You will always be my favourite form of loving.
_____________________________________________________ස්ටේජ් එකේ තිබ්බ පියානෝ එක ළඟින් ඉඳගත්දිත් ටේහිගෙ හදවත වේගෙන් ගැහෙන එක නතර වුනේ නෑ.
ඒත් ගැඹුරු හුස්මක් ගත්ත ටේහි පුරුදු විදිහටම ඇස් දෙක පියාගත්තා.පපා කියපු විදිහටම එයා වටපිටාව අමතක කරලා එයාගෙම ලෝකෙකට ගියා.
එයා මේ මොහොතේ හිටියේ ස්ටේජ් එකේ මිනිස්සු ගොඩකගේ ඇස් වලට මැදි වෙලා නෙවෙයි.එයා හිටියේ එයා ගත්ත ශක්තිමත් තීරණේක මතකයක් ඇතුලේ.
"අම්මේ..මන් මට අයිති තැන දන්නවා."
අද උදේ අම්මා එක්ක වගේම ඩේව් එක්ක කතා කරද්දි තමන් කියපු දේ මතක් කරන අතරේ ටේහිගේ හිතට පොඩි සැහැල්ලුවක් දැනුනා.ඒ වෙලාවේ ටේහි පියානෝ යතුරු වල තමන්ගේ අත තියෙන අතරේ, තමන් අයිති තැනට හිතින් ඇතුල් වුනා.
ඒ තැන වුනේ සාමාන්‍ය කාමරයක්..
ලා නිල් පාට තීන්ත ගාලා තිබුණ බිත්ති හතරකින් වට වුන සාමාන්‍ය කාමරයක්..
සුවපහසු,කොට්ට පිරිලා තිබුණ ඇඳක් කාමරේ මැද්දේ තිබුණ සාමාන්‍ය කාමරයක්..
ලොකු සුදු පාට ලයිට් එළියකින් එළිය වුන සාමාන්‍ය කාමරයක්...ඒත් ඒ ඇඳේ ඇලවෙලා හිටපු ටේහි ඒ තැන තමන් අයිති තැන කියලා දැනන් හිටියා.
මොකද ඒ මොහොතේ එයා හිටියේ හෙමීට එයාගේ ඔලුව අතගාන එයාගේ පපාගේ තුරුලට වෙලා..
මොකද ඒ මොහොතේ එයා හිටියේ ඇඳේ කොනට වෙලා ඉඳගෙන එයා දිහා ආදරෙන් බලන් ඉන්න එයාගේ ඩැඩාගෙ ඇස්වල බැල්ම අතරේ..ඒ තමයි එයා අයිති තැන..
ඒ තමයි එයාට සැහැල්ලුවක් දැනෙන එකම තැන..
ඒ තමයි එයාගේ පරිපූර්ණ සතුට..
ඒ තමයි එයාගේ නවවෙනි වලාකුළ..."පපා..ඩැඩා..ඒ වගේම අම්මා..මේක ඔයාලා වෙනුවෙන්.."
මයික් එකට මිමිණුව ටේහි තමන්ගේ ඇඟිලි යතුරු අතරේ අරන් යන අතරේ සින්දුව කියන්න පටන් ගත්තා."I don't wanna seem the way I do
But I'm confident when I'm with you"
ටේහි ඇස් දෙක පියාගෙනම පියානෝ යතුරු අතරේ තමන්ගේ ඇඟිලි අරන් ගියා.
YOU ARE READING
Her Cloud 9 | TK | ✔
Fanfiction▫️️You will always be my favourite form of loving▫️️ "මිස් ජේන්..බැරිවෙලාවත් අපිට තාත්තලා දෙන්නෙක් හිටියොත් මොකද කරන්නෙ?" | Top-Kook | Bottom-Tae | | Verbal Harassing | | Parents | •Taekook•Sinhala•Ff• (All from my ImAgiNatiOn)