මතක! අදුරු මිහිරි මතක!

625 121 11
                                    

"ආහ්! මේ සංදීප් පුතා නේ! එන්න එන්න පුතේ ඇතුලට!" මම නිවසේ දොර දෙසට ඇවිද එනු දුටු නිවස අතුගාමින් සිටි මාලා නැන්දා කරුණාවෙන් පිරි හඬකින් කීවාය.

කලන පිටව ගොස් සිටි බව මට තවමත් විශ්වාස නැත. සඳරු සහ විහඟ ඔහුගේ මේ හදිසි පිටවීම ගැන යමක් සොයාගත හැකි වේවි යැයි අපේක්ශාවෙන් කම්පැනිය බලා ගියේය. මම කලනගේ නවාතැන්පල වෙත යාමට සිතුවේ කලනගේ පිටවීම සම්බන්ධයෙන් මලා නැන්දා දන්න යමක් වී නම් ඒ පිලිබඳව විමසා බැලීමටය.

"එන්නකෝ පුතේ... ඇතුලෙන්ම වාඩි වෙමු! කෝ අපේ පොඩි යාලුව නැද්ද අද? මොකක්ද නම... ආ... ඇපලෝ! කෝ ඇපලෝ නැද්ද?" මට වාඩි වීමට පුටුවක් පෙන්වමින් ඇය සිනහසෙමින් කීවාය.

"නෑ නැන්දේ. එයා ගෙදර" මම කීවෙමි.

"ආහ්! සංදීප් පුතා ඕම ඉන්නවද, මම තේ එකක් හදාගෙන එන්නම්" ඇය කුස්සිය දෙසට යමින් කීවාය.

"ආහ්, එපා නැන්දේ දැං බොන්න බෑ! මම මේ ආවේ නැන්ද එක්ක කතා කරලා යන්න" මම ඇය දෙස බලා කීවෙමි.

"අහ්! මං දන්නව පුතේ... කෝ... එහාට යන්නකෝ මට පුතා ලඟින් වාඩි වෙන්න එහෙනම්" එසේ කියූ ඇය මා අසලින් වාඩි විය.

"කෝ නැන්දේ කලන!" මම සෙමින් මිමිනුවෙමි. එසැනින් ඇගේ උරහින් එල්ලා වැටුනි.

"මම දන්නෑ පුතේ!" ඇය හැඬුම්බරව කීවාය.

"ඒත් නැන්දේ... එයා ඊයේ රෑ හරි අද උදේ හරි මෙහෙට ආව නේද?" මම කීවෙමි.

"ම්ම්.. ආව නම් තමා! ඇඳුම් ඔක්කොම ඔබාගත්තා බෑග් එකට! පොත් ඔක්කොම පොඩිකරලා ඒ බෑග් එකටම දාගත්තා! මට වැන්දා... නැන්දේ මම යන්නම් කීවා. අනේ මගේ කලන පුතා මේ දොරින් ආපු විදිහටම බෑග් එකත් කරේ දාගෙන ගියා මගේ පුතේ!" එ සැනින් ඇය හඬා වැටෙන්නට විය. මම ඇගේ වියපත් උරහිස් වටා මගේ දෑත් යවා ඇයව වැලඳගත්තෙමි.

"කලන යන තැනක් ගැන මොකුත්ම කීවේ නැද්ද නැන්දේ?" මම ඇගේ පිටට සෙමින් තට්ටු කරමින් ඇසුවෙමි.

"පුතා කීවා සංදීප් පුතා මෙහෙම ඇවිත් එයා ගැන අහාවි කියලා... මම ඇහුව කොහෙද යන්නේ කියලා! දුර ගමනක් කීවා. ආපහු එන් එක විශ්වාස නෑ කීවා! මට මේ මාසෙට බෝඩිං ගාස්තු දෙන්න හැදුවා. මම එපා කීවා. දුර ගමනක් නම් යන්නේ අතේ කීයක් හරි තියන එක හොඳ නිසා ඒ සල්ලි මම තියාගන්න කීවා! සල්ලි නම් මොනවද මගේ පුතේ! මම කාත් කවුරුත් නැති නාකි ගෑනි... කලන පුතා නැතුව මම කොහොමද මේ ගේ ඉන්නේ!" මට ඇය ගැන අනුකම්පා සිතුනි. කලන ඇවිදින හඳක් මෙන් විය. ඔහු යන යන තැන සතුටින්ද එලියෙන්ද පුරවයි. දැං ඔහු නැතුව මේ නිවසද පාලු ස්වභාවයක් ඉසිලීය.

"අපි යාලුවෝ" -කියලා හිතාගෙන ඉන්නවාDonde viven las historias. Descúbrelo ahora