| 14 |

716 208 76
                                    

I love you.
More than yesterday.But less than tomorrow.
____________________________________________________

"ටේහියා.."

"අහ් ඩැඩා?කියන්න."
ජන්කුක්ට උත්තර විදිහට හම්බුනේ කලබල කටහඬක්.

"ඔයා අද කෝල් එකක්වත් දුන්නේ නැති නිසයි මන් ගත්තේ.."

"ආ..අම්මා එක්ක එළියට ගිය නිසා මට අමතක වුනානේ ඩැඩා.."ටේහිගේ ඕනෙවට එපාවට ඇදුන කටහඬ නිසා ජන්කුක්ගේ හිත ටිකක් රිදුනා.

"ඔයා වැඩකද දරුවෝ?"ජන්කුක් එහෙම අහද්දිම කාමරේට ටේහ්‍යොන්ග් එන හැටි ජන්කුක්ට පෙනුනා.

ඒ වෙලාවේ ටේහිගෙ කටහඬ වඩා ජන්කුක් බය වුනේ ටේහ්‍යොන්ගේ එළිය වුන මූණ දැකලයි.

"ටේහිද කතා කරන්නේ?"ටේහ්‍යොන්ග් හිනාවක් එක්ක අහද්දි ජන්කුක් ඔලුව වැනුවා.

ටේහ්‍යොන්ග් ෆෝන් එක දෙන්න කියලා අත දික් කරත් එහා පැත්තෙන් ඇහුන ටේහිගේ කටහඬ නිසා ජන්කුක් ෆෝන් එක කනේ තියාගෙනම හිටියා.

"ඩැඩා..ඩේව් අන්කල් පියානෝ ලෙසන් එක පටන් ගන්න හදන්නේ.මන් පස්සෙ ගන්නද?පරිස්සමෙන් ඉන්න.බායි."වේගෙන් කියාගෙන ගියපු ටේහි කෝල් එක කට් කරන හැටි ජන්කුක්ට ඇහුනා.

ජන්කුක් ෆෝන් එක කනෙන් අයින් කරද්දි ටේහ්‍යොන්ගේ මූණේ තිබ්බ හිනාව නැතිවෙන හැටි ජන්කුක් බලන් හිටියා.

"ඇයි?"ටේහ්‍යොන්ග් ඇහුවේ දුකක් වගේම ප්‍රශ්නාර්ථයක් මුසු වුන කටහඬකින්.

"එයාට ඩේව් එක්ක පියානෝ ලෙසන් එකක්ලු.පස්සෙ ගන්නම් කිවුවා.."ජන්කුක් පරිස්සමෙන් ඒක කිවුවේ ටේහ්‍යොන්ගේ හිත රිද්දන එක ටිකක් හරි අඩු කරන්නයි.

"අහ්."ටේහ්‍යොන්ග් පුළුවන් තරම් තමන්ගේ හැඟීම් පාලනේ කරගන්න හැටි ජන්කුක් බලන් හිටියා."හෙට අනිද්දම වගේ කොන්සර්ට් එකේ සිලෙක්ශන් එක තියෙනවා කිවුවනේ.ඒකට ප්‍රැක්ටිස් වෙන්නපැයි.ඒක නිසා වෙන්නැති."

ටේහ්‍යොන්ග් ඒක තමන්ට කියනවට වඩා ඒකේන් එයාගෙම හිත හදාගන්න හදන බව ජන්කුක් නොදන්නවා නොවුනත් ජන්කුක් හෙමින් ඔලුව වැනුවා.

"අපි ඩිනර් එක ගමු ටේ.මට හොඳටම බඩගිනී."ජන්කුක් කතාව වෙන පැත්තකට හරවන්න හදන අතරේ කිවුවා.

Her Cloud 9 | TK | ✔Where stories live. Discover now