| 13 |

730 191 48
                                    

You can't skip chapters,that's not how life works.You have to read every line, meet every character.You won't enjoy all of it.

But you have to keep going! Stories keep world revolving.Live yours, don't miss out.

________________________________________________________

"පපා..?"
අපාර්ට්මන්ට් එකට ආව ගමන් ටේහීගෙ පළවෙනි රාජකාරිය වුනේ ටේහ්‍යොන්ග්ට කෝල් කරන එක.

එහා පැත්තෙන් ඇහුන කැස්සකට පස්සේ ටේහ්‍යොන්ගේ විඩාබර වුන කටහඬ ටේහිට ඇහුනා.

"මැණික.."

"පපා!ඔයාගේ කටහඬ!ඔයාට ගොඩක් අමාරුද?කෝ ඩැඩා?එයා දන්නවද ඔයාට අමාරුයි කියලා?බෙහෙත් ගත්තද?"ටේහිගේ බයෙන් වගේම වේගෙන් ඇදුන කටහඬට පස්සේ ඇහුනේ ටේහ්‍යොන්ගේ හීන් හිනාවක්.

"පපා!හිනාවෙන්න නෙවෙයි!ඔයාට අමාරුයිනේ!"ටේහි කෙඳිරි ගෑවා.

"මන් හොඳින් මැණික.උදේ අපි ගිහින් බෙහෙත් ගත්තා.ඩැඩාව නම් මන් අමාරුවෙන් වැඩට යැවුවා.නැත්තම් එයා බොරුවට ගෙදර ඉඳී මන් නිසා."

ටේහ්‍යොන්ග් යන්තමින් හරි හොඳින් බව දැනගත්ත නිසා ටේහී සැනසුම් සුසුමක් හෙලුවා.

"මන් නෙවෙයි.ඔයා හොඳින්ද? ජැස්මින් කිවුවා ඔයාට වෙනම කාමරයක් දෙන්න පුළුවන් කියලා.ඒකයි මන් ඔයාව එවුවේ.."

"ඔව් පපා, අම්මා රූම් එකක් ලෑස්ති කරලා."ටේහි එයා දැන් ඉන්න කාමරේ වටපිටාව බලන ගමන් මිමිණුවා.ඒකත් සාලේ වගේම සුදු පාට බිත්ති වගේම ලොකු ඇඳක් තිබුණ සරලව පෙනුනත් ටේහිහේ හැටියට සංකීර්ණ කාමරයක් වුනා.

ඇඳෙන් නැගිටලා ගියපු ටේහී ලොකු වීදුරු ජනේලේ තිර මෑත් කරලා ඒකෙන් එළිය බැලුවා."මේකේ
ජනේලෙන් ගොඩක් ඈතට යනකම් ටවුන් එක පේනවා."

"එහෙනම් රෑට තව ලස්සනට පෙනෙයි."ටේහ්‍යොන්ග් කියන හැටි ජනේලේ ළඟ ඉඳගන්න හදලා තියෙන පඩියෙන් ඉඳගෙන හිටපු ටේහි අහන් හිටියා.

"සමහරවිට..ඒත්.. ඒක මගේ කාමරේ ජනේලෙන් පේන මිදුල තරම් ලස්සන වෙන්නැති වෙයි පපා"

ඒකට උත්තරයක් විදිහට ටේහ්‍යොන්ගේ හිනාවක් ටේහිට ඇහුනා."අපේ මිදුලේ රෑට එළිය දෙන ලයිට්වත් බිල්ඩින්වත් නෑනේ මැණික.."

Her Cloud 9 | TK | ✔Where stories live. Discover now