"තව ටිකකින් කවුන්ට් ඩවුන් එක පටංගනීවි. තව පැය කාලක් වගේ තියෙන්නේ හරියටම රෑදොළහට!" විහඟ සතුටින් කීවේය.
නත්තල් කෑම රැසක්, බිම ඇතිරූ රතු පැහැ අතුරණයක් පුරා තබා තිබුනි. ආදිකාලයේ වටිනා වයින් බෝතල් දෙකක් සහ පළතුරු බීම බෝතල්ද, සෝස් බෝතල් ද මල් පොකුරක් සමඟ හරි මැදින් තබා තිබුනි. නිවසේ විදුලි බුබුලු නිවා දැමුනු අතර කලන විසින් උදේ කාලයේ මහන්සියෙන් එල්ලා තිබූ අලංකාර ලයිට් වැල් වලින් සහ ඉටිපන්දම් වලින් නිවසට වෙනදා නුපුරුදු අමුතු එලියක් සමඟ ජීවයක් එක් කර තිබුනි.
සෝපා එකතුවේ කුඩා පුටුවේ වාඩි වූ සඳරු චොක්ලට් එකක් හපමින් සිටියේය. ඒ අසලම බිම වාඩි වී සිටි විහඟ විටින් විට සඳරුගේ අවදානය ලබාගැනීමට මෙන් ඔහුගෙන් චොක්ලට් කැබලි යදින්නට විය. ඒ අසලින්ම බෙල්ලේ වූ රතු පැහැ රිබන් එකද සමඟ ඇපලෝත් රූපවාහිනයේ විකාශය වෙමින් තිබූ 'ජේසු උපතේ කතාව' නරඹමින් සිටියේය. සෝපාවේ ලොකු පුටුවේ වාඩි වූ මම දුරස්ථ පාලකය අතේ තබාගෙන රූපවාහිනිය වෙතට ඇස් යොමුකරගෙන සිටියෙමි.
මගේ වම් පසින් වූ කුඩා වීදුරු මේසය මත එරමිණියා ගොතාගෙන වාඩි වූ කලනද රූපවාහිනී තිරය දෙස ඔහේ බලා සිටින්නට විය. ඔහු තද රතු පැහැ කමිසය ඇඳ සිටී! සුදු පැහැ කොට (එය ඉතා...ම කොට බව කරුණාවෙන් සලකන්න) කලිසමකට ඔහු එම කමිසය හැඳ සිටියේ පලමු බොත්තම් තුන පියවීමට පවා වදනොවෙමිනි. ඔහු වාඩි වී සිටි ඉරියව්ව නිසා ඔහුගේ ඇත් දළ පැහැ සිහින් දෙපා මනාවට දිස් වූයේ මගේ ස්වයං පාලනයේ ගුණත්මක බාවය පිලිබද මටම ප්රශ්න කිරීමට ඉතුරු කරමිනි. තද රතු පැහැ ඔහුට අලංකාර ලෙස ගැලපුනි. මේසය මත ඔහු වාඩි වී සිටි ආකාරයෙන් මට ඔහුව ඇස් කොනින් පෙනුනේ සුදු පැහැති මල් පෝච්චියකට දැමූ විශාල රෝස් මල් පොකුරක් මෙනි. මට අවැසි වී තිබූ එකම දෙය නම් මල් පොකුරේ සුවඳ විඳීමය.
"මොකද?" සඳරු හිටිගමං කීවේ බිම වාඩි වී තමා දෙසට අතපාගෙන සිටි විහඟ දෙස බලාය.
"දෙනවකෝ එකක්!" ඔහු චොක්ලට් එක දෙස බලාපොරොත්තු සහගතව බලමින් කීවේය.
"දැං දුන්නේ!" සඳරු කීවේය.
"තව එකක්...!" විහඟ යදී.
![](https://img.wattpad.com/cover/295582761-288-k147866.jpg)
ESTÁS LEYENDO
"අපි යාලුවෝ" -කියලා හිතාගෙන ඉන්නවා
Romance"බලන්න සංදීප්... හඳ පායලා!" "ම්ම්..." මමත් හඳට අවධානය යොමු කලෙමි. අහසේ හඳ දීප්තිමත්ව බැබලෙමින් තිබුනි. "හඳ පායපු දවසට කවුරුත් තරු ගැන කතා කරන්නේ නෑ නේද?" "එන්න අපි එහෙනම් තරු ගැන කතා කරමු..!" ♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡ හඳක් අයිති නැති අහසකට ආදරේ කරපු තර...