනේ නේද ඇල්ෆා"
ජේවොන් තමන්ගේ එහාපැත්තේ හිටගෙන ඉන්න ඇල්ෆාට කියුවේ ලේවලින් පෙගුණ කකුල් දෙකත් අල්ලගෙන කෙදිරිගාන යුන්ගි දිහා බලාගෙන....."අපි ඔයාගේ ආදරණීය බිරිදව බලලා එන්නම්කෝ සුගා"
ජේවොන් එහෙම කීයලා යන්න හැදුවත් එයා හිටි තැනම නැවතිලා බිම බැලුවේ යුන්ගි තමන්ගේ කකුල එක අතකින් අල්ලගෙන එපා කියන්න ඔලුව දෙපැත්තට වනපු නිසා....
වේදනාව ඕනාවටත් වඩා ඒ මූණෙන් පේද්දීත් යුන්ගිට වේදනාවට වඩා වැදගත් උනේ මෙලීව....
තමන්ට මේවෙලේ කිසිමදෙයක් කරගන්න බෑ කියලා දැන දැනත් යුන්ගි උත්සහ කරේ මෙලීව රැකගන්න....
ඒත් ජේවොන් යකඩ පොල්ලෙන් යුන්ගිගේ මූණට එකක් ගැහුවම කොල්ලාගේ අතින් ජේවොන්ගේ කකුල නිදහස් උනේ කටින් ලේ විසික් වෙද්දී........
YOU ARE READING
||DEAR_MAFIA||Completed
FanfictionA broken heart is all that's left I'm still fixing all the cracks Lost a couple of pieces when I carried it, carried it, carried it home I'm afraid of all I am My mind feels like a foreign land Silence ringing inside my head Please, carry me, carry...