| 4 |

864 225 32
                                    

When people are silent,
They have thunder hidden inside.
_________________________________________

ඉස්කෝලෙ ළඟට යනකම්ම මුළු ගමනම පිරිලා තිබුණෙ නිහඬතාවෙකින්.ඒත් ඒක ඒ තරම් හොඳ නිහඬතාවයක් වුනේ නෑ.

වෙනදට විනාඩි පහළොවක් විස්සක් වගේ වුන ඉස්කෝලේ ළඟට තිබුණ කෙටි ගමන අද පැය ගාණක් ගෙවිලත් ඉවර වෙන්නෑ වගෙයි ටේහිට දැනුනේ.ජන්කුක් වෙනදට මුමුණන සින්දුවත්,අතරින් පතරෙදි අහන පොඩි පොඩි ප්‍රශ්නවත්,පපා ගැන කියන එක එක රස කතාවත් නැති ගමන ටේහිගේ හිතට අමුත්තක් වගේම දුකක් එකතු කළා.

තමන් එක්ක ගෙවන පොඩි කාලෙත් රසවත් එකක් කරන්න ඩැඩා වෙනදට ගන්න උත්සහයන් එකක්වත් අද පේන්න නොතිබ්බ නිසා ටේහිට ලොකු පාලුවක් දැනුනා.

ඩැඩා තමන්ට කොච්චර ආදරේ වුනත් කේන්ති ගියාම ඩැඩාව පාලනේ කරන්න පුළුවන් එකම කෙනා පපා විතරයි කියලා ටේහි දැනන් හිටියා.ඒ නිසා ජන්කුක් ඉස්සරහ තව වචනයක්වත් කියන්න ටේහි බය වුනා.ඒක නිහඬතාවෙට තවත් උදවු කළා වගේම ටේහිව ගිලගන්න පසුතැවීමේ හැඟීමට අතදුන්නා.

තමන් හිතේ තිබුණ හැම හැඟීමකම වේදනාව, කේන්තියක් විදිහට පපාගේ පිටින් යවපු එක වැරදි බව ටේහිට තේරුනත් ඉස්කෝලේ ගැන හිතද්දි හිතට එන දේවල් නිසා ඒ ගැන දුක් වෙන්න ටේහිට ඉඩක් තිබුණේ නෑ.ඒ නිසා අර පසුතැවීමේ හැඟීමට වඩා අඳුරු හැඟීම් ගොඩකින් ටේහිගේ හිත ටික ටික පිරෙන්න ගත්තේ එයාටවත් නොදැනිමයි.

'ඉස්කෝලේ'
ඒ වචනෙම ටේහිගේ හිතේ ලොකු අඳුරු හිඩැසක් හදන්න පුළුවන් එකක් වුනා.එහෙදි ගෙවෙන හැම තප්පරයක්ම කල්පෙකටත් වඩා දිග වුනා.එහෙදි පහුකරන හැම කෙනෙක්ගෙම ඇස් තමන්ව විනිවිද යනවා කියලා ටේහිට හිතුනා.එහෙදි අනිත් අය මුමුණන හැම වචනයක්ම තමන්ට කියලා ටේහිට දැනුනා.

එතන ටේහිට වෙලාවකට මිහිපිට අපායක් වගේ දැනුනා.

ඒත් ගෙදරට වෙලා බයේ හැංඟිලා ඉන්න එක විසඳුමක් නොවෙන බව ටේහි තේරුන් අරන් හිටියා.තමන්ගේ ඩැඩාගෙන් ටේහී ඉගෙන ගත්ත වටිනම පාඩම වුනේ තමන් ආස දේවල් ලබාගන්න එක වෙනුවෙන් ලොකු කැපකිරීම් කරන්න වෙනවා කියන එකයි.

Her Cloud 9 | TK | ✔Donde viven las historias. Descúbrelo ahora