පාලුව මෙතරම් නපුරුද?

652 129 9
                                    

"මිස්ටර් ෆනෑන්ඩෝ. මෙන්න මම ෆයිල් ටික මෙතනින් තියලා යන්නම්" මගේ තාවකාලික (සමහරවිට නිත්‍ය විය හැක) සෙකට්‍රි නෝනා මගේ මේසය මත ෆයිල් කන්දක් අතඅරිමින් කීවාය.

ඇයට පිලිතුරක් දීමට කරදර නොවූ මම වීදුරු බිත්ති හරහා පෙනෙන කොළඹ නගරයේ ව්‍යාකූලත්වය දෙස බලා සිටියෙමි. ඔහු මේ කොහේහෝ තැනක සිටිනු ඇති. සමහරවිට මාව මතක් වෙනවා ඇති. කලන... ඔහු පිටවී ගොස් දැං මසකට වඩා වැඩිය. මම ඔහුව සෙවීමට සෑම අයුරින්ම උත්සාහය කලෙමි. මම ඔහුගේ නිවසේ ලිපිනය සෙවීමට තැත් කිරීමේදී සඳරු හොයාගත්තේ ඔහු ලිපිනය ලෙස ලබා දී ඇත්තේ ඔහුගේ කොළඹ නවාතැනේ ලිපිනය බවයි. ඔහුගේ ජංගම දුරකතන ක්‍රියා විරහිත වී බොහෝ කල්‍ ය. අපි පොලීසියේ සහය පැතීමට උත්සාහ කලත් විහඟ කීවේ කලන ගොස් සිටියේ ඔහුගේ කැමැත්තෙන්ම නිසා අපිට ඔහු ගැන පැමිනිල්ලක් දැමිය නොහැකි බවයි.

මම සඳරු සහ විහඟ මාරුවෙන් මාරුවට විහඟගේ බෝඩිමට සතියකට දෙසැරයක් වත් ගියේ ඔහුගැන යම් තොරතුරක් වේදැයි සෙවීමට පමනක් නොව, නිවසේ තනිවූ මාලා නැන්දාගේ සුවදුක් විමසීමටය. අපව ආදරයෙන් පිලිගන්නා ඇය අපව රසවත් ආහාරවේල් ගණනාවකින් පුරවා ඇපලෝට දීමට කියා කෑම ඔතාද දෙයි. පසුව අපට වැටහී ගියේ මාලා නැන්දා අපේ පැමිණීම ආදරණීයව බලාපොරොත්තු වන බවයි. ඇය සඳරුට සහ විහඟට බොහෝ කැමති විය. ඔවුන් දෙදෙනා එකිනෙකා හා පෙමින් වෙලී පසුවන බව ඇයට කීපසු ඇය දැන් ඔවුන්ට ඊටත් වඩා ආදරයෙන් සලකයි. ඇය සඳරුගේ කැරලි කොණ්ඩය තෙල් ගා සම්බාහනය කර එක එක හැඩ වලට බොහොම ආසාවෙන් පීරයි. විහඟ සමඟ කුස්සියට වදින ඇය රසබර බරසාර කෑමවලින් අපේ කුස පුරවයි. ඇපලෝට විවිධකාරයේ සෙල්ලම්බඩු ගෙනෙන ඇය මේ මසක කාලය තුල අපේ පවුලේ ලඟම මිතුරියක වූවාය. අපි නිතරම ඇය ගැන සොයා බලමින් කලන නැති පාලුව ඇයට නොදැනීමට වගබලා ගත්තෙමු.

අනෙක් පසින් මම අපායක දිවි ගෙවමින් සිටියෙමි. කලනගේ හදිසි පිටවීම නිසා මගේ පෙර සිටි තාවකාලික සෙකට්‍රි නෝනා නැවත තනතුරට පත් විය. ඇය ඇගේ කටයුතු ඇයට හැකි උපරිමයෙන් කල අතර මාවද පුදුමයට පත් කරමින් මට පාඩුවේ ඉන්නට ඉඩ හැරියාය. ඇය මා සමඟ කතා කලේ අත්‍යවශ්‍යම විටෙක පමනි. කලන භාවිතා කල මේසයට අත වත් තැබීමෙන් වැලකුණු ඇය මගේ කාර්යාලය කාමරයට පිටතින් කොටසක ඇගේ මේසය තබාගත්තාය. ඒ නිසා කාර්යාලය කාමරයේ තනිවූයේ මම සහ කලනගේ මතක පමනි. ඔහු ලියන විය ඇසෙන කොළ පෙරලන හඬ දැන් නැත. ඔහු කාර්යාලයේ දූරකතනයට කරන සිහින් මිමුනුම් දැන් නැත. ෆයිල් මිටි තුරුල් කරගෙන කාමරය හරහා සෙමින් පාද තබන ඔහුගේ රුව දැන් නැත. මා දෙස බලා මට පාන ලැජ්ජාශීලී සිනහව දැන් නැත. ඔහු දැන් නැත.

"අපි යාලුවෝ" -කියලා හිතාගෙන ඉන්නවාWhere stories live. Discover now