| 9 |

738 204 35
                                    

The cadence of suffering has begun.
___________________________________________

"මැණික.."
ටේහිගේ කාමරේ දොරට තට්ටු කරපු ටේහ්‍යොන්ග් දෙවෙනි පාරටත් කතා කළා.

"එයා නිදිද දන්නෑ ටේ?"ආයෙමත් දොරට තට්ටු කරන්න හදපු ටේහ්‍යොන්ගේ අත අල්ලගන්න ගමන් ජන්කුක් කතා කළා."ඔයාට ඕක දැන්ම කරන්න ඕනේද?"ජන්කුක්ගේ කටහඬේ තිබුනේ ඒ දේ කරන්නෙපා කියලා ආයාචනයක් බව ටේහ්‍යොන්ග්ට තේරුනා.

"අද කැතී යන්න කලින් වුන දේ ඔයාම දැක්කානේ ජන්කුක්.."ටේහ්‍යොන්ග් ටේහිගෙ කටහඬ ආයෙමත් මතක් කරලා රිද්දගන්න ඕනේ නැති නිසාම ඒක අමතක කරලා කතා කරන්න ගත්තා."මේ දේ කළේ නැත්තන්,ආයෙ ආයෙම මේ වගේ දේවල් වෙලා අපි තුන් දෙනාම රිද්දගනී."ජන්කුක්ගේ අත් අතරේ තිබුණ තමන්ගේ අත දිහා බලපු ටේහ්‍යොන්ග් ඒක හෙමීට මුදවගත්තේ ආයෙමත් ටේහිගේ දොරට තට්ටු කරන්නයි.

"ඒත් ටේ මේකෙන් ඔයාට රිදෙන්නැතිවෙයි කියලා ඔයාට විශ්වාසද?"ජන්කුක් අහද්දි ටේහ්‍යොන්ග්ගේ රතුවුන ඇස් වල ලියවිලා තිබ්බ බය තවත් වැඩිවෙන හැටි ජන්කුක්ට පෙනුනා.

"නෑ ජන්කුක්.."ටේ තමන් එක අතකින් තුරුල් කරන් ඉන්න ලැප් එක දිහා බලලා ආයෙමත් ජන්කුක්ගේ මූණ දිහා බැලුවා."නෑ..මට පොඩ්ඩක් විශ්වාස නෑ."

"එහෙනම් ඇයි--"

"අපෙ දරුවා ජන්කුක්.."වේගෙන් කිවුව ටේහ්‍යොන්ග් ගැඹුරු හුස්මක් ගත්තා."අපේ දරුවා මේ දොර පිටිපස්සට වෙලා දැන් අඬනවනම්..ඒකෙන් එයා රිද්දගන්නවනම්..
මට ඊට වඩා වෙන කිසිම දෙයක් රිදෙන්නෑ...ඒ නිසා..ඒ නිසා කරුණාකරලා මේකෙන් හරි මට එයාට හිනාවක් ගේන්න දෙන්න.." ටේහ්‍යොන්ග් ආයාචනා කළා.

ඒ වෙලාවේ වේදනාකාරී හිනාවක් මූණට ගත්ත ජන්කුක් ටේහ්‍යොන්ග් කම්මුල් දෙපැත්තෙන් තමන්ගේ අත් තියලා  ටේහ්‍යොන්ග්ව තමන්ගේ මූණ ළඟට අරන් ඒ තොල් වලට ඉක්මන් හාදුවක් දුන්නා.ඊට පස්සේ ටේගේ මූණට වැටිලා තිබුණ අකීකරු කෙස් රොදවල් ටිකක් එහාට කරපු ජන්කුක් ඒ මූණේ වේදනාව මැද්දෙන් ලියවිලා තිබුණ හිනාව දිහා බලන් හිටියා.

"ඔයා තමයි මන් දැකපු හොඳම තාත්තා ටේ.."තාමත් ටේහ්‍යොන්ගේ කම්මුලක තියන් හිටපු තමන්ගේ අතේ ඇඟිලිවලින්, ඒ කම්මුල හෙමින් පිරිමදින අතරේ ජන්කුක් කිවුවා.ඒ වෙලාවේ ජන්කුක්ගේ කළු බෝල ඇස් කඳුළු නිසාමද මන්දා තවත් දිලිසුනා.

Her Cloud 9 | TK | ✔Where stories live. Discover now