☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆
'මගේ තීරණය වෙනසක් වෙන්නෙ නෑ මිස්ටර් මින්. ඩ්රාමා එක ඩිස්කන්ටින්යුඩ්!'
අති දක්ෂ නාට්ය රචයකයෙක් වුනු ජෝන් ජන්කුක් එයාගෙ අලුත ලියපු නාට්යට ආයෝජනය කරන්න කැමතිව හිටපු මින් යූන්ගි එක්ක බහින් බස් වීමක හිර වෙලා. ඒකට හේතුව උනේ ප්රධාන චරිතයට යූන්ගි විසින් සොයාදුන් තරුණිය කොටස් හතරක් රඟපෑමෙන් අනතුරුව නාට්යයට අකමැති වීම.
රඟපාන්න පටන් ගත්තාට පස්සෙ බෑ කියන්න පුළුවන්ද?
ජන්කුක් හිටියේ කලර් ලයිට් වලට අහු වෙලා. කාර් එක ඩ්රයිව් කරන අතරේ වමට ඔලුව හරවපු ජන්කුක්ගෙ ඇස් වලට අහු උනේ බොහෝ සෙයින් නවීන සපත්තු යුවලක්. ඒකත් කෙනෙක් අරගන්න ගමන් හිටපු එකක්. ජන්කුක්ට ඕවා වැඩක් තියනවද?
ගියා, ගත්තා, ආවා!
"එක්ස්ක්යුස්මී, ඕක කීයද?"
අඩියට දෙකට සපත්තු යුවලට කිට්ටුවට ඇඳුනු ජන්කුක් ඒක ගත්තු කෙනාගෙන්ම ඇහුවේ එතකොට වැඩේ ලේසි නිසා.
"වොන් තිහයි."
"ඕකේ. මම වොන් අසූවක් දෙනවා. තිහක් කඩේට. ඉතුරු පනහ ඔයාට. හැබැයි සපත්තු මට?"
ඒ මනුස්සයා ජන්කුක් දිහා බැලුවේ මේ මොන නැහැදිච්චකමක්ද කියලා අහන්න වගේ.
"මම හිඟන්නෙක් කියලා හිතුවද? සපත්තු ජෝඩුව මගේ!"
☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆
YOU ARE READING
ᴍɪᴋʀᴏᴋᴏsᴍᴏs • ᴍɪɴɢᴜᴋ [ᴄᴏᴍᴘʟᴇᴛᴇᴅ]
FanfictionIt's probably because of us, Not those stars nor the lights...