ආදරණීය නවාතැනක්

732 141 20
                                    

මම විහග විසින් සදවා දුන් සුප් කෝප්පයද රැගෙන මගේ කාමරයට පිවිසුනෙමි. ඉස්පිරිතාලගෙන් තැලුම් වලට හා උණු ඉටි වලින් සිදුවී තිබූ තුවාල වලට බෙහෙත් දමාගත් පසුව කලනව අපි අපේ නිවසට රැගෙන ආවෙමු.

ඔහුට තවමත් හරියට සිහියක් නැත. ශරීරයට බලෙන් ඇතුලු කල තිබූ අධි සාන්ද්‍ර අබිං වැනි මත්ද්‍රව්‍යක් නිසා ඔහුට මෙසේ සිහිය ඒම ප්‍රමාද වන බව අද උදේ පැමින කලනව පරීක්ශා කල මගේ පෞද්ගලික වෛද්‍යවරයා පැවසීය. විටින් විට ගැස්සී අවදි වන ඔහු පියාගත් දෑසින් යුතුව වේදනාවෙ යමක් මුමුනයි. මට එය නොතේරුනත් එයට ප්‍රවේසමෙන් සවන්දුන් විහග පැවසුවේ ඔහු කියන්නේ "අනේ එපා! එපා!" බවයි. එය ඇසෙන විට මට දරාගත නොහී හදවත රිදුම් දෙයි.

පෙරදා රැයේ සිට සඳරු තවමත් නිවසට ආවේ නැත. දැං වෙලාව රාත්‍රී හත පමන වේ. සඳරු උදෑසන සිටම නීතිඥවරුන් සමග නඩු කටයුතුවල වැඩ බලයි. කලන වෙනුවෙන් යුක්තිය ඉටු කිරීමට ඔහු තදබල ලෙසම අධිෂ්ඨාන කරගෙන ඇත. පොලීසියට රැගෙන ගිය බණ්ඩාර මහතාට යහමින් නීතිය ක්‍රියාත්මක වෙමින් පවතින බව දහවල දී මට ඇමතුමක් ලබා දුන් සඳරු කීවේය. එක් අතකට එය මට සහනයකි. විහග අපි හෝටලයේ සිට ආ වේලාවේ පටන් මාව තනි කලේ නැත. කලනට අවැසි ආහාර සපයමින් ද, තුවාල වෙලුම් අලුත් කරමින්ද, කලන ගැස්සී අවදි වූ විටෙක යලි ඔහුට නින්ද යනතෙක් සෙමෙන් ඔලුව අතගාමින්ද විහග කාලය ගත කලේය.

මම සුප් කෝප්පය මේසය මත තබා සෙමින් ඇඳෙන් ඉදගත්තෙමි. සේලයින් වලින්ම පමනක් මෙතෙක් ශක්තිය රඳවා සිටි කලනට කෙසේ හෝ අද රාත්‍රියේ දියර සුප් ලබාදිය යුතු බව මගේ වෛද්‍යවරයා අවධාරණය කලේය. මම පුළුන් කැබැල්ලක් තෙත් කර එය සෙමින් කලනගේ කම්මුල මත තැබුවේ ඔහු අවදි කරවීමටය. ඔහුගේ සෙලවීමක් නැත. මම ඔහුගේ සිහින් දෙතොල් මත පුළුන් කැබැල්ල තමා සෙමින් පිරිමැද්දෙමි. මදක් ගැස්සී ගිය ඔහු වේදනාත්මක කෙඳිරියක් පිටකලේය.

"කලන... මාව ඇහෙනවද? නැගිටින්නකෝ... මේ සුප් එක බීලා ඉන්නකෝ"

ඔහුගේ දෑස් සෙමින් විවෘත විය. තරු කැට දහස් ගණනක් එක් වර දිදුලන්නාක් මෙන් වූද අලුත උපන් වසු පැටවකුගේ මෙන් විසල් කරගත් දෑසින් යුතුව ඔහු දැන් මා දෙස බලා සිටී.

"අපි යාලුවෝ" -කියලා හිතාගෙන ඉන්නවාWhere stories live. Discover now