| 15 |

741 201 48
                                    

They say "Follow your heart",but if your heart broken into million pieces, which piece do you follow!
_______________________________________________________

ඊළඟ දවසේ ඉස්කෝලේ ඉවර වෙලා ටේහි බලන් හිටියේ නෝටිස් බෝර්ඩ් එකේ සිලෙක්ට් වුන අයගේ ලිස්ට් එක දානකම්.බෙත් වගේම එඩීත් ගෙදර ගිය නිසා ටේහි නෝටිස් බෝර්ඩ් එක පේන හරියක තියෙන බෙන්ච් එකකට වෙලා තනියම බලන් හිටියේ සින්දුවක් මුමුණන ගමන්.

ඊයේ දවසේ අත්පුඩි සද්දෙ මැදදි දැනුන හැඟීම් වගේම අද ගෙදර යන එක ගැන හිතුවම ටේහි හිටියෙ හිතේ ලොකු සතුටකින්.

ටිකකින් ටීචර්ස්ලා දෙන්නෙක් ඇවිත් නෝටිස් බෝර්ඩ් එකේ ලොකු නෝටිස් එක හයි කරන්න ගත්දි ඒ වෙනුවෙන් බලන් හිටපු හැමෝම වටවුනා.ටිකක් වෙලා බලන් හිටපු ටේහී එතන සෙනඟ අඩු වුන ගමන් එතනට දුවගෙන ගියා.

එයාගේ වයසේ අයගේ ප්‍රෆෝමන්ස් එක හොයාගන්න උඩ ඉඳන් ඇස් අරන් ගියපු ටේහිගෙ හදවත, එන්න එන්නම ගැහෙන්න ගත්තා.

'කනිෂ්ඨ ඒකල පියානෝ වාදන‍ය -වයස අවුරුදු 11 සිසුන්'
මාතෘකාව ළඟ නැවතුන ටේහි ඒ දිගේ තිරස් අතට තමන්ගේ ඇස් අරන් ගියා.

'ජියොන් ටේහි'
නෝටිස් එකේ ලියලා තිබුණා.

ටේහිගේ හදවත ඒක දැකලා පිනුම් ගහනවා වගේ දැනුන නිසා ටේහිව රතුම රතු වුනා.ඒ සතුට කාත් එක්කම හරි බෙදාගන්න තියෙන වුවමනාව තදින්ම දැනුන ටේහි කොරිඩෝ එක දිගේ වේගෙන් ඇවිදින්න ගත්තේ ඉස්කෝලෙ ඉස්සරහ ගේට්ටුව ළඟට යන්නයි.

'මේක දැනගත්තම පපායි ඩැඩයි තරම් සතුටු වෙන වෙනකවුරුත් නෑ.'හිනාවෙන අතරේ ටේහි එහෙම හිතුවා.

ඒත් එක පාරටම දකුණු පැත්තට තමන්ව කවුරුහරි වේගෙන් අදින බව ටේහිට දැනුනා.ඒ පාරට ඇදිලා ගියපු ටේහි ප්‍රධාන කොරිඩෝවෙන් බෙදුනු තව කොරිඩෝ එකක බිත්තියකට තද වුනා.

"මොකක්--"ටේහි එක පාරටම කියන්න හැදුවත් තමන්ගේ ඉස්සරහ ඉඳගෙන උරහිස් වලින් තමන්ව බිත්තියට තද කරන් හිටපු මනුස්සයා ඊට කලින් කෑගැහුවා.

"තමුසෙ!"ඒ ඇස් වල තිබුණේ හුරුපුරුදු කේන්තියට එහා ගියපු දෙයක් බව ටේහි දැක්කා.

Her Cloud 9 | TK | ✔Where stories live. Discover now