| 1 |

1.7K 250 20
                                    

Sometimes,
Love Hurts So Bad.
___________________________

"මැණික..මන් ආවා."
ටේහ්‍යොන්ග් සුපුරුදු හිනාවෙන්ම කිවුවේ ඔලුවත් අතගාලා.

ටික වෙලාවකට පස්සෙ ලොකු හුස්මක් ගත්ත ටේහී ඇස් දෙක පිහිදගෙන නැගිට්ටා.
"එහෙනම් යමු ඉතින්.ඇයි තවත් බලන් ඉන්නේ?"

ටේහ්‍යොන්ග්වත් පහුකරන් කාර් එක පැත්තට ඇවිදින අතරේ ටේහිට හිතන්න ගොඩක් දේවල් තිබුණ නිසා ටේහ්‍යොන්ග් එයාට කතා කරනවා ටේහිට ඇහුනේ නෑ.

දුක,ලැජ්ජාව,අසරණකම,නොවැදගත්කම...
මොකක්ද දැන් මේ හැඟීම් වලින් වැඩියෙන්ම රිද්දන හැඟීම?
දුකද?නෑ!ඊට වඩා කට්ටියක් ඉස්සරහ ලැජ්ජාවෙද්දි රිදෙනවා වැඩී.එතකොට කවුරුත් ළඟ නැතුව දැනෙන අසරණකම?ඒක ඊට වඩා රිදෙන්නැත්ද?එතකොට,මේ ලෝකේ ඔයාව වටිනම කෙනා වෙන්න ඕනේ කෙනාට ඔයාව වටින්නැති බව දැනෙන හැඟීම?!

"ටේහී! මේ කඳුළු නේද? ඔයා ඇඬුවද මැණික?"
ටේහීට ඈතින් වගේ කටහඬක් ඇහෙද්දි ටේහි ඔලුව උස්සලා තමන්ගේ කඳුළු පිහිදන කෙනා දිහා බැලුවා.

කාර් එකේ එහා පැත්තේ ශීට් එකේ ඉඳන් තමන්ගේ කඳුළු පිහිදන ටේහ්‍යොන්ග්ගේ කළු ඇස් වලත් තමන් නිසා ලියවෙන වේදනාව ටේහිට නොපෙනුනා නෙවෙයි.

ඒත් මේ මොහොතේ...මේ මොහොතේ ටේහිට ඇහුන එකම දේ වුනේ තමන්ව විනිවිද යන වචන තොගයකුයි හිනාසද්ද ගොඩකුයි විතරයි.

'නවත්තගන්න..කරුණාකරලා නවත්තගන්න...මට තවත් බෑ මේවා ඉවසගන්න..' ටේහී හිතින් අයදින්න ගත්තා.

ඒත් ඒ හිනා සද්ද වලටවත් ඒ වචන වලටවත් ටේහිගෙ කන් දෙක ඇතුලේ දෝංකාර දෙන එක නවත්තන්න තරම් අනුකම්පාවක් තිබුණේ නෑ.ඒවා දිගින් දිගටම තව වැඩි සද්දෙකින් ඇහෙන්න ගත්තා.

ඒවා ටේහිගේ සතුටින් පිරිලා තිබුන පුංචි ලෝකේ හෙමින් හෙමින් විනාස කරලා දාන්න ගත්තා.සතුටින් පිරිලා තිබුණ ලස්සන මොහොතවල් ඒ විසකුරු සද්ද වලින් වැහිලා ගියා.

මේ නිසාම තමන්ගෙ කඳුළු පිහිදන ලස්සන දිග ඇඟිලි , ටේහි වේගෙන් එහාට ගසලා දැම්මා.

"ටේටේ! මට පොඩ්ඩක් පාඩුවේ ඉන්න දෙන්න!"
හිතුවටත් වඩා ටේහීගෙ වචන වලින් තරහ වෑස්සෙන්න ගනිද්දි ටේහ්‍යොන්ග් අත් දෙක අයින් කරන් පස්සට වුනා.

"මැණික! මොකද මේ! ඇයි ඔයා මෙහෙම--"
ටේහ්‍යොන්ග්ගේ වචන වල පුදුමය රැඳුනත් ඊට වඩා තිබුණෙ වේදනාවක්.ඒත් ටේහී එයාට කතා කරන්න ඉඩදුන්නේ නෑ.

"දැන්වත් ගෙදර යමුද?ප්ලීස් ටේටේ!"
එහෙම කියලා ජනේලෙන් අහක බලාගන්න ටේහි දිහා තාමත් ඇස් ලොකු කරන් බලන් හිටපු ටේහ්‍යොන්ග් ලොකු හුස්මක් පිටකළා.

"හරි මැණික.ඔයා කියනවනම්..."
ටේහිගෙ පුංචි වෙනස් වීමකින් වුනත් හිත ගොඩක් රිද්දගන්න දන්න ටේහ්‍යොන්ග් කාර් එක පාරට ගත්තේ මෙච්චරම කේන්ති යන්න තරම් ටේහීට මොනා වුනාද කියලා හිතන අතරෙයි.

'එයා මට කතා කළේ,ටේටේ කියලා.එහෙම කරන්න තරම් එයා දුකෙන්ද?'
ටේහ්‍යොන්ග්ගෙ ඔලුවේ තිබුණ ලොකුම ප්‍රශ්නෙ වුනේ ඒක.

Her Cloud 9 | TK | ✔Where stories live. Discover now