Everyone is insecure about something.
Not just you.
________________________________________________"එයා නිදිද?"
"මන් හිතන්නේ දැන් නිදි ඇති.කන්නත් බෑ කියලා දිගටම ඇඳටම වෙලයි හිටියේ.මට බයයි.එයාට මොනාහරි--"
"ෂ්..ෂ්..එයාට මුකුත්ම වෙන්නෙ නෑ.ඔයා ඕනේවට වඩා ඉන්ටර්නෙට් එකේ තියෙන ආර්ටිකල්ස් කියවනවා ටේ."
තමන්ගේ කාමරේ ඇඳේ දොරට පිටුපාලා ඇලවෙලා ඉන්න ටේහිට එළියේ වෙන කතාබහ බාගෙට ඇරුනු දොරෙන් හොඳටම ඇහුනා.
ඒත් ඒ ගැන කිසිම දෙයක් හිතන්නත් කලින් දොර පැත්තෙන් ඇහුන සද්දෙ වගේම කාමරේට වැටුන එළිය නිසා ටේහි ඇස් දෙක තද කරගත්තා.
තමන්ගේ පිටිපස්සෙන් ඇහුන අඩි සද්ද ඇඳ ළඟදි නතර වෙන හැටි ටේහිට දැනුනා.
ඒ අතරේ දෙන්නගෙන් කවුරුහරි ඇඳේ ඉඳගෙන ටේහිගේ බෙඩ්ශීට් එක හදන හැටි ටේහි සද්ද නැතුව අහන්හිටියා.බිත්තිය පැත්තට හැරිලා ඉන්න නිසා තමන් ඇහැරලා ඉන්න බව එයාලට දැනෙන්නෑ කියලා දන්න නිසාම ටේහි ඒ ගැන වද වුනේ නෑ.
ඒත් සුපුරුදු අතක ඇඟිලි වල පහස තමන්ගේ ඔලුවට දැනෙද්දි ටේහිගේ හදවතේ කොනකට වරදකාරී හැඟීමක් එක්ක හීනි රිදුමක් දැනෙන්න ගත්තා.
"ටේහියා..ඩැඩා දැන් ආවේ.ඔයා නිදිද මගෙ දරුවෝ?""ෂ්..!මට කෑගහන්න එපා කියලා ඔයා මේ දරුවව ඇහැරවන්නද හදන්නේ ජන්කුක්?!"ටේහිගේ ඔලුව අතගාන ජන්කුක් දිහා බලන් ටේහ්‍යොන්ග් රවන්න ගත්තේ සැරෙන් කොඳුරන අතරෙයි.
"හරි හරි..."ජන්කුක් අහිංසක හිනාවක් දාන අතරෙ මිමිණුවා.ටේහ්‍යොන්ග්ට කොච්චර කේන්ති ගියත් ඒ හිනාව හැමතිස්සෙම එයාගෙ කටවහලා දාන බව පහුගිය අවුරුදු ගානෙම අත්දැකීමෙන් ජන්කුක් දැනගෙන හිටියා."ඔයා ඩිනර් එක රෙඩි කරන්නකෝ.මන් ටිකකින් එන්නම්."
"හ්ම්..තාත්තලා දුවලා ඕනෙ එකක් කරගන්නකො එහෙනම්."එහෙම කිවුව ටේහ්‍යොන්ග් කාමරෙන් එළියට ගියේ වැඩ ඉවර වෙලා ගෙදර ආව ජන්කුක්ට කෑම මේසේ ලෑස්ති කරන්න හිතාගෙන.
මේ අතරේ ජන්කුක් බර හුස්මක් පහළට දැම්මා.
"මගෙ දරුවෝ.."ජන්කුක් ටේහිගෙ ඔලුවට කිස් එකක් දෙන්න පහත් වෙලා ආයෙමත් කෙලින් වුනා."ඔයා ඇහැරිලා ඉන්නේ කියලා මන් දන්නවා."
YOU ARE READING
Her Cloud 9 | TK | ✔
Fanfiction▫️️You will always be my favourite form of loving▫️️ "මිස් ජේන්..බැරිවෙලාවත් අපිට තාත්තලා දෙන්නෙක් හිටියොත් මොකද කරන්නෙ?" | Top-Kook | Bottom-Tae | | Verbal Harassing | | Parents | •Taekook•Sinhala•Ff• (All from my ImAgiNatiOn)